ප්‍රවර්ගය  |  Uncategorized

ඔබ කවුරුන්ද

2011 දී, දරුවන් නොමැතිව දශකයකට පසු, මගේ බිරිඳ සහ මම නව රටක ජීවිතය නැවත ආරම්භ කිරීමට තීරණය කළෙමු. මෙම පියවර ප්‍රබෝධමත් වූවත්, ඒ සඳහා මගේ නිවේදක වෘත්තියෙන් ඉවත් වීමට අවශ්‍ය වූ අතර එය මට මග හැරුණි. පාළුවක් දැනුණු මම මගේ මිතුරෙකු වන ලියම්ගෙන් උපදෙස් ඉල්ලා සිටියෙමි.

“තවදුරටත් මගේ කැඳවීම කුමක්දැයි මම නොදනිමි,” කලකිරීමෙන් යුතුව මම ලියම්ට කීවෙමි. “ඔබ මෙහි නිවේදන…

අන්‍යෝන්‍ය දිරිගැන්වීම

තවත් සතියකට පසු තවත් සෞඛ්‍යමය පසුබෑමකට ලක්ව, මම සෝෆාව මත වැතිරුණෙමි. කිසිම දෙයක් ගැන සිතීමට මට අවශ්‍ය නොවීය. මම කිසිවෙකු සමඟ කතා කිරීමට පවා කැමති නොවීමි. මට යාච්ඤා කරන්න පවා අපහසු විය. මම රූපවාහිනිය ක්‍රියාත්මක කළද, අධෛර්ය සහ සැකය මගේ ශරීරයේ අමාරුකම් වලට එකතු වී තිබුණේය. කුඩා දැරියක් ඇගේ බාල සොහොයුරා සමඟ කතා කරන ආකාරය දැක්වෙන වෙළඳ දැන්වීමක් මම නැරඹීමට…

අනතුරු ඇඟවීමේ ශබ්ද

කිසියම් දිනක ඔබ විෂඝෝර නයෙක් (rattle snake) අසළ සිටියේද? එසේ නම්, ඔබ ඌ ළඟට යන විට ‘කට - කට‘ යන ශබ්දය අධික වන බව ඔබ අසා ඇති. කරන්ට් බයලොජි නොහොත් වර්තමාන ජීවවිද්‍යාව නමැති විද්‍යාත්මක සඟරාවේ පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ තර්ජනයක් ළං වන විට මෙම සර්පයන් ඔවුන්ගේ ශබ්දය වැඩි කරන බවයි. මෙම “ඉහළ-සංඛ්‍යාත” නොහොත් අධික ගැස්ම හේතුකොටගෙන උන් අප සිතනවාට වඩා…

උණුසුම් ආහාරයක්

බාබකියු කළ කුකුලු මස්, බෝංචි, ස්පැගටි, රෝල්ස්. ඔක්තෝම්බර් මාසයේ සිසිල් දිනක, නිවසක් නැති පනස් හතර දෙනෙකුට පමණ මෙම උණුසුම් ආහාර වේල ලැබුණේ සිය පනස් හතර වැනි උපන් දිනය සමරන කාන්තාවක්ගෙනි. මෙම කාන්තාව සහ ඇගේ මිතුරියන් ආපන ශාලාවක ඇගේ සුපුරුදු උපන්දින රාත්‍රී ආහාරය අත්හැරීමට තීරණය කර, ඒ වෙනුවට චිකාගෝහි වීදිවල ජීවත්වන මිනිසුන්ට ආහාර පිසීමට සහ පිරිනැමීමට තෝරා ගත්තෝය. උපන්දින තෑග්ගක් ලෙස…

මා සමඟ ගමන් කරන්න

මීට වසර කිහිපයකට පෙර, ශුභාරංචි ගායක කණ්ඩායමක් ගායනා කරන “යේසු මා සමඟ ගමන් කරයි” යන ගීතය ජනප්‍රිය ගීත දත්ත සටහන් වලට ඇතුළත් වූයේය. පද රචනය පිටුපස ප්‍රබල කතාවක් ඇත.

