සංහිඳියාවේ තානාපති
ආචාර්ය මාර්ටින් ලූතර් කිං (කනිෂ්ඨ) 1957 ඉරිදා උදෑසන දේශනා කරන අතර වර්ගවාදයෙන් පිරී සිටි සමාජයකට විරුද්ධව ක්‍රියා කිරීමට පැමිණි පරීක්ෂාවට විරුද්ධව ඔහු සටන් කළේය.
"ඔබගේ සතුරන්ට ප්‍රේමකිරීම ඔබ ක්‍රියාත්මක කරන්නේ කෙසේද?" කියා ඇලබාමාහි මොන්ට්ගොමරි නගරයේ බැප්ටිස්ට් සභාවේ සාමාජිකයන්ගෙන් ඔහු ඇසුවේය. "ඔබගෙන් පටන් ගන්න... ඔබගේ සතුරා පරාජය කිරීමට ඔබට වේලාව පැමිණි විට, එය නොකිරීම ඔබට ලැබෙන අවස්ථාවයි."
යේසුස්වහන්සේගේ වචන උපුටා දක්වමින්…
පාළු නත්තල
නත්තලින් පසු පැමිණි ලිපි ගොන්න මැද තිබී මාහට වටිනා වස්තුවක් හමු විය. එය ප්‍රතිචක්‍රීකරණය කළ කඩදාසියක මුද්‍රණය කළ නත්තල් කාඞ්පතකි. සරල පින්සල් පාර කිහිපයකින් එහි සදාහරිත ශාඛ සහිත කඳුකර සිසිර දර්ශනයක් මතුකර තිබිණි. එහි යටින් රතු ගෙඩි සහිත හොලීගස් මැද අතින් ලියූ මේ පණිවිඩය විය: "ඔබට සමාදානය වේවා!"
කලාකරුවා සිරගතව සිටි, මගේ මිත්රයෙකි. මා ඔහුගේ චිත්‍රය අගය කරන අතර ඔහුට…
රෝම සාමය
යුද්ධයේ මිළ කිසි කෙනෙකුට දැරිය නොහැකිය. දැනට රටවල් විශාල ප්‍රමාණයක් යුද ගැටුම් වල පැටලී සිටින බව එක් වෙබ් අඩවියක් සඳහන් කරයි. ඒවා කෙසේ, කොහොම අවසන් වනු ඇද්ද? අපට සමාදානය අවශ්‍යවේ. එහෙත් එ් සාධාරණය පරදුවට තබා නොවේ.
යේසුස්වහන්සේ "සාමයේ" යුගයක උපන්සේක. එහෙත් එම සාමය තිබුණේ තදබල පීඩනයකින් සෙනඟ මර්ධනයට ලක් කරමිනි. රෝම සාමය (පැක්ස් රොමානා) පැවතුනේ රෝමය සියලු ගැටුම් මර්ධනය කළ…
හත්වන පදය
1861හි ග්‍රීෂ්ම සෘතුවේ දී හෙන්රි වෑඞ්ස්වත් ලෝංග්ෆෙලෝගේ භාර්යාව වන ෆ්රාන්සස් ගින්නකට හසුවී ශෝචනීය ලෙස මියගියාය. ඇය නැතිව සිටි පළමු නත්තලේදී ඔහු තම දිනපොතේ "නිවාඩුව කෙතරම් දුක්බරද? කීමට වචන නැත" කියා ලියුවේය. ඊළඟ අවුරුද්ද ඊට වඩා හොඳ වූයේ නැත. "ශුභ නත්තලක්!" යැයි දරුවෝ කියති. "එහෙත් මට එය එසේ නොවේ" කියා ඔහු ලීවේය.
1863දී ඇමරිකානු සිවිල් යුද්ධය නොනැවතී ඉදිරියට ගිය අතර ලොන්ග්…
නත්තල් ආරාධනය
අනුග්රහයේ ත්‍යාගය: දෙවියන්වහන්සේ මා ආලෝකයට යොමුකරන සේක.
