ඉවසා දරා ගන්නා වචන
දහනව වන ශත වර්ෂයේ මුල් භාගයේදී තෝමස් කාලයිල් විසින් දාර්ශනික ජෝර්ජ් ස්ටුවර්ට් මිල්ට සමාලෝචනය පිණිස අත් පිටපතක් ලබා දුන්නේය. කෙසේ හෝ අහම්බෙන් හෝ හිතාමතාම හෝ අත්පිටපත ගින්නකට වීසි විය. එය කාලයිල්ගේ එකම පිටපත වුනි. නැතිවූ පරිච්ඡේද නැවත ලිවීමට බිය සැක නැතුව ඔහු කටයුතු කළේය. ඔහුගේ සිතේ නොනැවතී පැවති කථාව නැවැත්වීමට ගිනිදැල් වලට නොහැකි වුනි. මහත් අලාභයක් මධ්‍යයේ පවා කාලයිල් සිය…
ඊකාබොද්ගේ පියාසැරිය
ස්ලීපි හොලෝගේ පුරාවෘත්තයේ, වොෂිංටන් අර්වින් පවසන්නේ ඊකාබෝද් ක්‍රේන් නම් පාසැල් ගුරුවරයෙක් කැටි්‍රනා නම්වූ රූමත් තරුණියක් විවාහ කර ගැනීමට ගන්නා උත්සාහයක් ගැනයි. කථාවේ ඉතා ප්‍රධාන දෙය වන්නේ යටත් විජිත ගම්බද ප්‍රදේශවල හොල්මන් කරන හිස නැති අශ්වාරෝහකයෙක් ගැනයි. එක් රාත්‍රියක ඊකාබොද් අශ්වයෙක් පිට යන අවතාරයක පෙනුමක් ඇති දෙයක් දැක භීතියෙන් කලාපය වෙතින් පලා යයි. මෙම අශ්වාරෝහකයා ඇත්ත වශයෙන්ම පසුව කැටි්‍රනා සමග විවාහ…
කඳවුරෙන් පිටත
මම හැදී වැඩුණු ඝාණාවේ ග්‍රාමීය නගරයේ වෙළඳ පොළ දිනය වූයේ සිකුරාදාය. වසර ගණනාවකට පසුව පවා මට තවමත් එක් වෙළෙන්දියක් සිහිපත් වන්නේය. ලාදුරු රෝගය නිසා ඇගේ අතේ ඇඟිලි සහ පාදවල ඇඟිලි ඛාදනය වී තිබුණි. ඇය ඇගේ පැදුර මත වැතිරී ඇගේ නිෂ්පාදන එකින් එක මල්ලෙන් ඉවතට ගත්තාය. සමහරු ඇයව මග හැරියහ. නිතිපතා ඇයගෙන් භාණ්ඩ මිළදී ගන්න මගේ මව අමතක කළේ නැත. මම…
ක්‍රියාකාරී විශ්වාසය
හමුදා කුමන්ත්‍රණයකදී සෑම්ගේ පියාට දිවි බේරා ගැනීමට පලා යන්නට සිදු වුනි. හදිසියේම ආදායම අහිමි වීම නිසා සෑම්ගේ සහෝදරයා ජීවතුන් අතර තබා ගැනීමට අවශ්‍ය ඖෂධ ලබා ගැනීම තවදුරටත් පවුලට දරා ගත නොහැකි වුනි. දෙවියන්වහන්සේ කෙරෙහි කිපෙමින් “මෙසේ වීමට අප කළේ කුමක්ද?” කියා සෑම් සිතුවේය.
යේසුස්වහන්සේගේ අනුගාමිකයෙකුට පවුලේ කරදර ගැන අසන්න ලැබුණේය. දී ඖෂධ මිළදී ගැනීමට තමා සතුව මුදල් ඇති බව දැන…
දෙවියන්වහන්සේට ආශා වීම
කොනර් සහ සාරා ස්මිත් මාර්ගයේ සැතපුම් පහක් පමණ දුරක පිහිටි නිවසකට ගිය අවස්ථාවේ ඔවුන්ගේ බළලා වන ස්මෝර්ස් උගේ අප්‍රසාදය පළ කළේ නිවසින් පලා යෑමෙනි. දිනක් සාරා ඔවුන්ගේ පැරණි ගොවිපොළේ ඡායාරූපයක් සමාජ මාධ්‍යවල දුටුවේය. ඡායාරූපයේ ස්මෝර්ස් සිටියේය.
