මාගේ දරුවන් සමග විනෝද ගමනක් යන අතර අප යන පාරෙහි තිබූ දුනු හැඩයෙන් යුක්ත ළා කොළපාට පැළයක් දුටුවෙමි. එහි අසළ තිබුණාවූ පුවරුවක සඳහන්ව තිබුණේ එය මුව වනස්ස බවය. නමුත් එය වනස්ස පැළෑටියක් නොවේ. එය පාසි වර්ගයකි. එය තවත් හතු පැළෑටියක් සමග එකට අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකින් වැඩෙන්නේය. එක පැළෑටියකින් අනික පෝෂණය වන්නේය. පැළ දෙකට තනි තනිව ජීවත් විය නොහැකිය. නුමුත් එක්වූ විට එය ශක්තිමත් පැළෑටියකි. එය වසර 4500 ක් පමණ කඳුකර පෙදෙස්වල පවතී. නියඟය සහ ශීතලට ඔරොත්තු දෙයි. තද ශීත කාලයේ කැරීබු නැමැති පිණි මුවන්ට ලැබෙන ආහාර කිහිපයෙන් එකකි.

එම පැළෑටි අතර සම්බන්ධතාවය මට පෙන්නුම් කරන්නේ අපගේ මනුෂ්‍ය සම්බන්ධතාවයන්ය. අපි වර්ධනය වී පෝෂණය වන්නට එකිනෙකා වෙත යැපෙන්නෙමු. අපි එකිනෙකාට සම්බන්ධව සිටීම වැදගත් වන්නේය.

කොලොස්සියේ ඇදහිලිවතුන්ට ලියමින් පාවුල් විස්තර කරන්නේ අපගේ සම්බන්ධතා තිබිය යුතු ආකාරයයි. අපි “දයාබර හිතක්ද ගුණවන්තකමක්ද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන” (කොලොස්සි 3:12) එකිනෙකාට සමාව දෙමින් “එක ශරීරයක අවයවයෝ” මෙන් (15 පදය) සමාදානයෙන් ජීවත් විය යුතු වන්නෙමු.

අපගේ පවුලේ අය සහ මිතුරන් සමග සාමයෙන් ජීවත්වීම සෑම විටම පහසු නැත. නමුත් අපගේ සම්බන්ධතාවලදී යටත්කම සහ සමාව පෙන්වීමට ආත්මයාණන් අපව බලගැන්වූ විට අප එකිනෙකාට දක්වන ප්‍රේමය ක්‍රිස්තුස්වහන්සේව අප තුළින් පෙන්නුම් කරන අතර (යොහන් 13:35) දෙවියන්වහන්සේට මහිමයද දෙන්නේය.