අන්ධකාරයෙහි ඇවිද්දාවූ සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝය. මරණ සෙවණ ඇති දේශයෙහි විසූ අය කෙරෙහි එළියක්…
බලාපොරොත්තු කඩවීමෙන් එහා
තමාට තවත් නැගණියක ලැබෙන්න යන්නේ යැයි දැගන්නා කුඩා දරුවාගේ වීඩියෝව ඔබ සමහර විට දැක ඇත. ඔහු අඬමින් විලාප දෙන්නේ "ඔක්කොම කෙල්ලෝ, කෙල්ලෝ, කෙල්ලෝ"! කියාය. එය මිනිස් බලාපොරොත්තු වලට මනහර ලෙස එබී බැලීමකි. එහෙත් බලාපොරොත්තු කඩවීම් වල කිසි විනෝදයක් නැත. අපගේ ලෝකය එ්වායින් පිරී ඇත. බයිබලයෙහි එක් කථාවක් බලාපොරොත්තු කඩවීම් වලින් පිරී ඇත. තම ස්වාමියාගේ දියණිය වන රාඛෙල් සමඟ විවාහ වීම…
බලවත් ෆින්ලන්ත ජාතිකයෝ
නපුරු ශබ්දයක් දුරින් ඇසෙන්න පටන් ගත්තේය. ඉන්පසු එය පොළොව දෙදරන බියකරු හඬක් බවට පත්විය. ඉක්මණින්ම සිය ගණන් යුධ ටැංකි සහ පාබල හමුදාවේ දහස් ගණන් පෙනෙන්ට පටන් ගත්තේය. ෆින්ලන්තයේ සිටි සොල්දාදුවන්ට වඩා කිහිප ගුණයකින් විරුද්ධවාදියෝ වැඩිවූහ. මිනීමරු තර්ජන ඉදිරියෙහි එක් ෆින්ලන්ත ජාතිකයෙක් ශබ්ද නගා පැවසුවේ "මේ ඔක්කෝම වළලන්නේ කොහේද?" කියාය.
ෆින්ලන්ත ජාතිකයින් දෙවන ලෝක යුද්ධයේදී එවැනි ධෛර්යයක් පෙන්වීමට වසර 2600කට ප්‍රථම,…
හරයේ ඇත්තේ උඩඟුවයි
"ඔහු සිතන්නේ ඔහු ලොකු මිනිහෙක් කියලා." අප දන්නා හවුල් කිතුනුවෙකු ගැන මාගේ මිත්‍රයාගේ ඇගයීම එය විය. ඔහු තුළ යම් උඩඟුකමේ ආත්මයක් ඇති බව අපි දුටිමු. ඔහු බැරෑරුම් වැරදි වල ඉක්මනින්ම පැටලිණ. අප ඒ ගැන ඉතා දුක්වීමු. ඔහුගේ හිස උදුම්මාගැනීමෙන් ඔහුට ලැබුණේ කරදර පමණි. එය අපටද වියහැකි බව අපට තේරුණි.
අපගේ සිත් වල ඇති උඩඟුකම අවතක්සේරු කර ගැනීම පහසුය. අප ඉගෙන…
අපට පළතුරු තිබේ!
තරුණ මවක් තම තෙහැවිරිදි දැරියට දිවා ආහාරය, සකසමින් සුසුම් ලෑවාය. ඔවුන්ගේ කුඩා කුස්සියේ තිබූ හිස් පළතුරු වට්ටිය දෙස බලා ඇය ශබ්ද නගා කීවේ "අපට පිරිච්ච පළතුරු වට්ටියක් තිබුණා නම් අපි පොහොසත් කියලා මට හිතෙනවා" කියාය. ඇයගේ කුඩා දියණියට එය ඇසුණි.
සති කිහිපයක් ගෙවී ගියේය. දෙවියන්වහන්සේ කුඩා පවුල නඩත්තු කළසේක. දිනක් ඇයගේ කුඩා දියණිය කුස්සියට දිව ආවාය. "අම්මේ බලන්න! අපි පොහොසත්!"…
කඳුළු පිසින කඩදාසි
මා වෛද්‍යවරයා හමුවීමට පොරොත්තු කාමරයේ සිටින විට මට සිතීමට කාලය තිබිණ. මීට ටික කලකට පෙර මම මෙතැන සිටියෙමි. අපට ඇඟ සීතල වන ප්‍රවෘත්තියක් අසන්නට ලැබිණ. මාගේ සහෝදරයා මිය යාමට තරුණ වැඩිය. ඔහුගේ "මොළය මැරී" තිබිණ. එහෙයින් අද දීර්ඝ ශල්‍යකර්මයකට මුහුණ දුන් මාගේ බිරිඳගේ තත්ත්වය ඇසීමට සිටින විට මම නිශ්චලව දෙවියන්වහන්සේගේ සියුම් හඬ අපේක්ෂා කළෙමි.
හදිසියේ ආරංචියක් ආවේය. වෛද්‍ය වරයාට මා…