සදාකාලයටම විශ්වාසවන්ත දෙවියන්වහන්සේ
සේවියර් ප්‍රාථමික සිසුවෙකුව සිටියදී මම ඔහුව පාසැලටත් පාසැලෙන් නිවසටත් ගෙනාවෙමි. එක් දිනක් සියල්ලම සැළසුම් කළ ආකාරයට සිදු නොවීය. ඔහුව ගැනීමට මම ප්‍රමාද වූයෙමි. මෝටර් රථය නවත්වා කලබලයෙන් මෙන් යාච්ඤා කරමින් මම ඔහුගේ පංති කාමරය වෙත දිව ගියෙමි. ඔහු තම පොත් බෑගය වැළඳගෙන ගුරුවරියක් අසළ බංකුවක වාඩිවී සිටියේය. “මට සමාවෙන්න මිජෝ. ඔයා හොඳින්ද?” ඔහු සුසුමක් හෙළුවේය. “මම හොඳින්. නමුත් ඔබ ප්‍රමාද…
වැඩිපුර අනුග්‍රහය අවශ්‍ය වේ
සභාවේ විශේෂ උත්සවයක් සඳහා අප එය සරසමින් සිටින අතර මගේ අත්දැකීම් මදකම ගැන නායකත්වය දැරූ කාන්තාව කෙඳිරුවාය. ඇය මා වෙතින් යන තුරු සිට තව කාන්තාවක් පැමිණ “ඇය ගැන වද වෙන්න එපා. ඇයට අප කියන්නේ වැඅඅ කියලා - ඒ කියන්නේ “වැඩිපුර අනුග්‍රහය අවශ්‍යයි” කියලා”.
මම සිනහසුණෙමි. වැඩිකල් නොගොස් කෙනෙක් සමග ගැටුමක් ඇති විය. මමද ඒ ලේබලය භාවිතා කළෙමි. මම ඒ සභාවේම…
යේසුස්වහන්සේ අනුකරණය කිරීම
“වෙස් වළා ගැනීමේ හපනෙක්” ඉන්දුනීසියානු මුහුදේ සහ පර්වත බාධකයේ ජීවත් වේ. මෙම වෙස් වළාගන්නා බූවල්ලාට අනෙක් බූවල්ලන්ට මෙන් තම සමෙහි වර්ණය අවට පරිසරයට මිශ්රවීම සඳහා වෙනස් කර ගත හැකිය. සිංහ මත්ස්‍යයා සහ විෂ සහිත මුහුදු සර්පයින් රැවටීම සඳහා මෙම ණැනවත් ජීවියාට තම හැඩයද ගමන් කරන ලීලාව සහ හැසිරීමද වෙනස් කර ගත හැකිය.
වෙස් වළා ගන්නා බූවල්ලා මෙන් නොව යේසුස්වහන්සේගේ ඇදහිලිවතුන්ගෙන්…
පියවරෙන් පියවර
එක් කණ්ඩායමක තිදෙනා බැගින් වූ දුසිමක කණ්ඩායමක් පාද හතරේ තරඟයට සුදානම්ව උරෙන් උර ගැටී සිටියහ. පිට සිටින පුද්ගලයාව මැද සිටින පුද්ගලයාට වර්ණවත් පටිවල ආධාරයෙන් විලුඹ සහ දණහිස් ආසන්නයෙන් බැඳ තිබුණි. සෑම තුන්දෙනාම බලා සිටියේ අවසන් කණුව දෙසය. නලාව ශබ්ද වූ වහාම කණ්ඩායම් ඉදිරියට පැන්නෝය. බොහෝ දෙනෙක් වැටී නැවත නැගිටීමට පොර බැදූහ. ස්වල්ප දෙනෙක් ඇවිදින්නේ නැතුව පැන පැන යාමට තීරණය කළහ.…
දෙවියන්වහන්සේගේ හස්තයට අසුවන මානයේ
නිලධාරියෙක් මා පරීක්ෂා කළ පසු මම ප්‍රදේශයේ සිර ගෙට ඇතුල්වී අමුත්තන්ගේ පොත අත්සන් කොට සෙනග පිරී සිටි ශාලාවේ වාඩිවී සිටියෙමි. මම නිසලව යාච්ඤා කළෙමි. වැඩිහිටියෝ කුසු කුසු ගාමින්ද සුසුම් හෙළමින්ද සිටි අතර කුඩා දරුවෝ බලා සිටිම ගැන කෙඳිරුවෝය. පැයකට පමණ පසු තුවක්කුවක් ගත් භටයෙකු මගේ නමද ඇතුලුව නම් ලැයිස්තුවක් කියෙව්වේය. ඔහු අපේ කණ්ඩායම වෙනත් කාමරයකට ගෙන ගොස් අපට ආසන පෙන්නුවේය.…
දෙවියන්වහන්සේ දකින සේක, තේරුම්ගන්නා සේක, සැලකිලිමත් වන සේක
