අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ඒමී පීටර්සන් විසින් රචිත ලිපි

දෙවියන්වහන්සේ ගැන කථා

2018 දී බාර්නා කණ්ඩායම කළ සමීක්‍ෂණයකදී හෙළි වූයේ බොහෝ ඇමෙරිකානුවන් දෙවියන්වහන්සේ ගැන කථා කිරීමට අකමැති බවයි. ආත්මික කාරණා ගැන නිතිපතා කථා කරන්නේ ඇමරිකානුවන්ගෙන් සියයට හතක් පමණි. ඇමෙරිකාවේ යේසුස්වහන්සේව ප්‍රායෝගිකව අදහන අයගේ ප්‍රතිශතයේද එතරම් වෙනසක් නැත. සතිපතා සභාවට සහභාගී වන්නෝද කීවේ ඔවුන් සතියකට වරක් පමණක් ආත්මික දේවල් කථා කරන බවයි.

ආත්මික දෙබස් අඩුවීම විශ්මයක් නොවේ. දෙවියන්වහන්සේ ගැන කථා කිරීම භයානක විය…

ප්‍රේමයේ මංගල්‍යය

ඩෙන්මාර්ක් චිත්‍රපටියක් වන බැබට්ගේ මංගල්‍යය යන්නෙහි ප්‍රංශ ජාතික බැබට් නම් සරණාගතයෙකු වෙරළබඩ ගමකට එන්නීය. වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකු ඇයව තම නිවසට ගනිති. ඒ දෙදෙනා ආගමික සමූහනයක නායිකාවන්ය. වසර දහහතරක් බැබට් එම නිවසේ ගෘහ පාලිකාවක් ලෙස වැඩ කළාය. බැබට් විශාල මුදලක් එකතු කර ගත් පසු ප්‍රංශ ක්‍රමයේ දිවා ආහාරයක් සඳහා සභාවේ සියලු දෙනාට ආරාධනා කළාය. මත්ස්‍ය බිත්තර සහ වටුවන් සමග ප්‍රණීත ආහාර…

සුදුසු ප්‍රතිකර්මය

අපි බහාමියානු පැරණි වනාන්තරය නැරඹීමට ගියෙමු. අපගේ මග පෙන්වන්නා ශාඛ ගැන විස්තර කළේය. මම ඒවා ලියා ගතිමි. ඔහු විෂ ලී ගස අපට පෙන්වීය. “මේ ගසෙන් කළු දියරයක් පිටවෙනවා. ගෑවුනොත් වේදනාකාරීයි. බිබිළි මතු වෙනවා. නමුත් ප්‍රශ්නයක් නැහැ. විෂ නාශකය ඒ අසළම වැඩෙමින් පවතී. ළඟම තිබෙන මැලියම් ගසේ රතු පොත්ත බිබිළිවල අතුල්ලන්න. එවිට එකෙණෙහිම සුව වීම ආරම්භ වන්නේය” කියා ඔහු කිවේය.

මවිත…

සම්බන්ධතාවයන් සඳහා අපව මවා තිබේ

බොහෝ රටවල තනිව සිටින පුද්ගලයන්ට පවුලක් සොයා දීමේ කර්මාන්තයක් දැන් වර්ධනය වී ගෙන යන්නේය. සමාජ උත්සවයක් පවත්වා ඔවුන් ප්‍රීතිමත් පවුලක සිටින බව හැඟවීමට සළස්වන්නේය. සමහරු දුර සිටින නෑයින් මෙන් රඟපෑමට නළුවන්ද ගෙන එති. තනිවූ අය ආශා කරන පවුල් සම්බන්ධතාවයක් ඔවුන්ට කෙටි කාලයකට ලැබෙන බව ඔවුන්ට හැඟී යන්නේය.

මේ ප්‍රවණතාවය මූලික සත්‍යයක් එළිදරව් කරයි. මනුෂ්‍යයින් මවා ඇත්තේ සම්බන්ධතාවයෙන් සිටින පිණිසය. උත්පත්ති…

අධ්‍යාපනයට අතදීම

මාගේ සය හැවිරිදි පුත්‍රයා වන ඕවන් ලෑල්ලක කරන අලුත් ක්‍රීඩාවක් ලැබීම ගැන ඉතා සතුටු විය. නමුත් පැය භාගයක් පමණ එහි නීති කියවු පසු ඔහු අධෛර්යයට පත් විය. එය ක්‍රියාත්මක වන ආකාරය ඔහුට සොයා ගැනීමට නොහැකි විය. නමුත් පසුව එම ක්‍රීඩාව දන්නා මිතුරෙකු පැමිණි පසුව ඕවන් තම ත්‍යාගය ගැන ප්‍රීති වන්න පටන් ගත්තේය.

