1994දී, දකුණු අප්‍රිකාව වර්ණභේදවාදී (බලගතු වාර්ගික වෙන් කිරීම) ආණ්ඩුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බවට පත් කළ විට, වර්ණභේදවාදය යටතේ සිදුවූ අපරාධවලට දඬුවම් දිය යුතු ආකාරය පිළිබඳ දුෂ්කර ප්‍රශ්නයකට මුහුණ දුන්නේය. රටේ නායකයින්ට අතීතය නොසළකා හැරිය නොහැකි නමුත් වැරදිකරුවන්ට දැඩි දඬුවම් පැනවීම හේතුවෙන් රටේ ප්‍රශ්නය වඩාත් ගැඔුරු කිරීමේ අවදානමක් තිබුණි. දකුණු අප්‍රිකාවේ පළමු කළු ඇන්ග්ලිකානු අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටු “සමාව නොමැතිව අනාගතයක් නැත,” යන පොතේ විස්තර කර ඇති පරිදි, “අපට යුක්තිය, පළිගැනීමේ යුක්තිය නිසා අළු වල වැතිරුණු දකුණු අප්‍රිකාවක් තිබෙන්නට පුළුවන.”

සත්‍ය හා සමගි කිරීමේ කමිටුව පිහිටුවීම තුළින් නව ප්‍රජාතන්ත්‍රවාදය සත්‍යය, යුක්තිය සහ දයාව ලුහුබැඳීමේ දුෂ්කර මාවත තෝරාගත්තේය. අපරාධවලට වැරදිකරුවන් වූ අයට, ඔවුන් තමන්ගේ අපරාධ පිළිගෙන නැවත පිහිටුවීමක් සොයන්නට කැමැත්තක් දැක්වුවහොත්, ඔවුන්ට නැවත යථා තත්ත්‍වයට පත්කිරීමේ මාවතක් ලබා දෙන ලදී. රටට සුවය සොයා ගත හැක්කේ සත්‍යයට නිර්භීතව මුහුණදීමෙන් පමණි.

එක් අතකින්, දකුණු අප්‍රිකාවේ ගැටළුව, අප මුහුණ දෙන අරගල වලට සමානයි. යුක්තිය සහ දයාව යන දෙකම ලුහුබැඳීමට අපව කැඳවනු ලැබේ (මීකා 6:8), නමුත් දයාව බොහෝ විට වරදවා වටහාගෙන ඇත්තේ ගණන්දීමක් නොමැතිකමක් ලෙසත්, යුක්තිය ලුහුබැඳීමට යුක්තිය පළිගැනීමක් වශයෙන් විකෘති කිරීමක් ඇති විය හැකිය.

අපගේ එකම ඉදිරි මාවත “නපුරට වෛර කරන” (රෝම 12:9) ප්‍රේමයක් පමණක් නොව, අපගේ “අසල්වැසියාගේ” හැරීම හා යහපත ආශා කරන ප්‍රේමයකි (රෝම 13:10). ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයේ බලයෙන්, යහපතෙන් නපුර පරාජය කිරීමේ අනාගතයක් තිබීමේ තේරුම අපට ඉගෙන ගත හැකිය (රෝම 12:21).