විවේකයක් නොගෙන ජෝ බොහෝ විට පැය දොළහකට වඩා වැඩ කළේය. පුණ්‍ය කටයුත්තක් ආරම්භ කිරීම සඳහා ඔහුට කාලය හා ශ්‍රමය අවශ්‍ය වූ අතර නිවසට පැමිණි විට තම බිරිඳ සහ දරුවන් වෙනුවෙන් ඔහුට ඉතිරිව තිබුණේ අල්ප ශක්ති ප්‍රමාණයක් පමණි. නිදන්ගත මානසික ආතතියෙන් පසුව ජෝ රෝහල් ගත වූ අතර ඔහුට උපකාර කිරීම සඳහා කණ්ඩායමක් සංවිධානය කිරීමට ඔහුගේ මිතුරෙක් ඉදිරිපත් වුනි. ඔහු පාලනය අත්හැරීමට බිය වූවත් තමාට වර්තමාන වේගය පවත්වා ගෙන යා නොහැකි බව ජෝ වටහා ගත්තේය. ඔවුන් එකතුව තෝරා ගත් මනුෂ්‍යයන් කණ්ඩායමට වගකීම් පවරමින් ඔහු තම මිතුරා හා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට එකඟ විය. වසරකට පසුව, දෙවියන්වහන්සේ තමාට එවූ උපකාරය ප්‍රතික්‍ෂේප කර තිබුණේ නම් පුණ්‍යායතනය සහ ඔහුගේ පවුල කිසි දිනෙක සමෘද්ධිමත් නොවන බව ජෝ පිළිගත්තේය.

ප්‍රේමණීය ප්‍රජාවකගේ සහාය නොමැතිව වෙහෙසෙන්න දෙවියන්වහන්සේ මනුෂ්‍යාව සැළසුම් කර නැත. නික්මයාම 18 හි මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ව පාළුකරය හරහා ගෙන ගියේය. තමා විසින්ම ගුරුවරයෙකු, උපදේශකයෙකු සහ විනිශ්චයකාරයෙකු ලෙස දෙවියන්වහන්සේගේ සෙනගට සේවය කිරීමට මෝසෙස් උත්සාහ කළේය. ඔහුගේ මාමණ්ඩිය පැමිණී විට ඔහු මෝසෙස්ට උපදෙසක් දීමට ඉදිරිපත් විය. “නුඹද නුඹ සමග සිටින මේ සෙනගද ඒකාන්තයෙන්ම මැරී යන්නහුය. මක්නිසාද මේ කාරණය නුඹට බර වැඩිය. නුඹට පමණක්ම එය ඉෂ්ට කිරීමට නොහැකිය” (නික්මයාම 18:18) කියා යෙත්‍රෝ පැවසුවේය. විශ්වාසවන්ත අය සමග වැඩ බර බෙදා ගැනීමට ඔහු මෝසෙස්ව දිරිමත් කළේය. මෝසෙස්ද උපකාරය පිළිගත් අතර මුලු සමූහනයම ප්‍රයෝජන ලැබීය.

අපි එකතුව වැඩ කරන කල දෙවියන්වහන්සේ තම සියලු සෙනග තුළින් වැඩ කරන බවට අපි විශ්වාස කරන විට අපට සැබෑ විවේකයක් ලබා ගත හැකිය.