අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

මොනිකා බ්‍රෑන්ඩ්ස් විසින් රචිත ලිපි

පොඩි ගැටළු ගණන් නොගන්න

“පොඩි ගැටළු ගණන් නොගන්න” යන කියමන අසා ඇද්ද? ඒ ඩිජිටල් ලෝකයේ අළුත් ගැටළු ගැන කියවෙන දෙයකි. අන්තර්ජාලය භාවිතා කරන්නෝ නැවත නැවත උවමනාවෙන් අපහාසාත්මක, හානිදායක ප්‍රවෘත්ති නැවත නැවත පළකරති. “පොඩි ගැටළු ගණන් නොගෙන” සිටී නම් ඔවුන්ගේ උත්සාහය සාර්ථක වන්නේ නැත.

අනිවාර්යෙන්ම ඵලදායී කථාවට උනන්දුවක් නැති අය මුණ ගැසීම අළුත් දෙයක් නොවේ. හිතෝපදේශ 26:4 පවසන්නේ අහංකාර නොපිළිගන්නා පුද්ගලයෙකු සමග වාදයට යෑම ඔවුන්ගේ…

ඔබ නිස්කලංකව සිටිය යුතුය

ඔබ නිස්කලංක වන්න” ඩිස්නිගේ ගැළවුම්කරුවෝ යට යන චිත්‍රපටියේ වෛද්‍යවරයා සැහැල්ලුවෙන් කියයි. ඒ විල්බර් නැමැති තුවාල වූ මුහුදු ලිහිණියාට ප්‍රතිකාර කරමිනි. විල්බර් අකීකරු රෝගියෙකි. “නිස්කලංක? මම නිස්කලංක තමයි” විල්බර් උත්තර දෙයි. ඌ නිස්කලංක නැති බව හොඳින් පෙනේ. උගේ තැති ගැන්ම වැඩිවන විට “මම තවත් නිස්කලංක උනොත් මම මැරෙයි” යයි ඌ අපහාසයෙන් මෙන් උත්තර දෙයි.

වෛද්‍යවරයාගේ අමතු ක්‍රම (චර්ම ස්නායු කැපීමට බන්ඩි කියතක්…

අගනා

මගේ අගනා.... එම කථාව ටොල්කින්ගේ ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස් කථාවේ පළමුවෙන් ප්‍රදර්ශනය කෙරුණි. ගොලම් නැමැති වැහැරුණ රූපය සහ ඔහුගේ බලය ඇති “වටිනා මුද්ද” කෑදරකමේ දැඩි ආශාවේ සහ වියරුවේ වත්මන් සංකේතයක් වී ඇත්තේය.

එසේම එය කරදරකාරී සම්බන්ධතාවයෙහි රූපකයකි. මුද්ද සමග ඇති කර ගෙන තිබෙන ප්‍රේම-වෛර සම්බන්ධය පෙන්නුම් කරන්නේ අපගේ සිත්වල ඇති පිපාසයයි. එය එක් දෙයක් කෙරෙහි අවධානය යොමු කළද නැතිනම් තව…

ප්‍රේමය සහ සමාදානය

සාමය - බලවත් විස්තර කළ නොහැකි සාමය අපගේ දුක්බරම අවස්ථාවල පවා අපගේ සිත් පූර්ණ කිරීම මට විශ්මය ගෙන දෙන්නේය (පිලිප්පි 4:7). මෑතකදී මගේ පියාගේ ගුණ සැමරුම් උත්සවයකදී මම එය අත්දුටුවෙමි. සානුකම්පාවෙන් පිරි මිතුරෝ පෝලිමේ අවුත් අපට ශෝකය ප්‍රකාශ කළෝය. මාගේ උසස් පාසැලේ මිතුරෙක් දැක මම සැනසුනෙමි. වචනයක්වත් කථා නොකල ඔහු මාව වැළඳ ගත්තේය. ඒ මොහොතේ එම අසීරු දිනයේ දුක මධ්‍යයෙහි…

රාත්‍රියේ ගීතයක්

මාගේ පිියාගේ ජීවිතය බලාපොරොත්තුවේ ජීවිතයක් විය. ඔහු පූර්ණතාවය බලාපොරොත්තුවෙන් සිටියේය. පාකින්සන් රෝගය ටිකින් ටික ඔහුගේ මනසද ශරීරයද බිලිගනිමින් සිටියේය. ඔහු සාමයට ආශාවිය. නමුත් දැඩි මානසික අවපාතයකින් ඔහු පීඩාවට පත් විය. ඔහු ආදරය සහ සැලකිල්ල බලාපොරොත්තු විය. නමුත් බොහෝ විට ඔහු විශාල තනිකමකින් පෙළුණි.

