අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Xochitl Dixon

සොචිටල් ඩික්සන්

..

සොචිටල් ඩික්සන් විසින් රචිත ලිපි

එකම කණ්ඩායමේ

ෆිලඩෙල්ෆියා ඊගල් කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩක කාර්සන් වෙන්ට්ස් දරුණු තුවාලයක් සුවවී නැවත ක්‍රීඩාවට අවතීර්ණ වූ විට කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයෙක් වන නික් ෆෝල්ස් ඉතා සතුටින් පිටතට ආවේය. ඔවුන් දෙදෙනා එකම ස්ථානයක තරඟ කලද ඔවුන් එකිනෙකාට උපකාර කර ගෙන තම භූමිකා ගැන ස්ථීර කමින් සිටියේය. එක් වාර්තාකරුවෙකු නිරීක්‍ෂණය කළේ ක්‍රිස්තුස්වහන්සේ තුළ මුල් බැස ඇති අසමසම සම්බන්ධතාවයක් ඔවුන් දෙදෙනාටම තිබූ බවයි. එය පෙන්නුම් වූයේ…

අපගේ උපරිමය දීම

නිවාස නැති අයගේ නිවහනකට අප ඇතුල් වූ විට එහි තිබූ පරිත්‍යාග කරන ලද සපත්තු ගොඩවල් දෙස අපේ නෙත් ඇදී ගියේය. එහි අධ්‍යක්‍ෂතුමා අපගේ තරුණ කණ්ඩායමට ආරාධනා කර තිබුණේ පාවිච්චි කරන ලද සපත්තු ගොඩවල් තෝරා වෙන් කිරීමට උපකාර කරන ලෙසටයි. අපි මුළු උදය වරුවම ගත කළේ සපත්තු ජෝඩු සොයන්නට සහ කොන්ක්‍රීට් පොළොවේ ඒවා පේළියට රැස්කර තැබීමටයි. දවස අවසානයේ අපිට ඒ සපත්තු…

ජයග්‍රහණය කළ නොහැකි බාධක නැත

වැඩිහිටි නායකයකු ලෙස, මම බාධක තරණයකට ශිෂ්‍ය ක්‍ෂේත්‍ර චාරිකාවක් සූදානම් කළෙමි. ආරක්‍ෂිත ඇඳුම් පැළඳගෙන අඩි 8ක් උසැති තාප්පයක් නඟින්නට අපි සිසුන්ට උපදෙස් දුන්නෙමු. පළමුවෙන් ගිය අය, තමන්ගේ ආරක්‍ෂක පටි විශ්වාස කරමින් පහල බලන්නේ නැතිව ඉදිරියටම යන ලෙසට අනෙක් අය දිරිමත් කළෝය. තමන්ගේ ඉණ වටා පටි සහ ගාංචු තද කරන අවස්ථාවේ අපගේ එක් ශිෂ්‍යාවක් බාධකය දෙස බලා සිටියාය. “මට මේක කොහෙත්ම…

ලා ප්ලායා හී යාච්ඤා

අපගේ විසිපස්වෙනි විවාහ සංවත්සරය සැමරීමට චාරිකාවක් ගිය අපි ලා ප්ලායා හි වෙරළේ සිට අපගේ බයිබල් කියවීමු. වෙළෙන්දන් තම බඩුවල මිළ ගණන් කියමින් අප පසුකර ගෙන ගියෝය. අපි ඔවුන්ට ස්තුති කළ නමුත් කිසි දෙයක් මිළදී නොගත්තෙමු. එක් වෙළෙන්දෙක් වන ප්‍රනාන්දු මාගේ ප්‍රතික්‍ෂේපය සිනා මුසු මුහුණින් පිළිගෙන අපගේ මිතුරන්ට තෑගි ගන්නැයි නැවත කීවේය. මම එය නොපිළිගත් විට ප්‍රනාන්දු පෙට්ටිය කර මත තබා…

එකට වර්ධනය වීම

මාගේ ස්වාමිපුරුෂයා වන ඇලන් ක්‍රීඩා පිට්ටනිය එළිය කරන විශාල ආලෝකයක් යට සිට ගෙන සිටියේය. විරුද්ධ පැත්තේ ක්‍රීඩකයෙකු පන්දුවක් ඉතා ඉහළට ගැසීය. ඔහුගේ ඇස් පන්දුව මත තබා ගෙන ඇලන් පිට්ටනියේ අඳුරුම පැත්තට ඉතා වේගයෙන් දිව ගියේය. ඔහු කම්බි වැටෙහි පැටළුණි.