ඔවුන් ක්‍රීඩා කරනවා බලා සිටින මට සිතුණේ අත්දැකීම්…

ස්වාමින්වහන්සේ සතුටු වන සේක

මෑතකදී මගේ ආච්චී මා හට පැරණි ඡායාරූප පිරි කවරයක් එව්වාය. මා ඒවා දෙස බලමින් සිටින විට ඉන් එකක් මාගේ ඇසට යොමු විය. එවිට මාගේ වයස අවුරුදු දෙකකි. මම උදුනක් අසළ වාඩිවී සිටිමි. එහි අනෙක් පැත්තෙහි මගේ පියා මවගේ කරට අත දා ගෙන සිටියි. දෙදෙනාම මා දෙස ආදරයෙන් සහ ආශාවෙන් බලා සිටිති.

සෑම උදෑසනකම දැකිය හැකි වන පරිදි මම එය මගේ…

අපට එකිනෙකා අවශ්‍ය වේ

මාගේ දරුවන් සමග විනෝද ගමනක් යන අතර අප යන පාරෙහි තිබූ දුනු හැඩයෙන් යුක්ත ළා කොළපාට පැළයක් දුටුවෙමි. එහි අසළ තිබුණාවූ පුවරුවක සඳහන්ව තිබුණේ එය මුව වනස්ස බවය. නමුත් එය වනස්ස පැළෑටියක් නොවේ. එය පාසි වර්ගයකි. එය තවත් හතු පැළෑටියක් සමග එකට අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකින් වැඩෙන්නේය. එක පැළෑටියකින් අනික පෝෂණය වන්නේය. පැළ දෙකට තනි තනිව ජීවත් විය නොහැකිය. නුමුත් එක්වූ විට…

බලා ගෙන!

මා හැදුණේ වැඩුනේ දකුණේ ඌෂ්ණාධිත නගරවලය. ඒ හෙයින් මා උතුරට පැමිණී විට හිම වැටෙන දිගු කාලවල ආරක්‍ෂිතව රිය පැදවීම ඉගෙනිමට මට කාලය ගත විය. මාගේ පළමු අධි ශීත කාලයෙහි තුන්වරක් මම හිම ගොඩවල් වල අතරමං වීමි. නමුත් මාස කිහිපයකට පසු හිම කාලවල පැදවීම මට පහසු විය. මම අධි පහසු තත්ත්වයකට පත්වීමි. ඒ හෙයින් ප‍්‍රවේශම් වීම අත් හැරියෙමි. මා කළු අයිස්…

වස්තුව සෙවීම

"වැළලූ වස්තුව". එය දරුවන්ගේ කථාන්දරයක් වැනිය. නමුත් විකෘති කෝටිපති ෆොරස්ට් ෆෙන් ඩොලර් මිලියන දෙකක් වටිනා රන් බඩු පෙට්ටියක් රොකී කඳුකරයේ වළලා ඇති බවට කථාවක් ඇත. බොහෝ අය එය සොයා ගොස් ඇත. තවද සැඟවුනු වස්තුව සොයා ගොස් සිව් දෙනෙකු මිය ගොස්ද ඇත.

හිතෝපදේශ කර්තෘ නැවතී සිතීමට දෙයක් ඉතිරිකර තිබේ. එවැනි සෙවීමක් කිරීමට වටිනා වෙන යමක් තිබේද? හිතෝපදේශ 4 හි යහපත් ජීවිතය…

මාගේ සත්‍ය ස්වභාවය සොයා ගැනීම

"මම කව්ද?" මික් ඉන්ක්පෙන් විසින් රචිත නතිං නම් ළමා කථා පොතෙහි දුර්වර්ණවූ පුරවන ලද සතෙක් අසන ප්‍රශ්නය එයයි. ගබඩාවක දූවිලි වැසුණු කොණක සිටින මෙම සතා බඩු අදින කම්කරුවන් නතිං කියා තමන් අමතනවා අසා තමාගේ නම නතිං යයි සිතයි. එහි අර්ථය "කිසිවක් නැති" යන්නයි.

අනෙක් සතුන් සමග ගැටෙන විට ඔහුගේ පැරණි මතකයන් ඉස්මතු වේ. ඔහුට වලිගයක්, රැවුලක් සහ ඉරි තිබූ බව…