නමුත් 42 වන ගීතය කියවන විට ඔහුගේ තනිකම අඩුවන බවක් ඔහුට දැණුණි. ඔහුගේ ප්‍රියතම ගීතිකාව වූයේ 42…

භයංකාර සහ අලංකාර දේවල්

බිය නිසා අපි ගල් ගැසෙමු. බියවීමට සියලු හේතු අපි දනිමු. අතීතයේ අපට තුවාල කළ සියලු දේ, නැවත අපට එසේ කිරීමට හැකි දේවල්! සමහර විට අපි සිරවී සිටිමු. පසුපසට යා නොහැක. ඉදිරියට යාමට බිය වැඩිය. "මට ඒක කරන්න බැහැ. මම දක්‍ෂ නැහැ. ශක්තියක් නැහැ. නැවත ඒ විදිහට තුවාල මට දරා ගන්න බැහැ".

දෙවියන්වහන්සේගේ අනුග්‍රහය මෘදු හඬකින් ගත්කතු ෆ්‍රෙඩ්රික් බුක්නර් කරන විස්තරයට…

අපගේ මිතුරන්ට

එමිලි බ්‍රොන්ටේගේ "වදරින් හයිට්ස්" නැමති නවකථාවේ දබරකාරී පුද්ගලයෙකු අන් අය විවේචනය කිරීමට නිතරම බයිබලය භාවිතා කරන්නේ "අන් අය වෙහෙසට පත් කරන තම ධර්මිෂ්ඨකමින් පිරි පරිසියෙකු ලෙසය. ඔහු බයිබලය පිරික්සීමට රේක්කයක් හෝ භාවිතා කර පොරොන්දු ඔහුට අදාළ කර ගෙන ශාප අසල්වාසීන් වෙත විසිකරන කෙනෙක්" කියාය.

එය උපහාසාත්මක වාක්‍යයකි. එය අපට සමහරුන් මතකයට ගෙන ආ හැකිය. නමුත් අප සියල්ලෝ ටිකක් ඊට සමාන…

සුවයේ ජලගැල්ම

මම සෑම විටම විදුලි කුණාටුවලට ආශා කළෙමි. කුඩා දරුවන්ව සිටි කාලයේ කුණාටුවක් විදුලි කෙටීම් සහ දැඩි වර්ෂාවක් සමග පතිත වන විට මාත් මාගේ සහෝදරයනුත් එළියට පැන වත්ත වටේ වියරුවෙන් මෙන් දුවන්නෙමු. ලිස්සමින් රූටායමින් වැටි වැටී යන්නෙමු. වර්ෂාවට බත්වී මඩ නාගෙන නැවත ගේ තුළට යන්නෙමු.

එය ඉතා ප්‍රීතිජනක තෘප්තියකි. එතරම් බලවත් දෙයකින් පෙඟී සිටින නිසා අපි ඇත්තෙන්ම ප්‍රීති වෙමුද? නැතිනම් බියෙන් සිටිමුද?…

සම්පූර්ණ අසම්පූර්ණත්වය

මාගේ විශ්ව විද්‍යාල දේශකයෙකු මා කිසි අඩුවක් නැතිව වැඩ කිරීමට යාම නිසා වේලාව ගතවන බව දැක මට ණැනවත් උපදෙස් කිහිපයක් දුන්නේය. "සම්පූර්ණවීම යහපතේ සතුරෙකු වන්නට දෙන්න එපා" යයි ඔහු කීවේය. සෑම දෙයක්ම සම්පූර්ණ ලෙස කිරීමට උත්සාහ කිරීම වර්ධනයට අවශ්‍ය අවදානම නැති කරන බව ඔහු තවදුරටත් පැවසීය. මාගේ වැඩ සැම විටම අසම්පූර්ණ වනු ඇත යන සත්‍යය පිළිගැනීම වර්ධනය වීමට මට නිදහස…

වියවුලේදී ආශීර්වාද කිරීම

මම මෙම අවුලට වැටුණා. මමම මේකෙන් ගොඩ එන්න ඕනෑ. සමහර විට මම එසේ කල්පනා කරමි. මම අනුග‍්‍රහයේ දෙවි කෙනෙකු විශ්වාස කළද සමහර විට මා ක‍්‍රියා කරන්නේ මා සුදුසු නම් පමණක් මට උන්වහන්සේගේ උපකාරය ලැබේ යයි සිතාගෙනය.

එය කෙතරම් අසත්‍යද යන්න යාකොබ්ට දෙවියන්වහන්සේ මුල් අවස්ථාවේ මුණ ගැසුණු ආකාරයෙන් පෙනේ.

යාකොබ් තම ජීවිත මඟ වෙනස් කර ගැනීමට ජීවිත කාලයම පාහේ ගත කළේය.…