ස්මිත් යුවළ ඔහුව ලබා ගැනීමට සතුටින් එහි ගියහ. ස්මෝර්ස් නැවතත් පලා ගියේය. ඔහු ගියේ කොහාටද කියා සිතන්න. මේ වතාවේ ඔවුන්ගේ නිවස මිළදී ගත් පවුල…
දෙවියන්වහන්සේ එහි සිටින සේක
ඕබ්රි ඇගේ වයස්ගත පියා වෙනුවෙන් ලොම් සහිත කබායක් මිළදී ගත් නමුත් ඔහු එය පැළඳීමට පෙර මිය ගියේය. ඒ නිසා ඇය දිරි ගැන්වීමේ සටහනක් සමග ඩොලර් 20 ක නෝට්ටුවක් එම කබායේ සාක්කුවට දමා එය පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කළාය.
සැතපුම් අනුවක් ඈතින් තම පවුලේ අක්රමිකතාව තවදුරටත් දරාගත නොහැකිව දහනව හැවිරිදි කෙලී කබායක්වත් නොගෙන නිවසින් පිටව ගියේය. යාමට ඇත්තේ එක් ස්ථානයක් බව…
සුව කිරීමට ගසක්
ඩොලර් 300,000 කට ඔබට නව මැක්ලරන් 720 එස් ක්‍රීඩා මෝටර් රථයක් මිළදී ගත හැකිය. වාහනය අශ්ව බල 710 ක් පොම්ප කරන V8 එන්ජිමකින් යුක්ත වන අතර එය ඔබගේ උදෑසන ගමනට අවශ්‍ය ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් වැඩිය.
ඇත්ත වශයෙන්ම ඒ සියලු බලය භාවිතා කිරීමට ඔබ පෙළඹෙනු ඇත. වර්ජිනියාවේ ජීවත්වන එක් රියැදුරෙක් ඔහුගේ මැක්ලරන් මෝටර් රථය කෙතරම් වේගවත්ද කිවහොත් එයට ඉහළ මට්ටමේ…
හිම ගැන භාවනාව
අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්තයක් වන ඔහයිඔ හි සින්සිනාටි නම් නගරයේ, බර වැඩ කරන මිනිසුන් ජීවත්වන ප්රදේශයකි. සාමාන්‍ය ජනයාගේ “ඔවර් ද රයින්” (Over the Rhine) නමින් හඳුන්වන ලද සංගීත කණ්ඩායම විසින් සෑම වසරකම නගරයේ සිදුවන පරිවර්තනයක් ගැන ගායනා කරයි.
“වසරේ පළමු සැබෑ හිමවැස්ස වැටුන සෑම විටකම, පරිශුද්ධ යමක් සිදුවනවා වාගේ දැණුනා”, සංගීත කණ්ඩායමේ සම-නිර්මාතෘ ලින්ෆර්ඩ් ඩෙට්වයිලර් පැහැදිලි කරයි. “ටිකක් නැවුම් ආරම්භයක්…
දුෂ්කර විසඳුම්
දහසය වන ශතවර්ෂයේ අවසාන භාගයේදී ඔරෙන්ජ් හි විලියම් හිතාමතාම ඔහුගේ දේශයේ ඉඩම් ජලයෙන් යට කළේය. ආක්රමණික ස්පාඤ්ඤ ජාතිකයන් පළවා හැරීමේ උත්සාහයක් ලෙස ලන්දේසි රජතුමා මෙතරම් දැඩි පියවරක් ගත්තේය. එය ක්‍රියාත්මක නොවූ අතර ප්‍රධාන ගොවිබිම් විශාල ප්‍රමාණයක් මුහුදට බිලි විය. “බලාපොරොත්තු රහිත අවස්ථාවන් වලදී බලාපොරොත්තු රහිත පියවර ගත යුතුය” කියා ඔවුහු කියති.
යෙසායාගේ දවසේදී අසිරියානු හමුදාව ඔවුන්ට තර්ජනය කළ විට යෙරුසලම…
රැළි බලපෑම
උතුරු ඝානාවේ කුඩා බයිබල් විද්‍යාලයට සිත් ඇදගන්නා සුළු පෙනුමක් නොතිබුණි - ටින් වහල සහිත ගිනියම්වූ ගල් අඟුරු (හෝ දැව අඟුරු) බ්ලොක් ගොඩනැගිල්ලක් සහ සිසුන් අතළොස්සක් පමණි. එහෙත් බොබ් හේස් ඔහුගේ ජීවිතය එම සිසුන් උදෙසා වැය කළේය. ඔහු ඔවුන්ට නායකත්ව භූමිකාවන් ලබා දුන් අතර ඉඳහිට, අකමැති වුවද, දේශනා කිරීමට හා ඉගැන්වීමට ඔවුන්ව දිරිමත් කළේය. බොබ් මීට වසර ගණනාවකට පෙර අභාවප්‍රාප්ත වූ…