හත්වන සියවසේදී, දැන් එක්සත් රාජධානිය ලෙස හඳුන්වනු ලබන රාජධානියේ බොහෝ රාජධානි තිබුණු අතර ඔව්හු නිතරම යුද්ධ කර ගත්හ. නෝර්ටුම්බ්‍රියාවේ ඔස්වල්ඩ් නම් එක් රජෙක් යේසුස්වහන්සේගේ ඇදහිලිවන්තයෙක් වූ අතර ශුභාරංචිය තම ප්‍රදේශයට ගෙන ඒම පිණිස ඔහු එක මිෂනාරිවරයෙක් කැඳවූයේය. කෝර්මන් නම්වූ මනුෂ්‍යයෙක් යවන ලද නමුත් තත්ත්වය යහපත් නොවීය. ඉංග්‍රිසින් “මුරණ්ඩු”, “ම්ලේච්ඡ” සහ ඔහුගේ දේශනා ගැන උනන්දුවක් නොදක්වන නිසා ඔහු ආපසු හැරී නිවසට ගියේ කලකිරීමෙනි.

එයිඩ්න් නම්වූ භික්‍ෂුවක් කෝර්මන්ට මෙසේ පැවසුවේය. “මම හිතන්නේ ඔබ සිතනවාට වඩා ඔබගේ නූගත් අසන්නන්ට දැඩිවුවා කියාය”. නෝර්ටුම්බ්‍රියන්වරුන්ට “වඩාත් පහසු ධර්මයේ කිරි” වෙනුවට කෝර්මන් ඔවුන්ට උගන්වා ඇත්තේ ඔවුන්ට ග්‍රහණය කර ගැනීමට අපහසු වූ දහමකි. එයිඩ්න් නෝර්ටුම්බ්‍රියාවට ගොස් ජනතාවට තේරුම් ගැනීමට හැකි වන පරිදි ඔහුගේ දේශනාවන් සකස් කර ගත් අතර දහස් ගණනක් යේසුස්වහන්සේගේ ඇදහිලිවතුන් බවට පත්වුණි.

එයිඩ්න් මෙම සංවේදී ප්‍රවේශය දේව වචනයෙන් ලබා ගත්තේය. “මම නුඹලා දැඩි කෑමෙන් නොව කිරෙන් පෝෂණය කළෙමි. එසේ කළේ නුඹලා ඒවා දරන්ට බැරිව සිටි නිසාය. එසේය. දැනුත් බැරිය” (1 කොරින්ති 3:2) යනුවෙන් පාවුල් තුමා කොරින්තිවරුන්ට පවැසුවේය. හෙබ්‍රෙව්හි සඳහන් වන පරිදි ජනතාවගෙන් නිවැරදි ජීවිතයක් බලාපොරොත්තු වන්න පෙර යේසුස්වහන්සේ ගැන මූලික ඉගැන්වීම් වන පසුතැවීම සහ බෞතිස්මය ගැන ග්‍රහණය කර ගත යුතු වන්නේය (හෙබ්‍රෙව් 5:13-6:2). පරිණතභාවය අනුගමනය කළ යුතු අතර (5:14) අපි පිළිවෙල මග නොහැර සිටිමු. මස් වලට පෙර කිරි පැමිණේ. තමන්ට නොතේරෙන ඉගැන්වීම්වලට ජනතාව කීකරු වන්නේ නැත.

නෝර්ටුම්බ්‍රියන්වරුන්ගේ ඇදහිල්ල අවසානයේදී රට තුළ හා ඉන් ඔබ්බටද පැතිර ගියේය. එයිඩ්න් මෙන් අන් අය සමග ශුභාරංචිය බෙදා ගැනීමේදී ඔවුන් සිටින තැනදීම අපි ජනතාව හමුවෙමු.