ජෑස් සංගීතඥ කර්ටිස් ලුන්ඩි විසින් ගායන කණ්ඩායම ආරම්භ කරන ලද්දේ ඔහු කොකේන් නමැති මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ප්‍රතිකාර සඳහා වැඩ සටහනකට ඇතුළු වූ අවස්ථාවේදීය. සෙසු ඇබ්බැහි වූවන් එකට එකතු කරමින්…

ඉතා අලංකාරයි

මම ආරෝග්‍ය ශාලාවක ළදරුවන් සඳහා වෙන් කර තිබූ කාමරයක ජනේලයෙන් බැලූ විට අලුත උපන් බිළිඳකු පළමු වතාවට දැක්කෙමි. එකල මම යෞවන වියේ සිටියෙමි. මගේ නොදැනුවත්කම නිසා, හිසකෙස් නැති, කේතුකාකාර හිසක් ඇති, කුඩා රැලි සහිත දරුවෙකු දැකීමෙන් මගේ සිත කැලඹුණි. කෙසේ වෙතත්, අප අසල සිටගෙන සිටී දරුවාගේ මවට, “ඔහු ලස්සනයි නේද?” කියා සෑම කෙනෙකුගෙන්ම ඇසීම නතර කළ නොහැකි විය. මට ඒ…

ආශිර්වාද ලත් පසුතැවීම

“බ්‍රෝක්” (බංකොලොත්) යනු ග්‍රේඩිට පටබැඳුනු නාමය වූ අතර එම අකුරු ඔහුගේ වාහන අංක තහඩු මත ආඩම්බරයෙන් කැපී පෙනෙන සේ ඉස්මතු කර තිබුණි. අධ්‍යාත්මික අර්ථයෙන් අදහස් නොකළත්, එම නම මැදිවියේ සූදුකාරයාට, සල්ලාලයාට සහ රැවටිලිකාරයාට හොඳින් ගැළපෙයි. ඔහුගේ ජීවිතය කැඩි බිඳී ගොස් තිබූ අතර, බංකොලොත් වී, දෙවියන්වහන්සේගෙන් ඉතා ඈත්ව තිබුණි. කෙසේ වෙතත්, එක් සන්ධ්‍යාවක හෝටල් කාමරයකදී දෙවියන්වහන්සේගේ ආත්මයාණන් විසින් ඔහු වැරදිකරුවෙකු බව…

කල්පවත්නා බලාපොරොත්තුව

වෛද්‍යවරුන් විසින් සිව් හැවිරිදි සොලමන්ට ඩුෂන් නම්වූ මාංශ පේශි දුර්වල වීමේ රෝගයක් ඇති බව හඳුනා ගන්නා ලදී. (ඩුෂන් මස්කියුලර් ඩිස්ට්‍රොෆි DMD යනු මූලික වශයෙන් පිරිමි ළමයින්ට බලපාන දරුණු මාංශ පේශි ආබාධයකි). වසරකට පසුව, වෛද්‍යවරු පවුලේ අය සමඟ රෝද පුටු ගැන සාකච්ඡා කළහ. නමුත් සොලමන්, ඔහුට රෝද පුටුවක් භාවිතා කිරීමට අවශ්‍ය නොවන්නේය කියා විරුද්ධ විය. පවුලේ අය සහ මිතුරන් ඔහු වෙනුවෙන්…

බලාපොරොත්තු සහ ආශාවන්

මම එංගලන්තයට ගිය විට, ඇමරිකාවේ නිවාඩු දිනයක් වූ “ස්තුති දීම,” නොවැම්බර් මාසයේ තවත් එක් බ්‍රහස්පතින්දා දවසක් බවට පත්විය. මම සති අන්තයේ උත්සවයක් සූදානම් කළත්, එදින පවුලේ අය සහ මිතුරන් සමඟ සිටීමට මම ආශා කළෙමි. නමුත් මගේ ආශාවන් මටම අනන්‍ය නොවන බව මට වැටහිණි. විශේෂ අවස්ථා සහ නිවාඩු දිනවලදී අපට ආදරය කරන අය සමඟ සිටීමට අපි කවුරුත් ආශා කරන්නෙමු. අපි සමරන…

අපගේ අනාගතය ගැන දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම

2010 දී, ලස්ලෝ හැන්යෙච් (Laszlo Hanyecz) විසින් බිට්කොයින් (bitcoin) නැමති ඩිජිටල් මුදල් වර්ගය මාර්ගයෙන් පළමු මිලදී ගැනීම කළේය (ඩිජිටල් මුදල් ඒකකයක් එවකට සතයක් බැගින් වටිනාකමින් යුක්තය). ඔහු බිට්කොයින් 10,000 ක් ගෙව්වේ ඩොලර් 25ක් වටිනා පීට්සා දෙකක් මිළදී ගැනීම සඳහාය. 2021 දී, වසර තුළ එහි ඉහළම අගය වන විට, එම බිට්කොයින්වල වටිනාකම ඩොලර් මිලියන 500 කට වඩා වැඩි වනු ඇත. වටිනාකම…