එදින රාත්‍රියෙහි මම ඔහුට අයිස් බෑගයක් දුන්නෙමි. “දැන් ඔයාට කොහොමද?” කියා මම ඇසුවෙමි. ඔහු තම උරහිස පිරිමදිමින් “මගේ මිතුරෝ මම වැට…

දෙවියන්වහන්සේ සාදා දුන් මතකයන්

මාගේ වැඩිහිටි පුත්‍රයා අමාරුවක වැටුණ විට ඔහුගේ පියා වසරක් රැකියාවක් නැතිව සිටින කාලයේ ඔහු දෙවියන්වහන්සේගේ අඛණ්ඩ සැපයිම අත්දුටු ආකාරය මම කියා දුනිමි. මගේ මව ලියුකේමියා රෝගයට ගොදුරුව පරාජයවූ සටනක් කරන විට දෙවියන්වහන්සේ අපගේ පවුලේ අය ශක්තිමත් කර සමාදානය දුන් ආකාරය මතක් කළෙමි. දේව වචනය තුළ ඈඳා ඇති දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම මම ඉස්මතු කළ අතර දෙවියන්වහන්සේ තම වචනය පවත්වන්ට විශ්වාසවන්ත බව මම…

දෙවියන්වහන්සේ තේරුම් ගන්නා සේක

මෑතකදී ගෙවල් මාරු කිරීමෙන් පසු මේබල්ගේ සත් හැවිරිදි පුත්‍රයා වන රයන් තම අලුත් පාසැලේ ග්‍රීෂ්ම සෘතු කඳවුරකට යාමට සුදානම් වෙමින් කෙඳිරුවේය. මේබල් ඔහුව දිරිමත් කළාය. වෙනස්වීම අසීරු බව ඇය දන්නේ යයි ඇය රයන්ට පැවසුවාය. නමුත් එක් උදෑසනක රයන්ගේ චරිතයට පටහැනිව කෙඳිරීම තීව්ර විය. සානුකම්පාවෙන් මේබල් ඇසුවේ “ඔබට කරදර කරන්නේ මොකද්ද පුතා” කියාය.

ජනේලයෙන් පිටත බලා ගෙන රයන් කීවේ “මම දන්නෑ…

දෙවියන්වහන්සේ සමඟ වැඩ කිරීම

1962 මෙක්සිකෝවට ගිය සංචාරයකදී බිල් ඈෂ් අනාථ නිවාසයක සුළඟින් ක්‍රියාකරන වතුර පොම්පයක් අළුත්වැඩියා කිරීමට උදව් කළේය. වසර 15කට පසු, දෙවියන්වහන්සේට සේවය කිරීම පිණිස ඔහු තුළ තිබූ ගැඹුරු ආශාව නිසා, ලොවපුරා අවශ්‍යතා ඇති ගම්වලට පිරිසිදු පානීය ජලය සැපයීම පිණිස ඔහු ලාභ නොලබන ආයතනයක් ඇති කළේය. ඔහු කීවේ, “දුප්පත් ගැමි ජනතාවට ආරක්‍ෂිත ජලය ලබාදීමට ආශාවක් ඇති වෙනත් අය සොයන්නට ‘කාලයෙන් උපරිම ප්‍රයෝජන…

දෙවියන්වහන්සේගේ දයාව ක්‍රියාත්මකයි

ස්ත්‍රියක් මට නිග්‍රහකර, දොස් තියා මා ගැන ඕපාදූප කී නිසා මාගේ කෝපය උතුරා ගියා. ඇය මට කළ දේ ගැන අන් සියළු දෙනාම දැනගැනීම මට අවශ්‍ය වූවා. ඇගේ හැසිරීම හේතුවෙන් මට දැනුනු වේදනාව ඇයටත් දැනිය යුතු යයි මට සිතුනා. මගේ නළල පුපුරා යන තරම් දැඩි හිසරදයක් ඇති වන තෙක් මාගේ කෝපය බුබුලු දැමීය. එහෙත් මාගේ වේදනාව පහවෙන පිණිස යාච්ඤා කරන්නට පටන්…

අන්ධකාරයේ ආලෝකය

අපගේ අලුත් නගරය හරහා විශාල සුළි කුණාටුවක් හැමුවේය. අධික තෙතමනයක් සහ අඳුරු අහස ඉස්මතු විය. මම අපේ බල්ලා වන කැලී සමග ඇවිදීමට ගියෙමි. අපගේ පවුලේ අය ගමකට පදිංචියට ඒම මාගේ සිත බර කළේය. අප තැබූ විශාල බලාපොරොත්තුවලට වඩා සිදුවූ දේවල් බොහෝ වෙනස් වීම ගැන කණස්සල්ලෙන් යුතුව මම කැලීට තණකොළ සිඹින්න ඉඩ හැර නැවතීමි. මම අපගේ නිවස අසළින් ගලා යන දියපහරට…