සමහර විට, නිදන්ගත වේදනාව සහ තෙහෙට්ටුව සමඟ ජීවත් වීම නිවසේ හුදකලා වීමට සහ තනිකම දැනීමට හේතු වේ. දෙවියන්වහන්සේට සහ වෙනත් අයට මාව නොපෙනෙන බව බොහෝ විට මට දැනී ඇත. මගේ සුනඛයා සමඟ උදෑසන යාච්ඤා පා ගමනකදී, මම මෙම හැඟීම් සමඟ පොරබදමින් සිටියෙමි. මම ඈතින් උණුසුම් වායු බැලූනයක් දුටුවෙමි. එහි කූඩයේ සිටි මිනිසුන්ට අපගේ නිස්කලංක අසල්වැසි ප්‍රදේශය, පියඹා යන කුරුල්ලන්ගේ ඇසින්…
යේසුස්වහන්සේ මෙන් ප්‍රේම කරන්න
ඇමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලන්ටා නුවර දුම්රිය ස්ථානයක දුම්රියක් එනතුරු බලා සිටින විට, සාමාන්‍ය කලිසමක් සහ කමිසයක් ඇඳගත් තරුණයෙක් එම ස්ථානයේ බංකුවක වාඩිවී සිටියේය. ඔහුට තම ටයි පටිය ඇඳීමට අපහසු බව දුටු වැඩිහිටි කාන්තාවක් ඔහුට උපකාර කිරීමට ඇගේ ස්වාමිපුරුෂයාව උනන්දු කළාය. වයෝවෘද්ධ පුද්ගලයා දණ ගසා ටයි පටිය ගැට ගසන ආකාරය තරුණයාට උගන්වන්නට පටන් ගත් විට, නාඳුනන අයෙකු තිදෙනාගේ ඡායාරූපයක් ගත්තේය. මෙම…
ප්රශංසාවේ කඳුළු
මීට වසර ගණනාවකට පෙර, මම මගේ මව සුව කිරීමට නුපුළුවන් බැවින් එවැනි රෝගීන් සිටින ස්ථානයකට ගෙන ගියෙමි. එම කාලයේදී මා ඇයව රැකබලා ගත්තෙමි. ඇගේ භාරකරු ලෙස සේවය කිරීමට උන්වහන්සේ මට ඉඩ දුන් මාස හතර ගැන මම දෙවියන්වහන්සේට ස්තූතිවන්ත වූ අතර දුක්ඛිත ක්‍රියාවලිය හරහා මට උදව් කරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටියෙමි. මගේ මිශ්‍ර හැඟීම් සමඟ පොරබඳින අවස්ථාවේදී මම නිතරම දෙවියන්වහන්සේට ප්‍රශංසා…
දෙවියන්වහන්සේගේ හඬ හඳුනාගැනීම
වසර ගණනාවක පර්යේෂණවලින් පසුව, වෘකයන්ට එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීමට උපකාර වන වෙනස් කටහඬවල් ඇති බව විද්‍යාඥයින් දැනගෙන ඇත. නිශ්චිත ශබ්ද විශ්ලේෂණ කේතයක් භාවිතා කරමින්, වෘකයෙකුගේ කෑගැසීමේ විවිධ වෙළුම් සහ ස්වර භාවිතයෙන් නිශ්චිත වෘකයන් සියයට සියයක් නිරවද්‍යතාවයකින් ඇයට හඳුනා ගැනීමට හැකි වූ බව එක් විද්‍යාඥවරියක් සොයා ගත්තාය.
දෙවියන්වහන්සේ තම ප්‍රේමණීය මැවීම්වල වෙනස් කටහඬවල් හඳුනාගැනීම පිළිබඳ බොහෝ උදාහරණ බයිබලයේ දැක්වේ. උන්වහන්සේ මෝසෙස්ට…
පව් දුරු කිරීම
අපේ ආලින්දයේ වත්තේ වතුර බටය අසල වල් පැළෑටියක් පැලවී තිබෙන බව මම දුටු විට, එය හානිකර නොවන බව දැක මම, එය නොසලකා හැරියෙමි. කුඩා වල් පැළෑටියක් අපගේ වත්තේ තණකොළ වලට හානියක් විය හැක්කේ කෙසේද? නමුත් සතියෙන් සතිය පසු වූ විට, එම කරදරකාරී පැළෑටිය කුඩා පඳුරක් තරම් වර්ධනය වී අපගේ මිදුල අත්පත් කර ගැනීමට පටන් ගත්තේය. එහි දඬු අප ඇවිදින මාර්ගයේ…