ප්‍රවර්ගය  |  Uncategorized

දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී ගයන්න

ගෝලකමට කැඳවීමේ සමුළුවේදී මැද-බස්නාහිර ග්‍රීෂ්ම සෘතුවේ ඌෂ්ණය මුළු සතියේදීම අපට දැණුනි. නමුත් අවසාන දිනයේදී සිසිල් කාලගුණයකින් අපගේ දවස පිරුණි. ලැබුණු කාලගුණයටත් දෙවියන්වහන්සේ කළ පුදුමාකාර වැඩ වලටත් ස්තුතිවන්ත වෙමින් සිය ගණනක් දෙවියන්වහන්සේට නමස්කාර කිරීම සඳහා එක් වූහ. දෙවියන්වහන්සේ ඉදිරියෙහි මුළු හදවතින්ම ගායනා කිරීම සඳහා හදවත, ආත්මය, ශරීරය හා මනස උන්වහන්සේට පූජා කිරීමට නිදහස ලැබුණු බවට බොහෝ දෙනෙකුට හැඟුණි. දශක ගණනාවකට පසුව…

යේසුස් යන ලේබලය

“පුතේ, මට ඔබට දීමට බොහෝ දේ නැත. නමුත් මට හොඳ නමක් ඇත. එබැවින් එය අවුල් නොකරන්න”. ජොනී බේටිස් විසින් එම ඥානවන්ත බර වචන කියා සිටියේ තමන්ගේ පුත් ජෙරොම් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය සඳහා නිවසින් පිටත්ව යන විටදීය. තමාට ඇමෙරිකානු වෘත්තීය පාපන්දු විශේෂ සම්මාන ලබා දුන් දවසේ පිළිගැනිීමේ කථාවේදී ජෙරොම් තම පියාව උපුටා දැක්වීය. ජෙරොම් සිය ජීවිත කාලය පුරාම තමා සමග ගෙන…

ශෝකය සඳහා ශබ්ද මාලාවක්

හියු සහ ඩිඩී තම එකම දරුවා ස්වර්ගයට යන්න හරිද්දී ඉන්පසුව තමන්ට කුමක් කියා ගන්නේදැයි ගැන පොර බැදුවෝය. දරුවෙක් අහිමි වූ දෙමාපියෙක්ගේ ශෝකය ගැන විස්තර කිරීමට ඉංග්‍රීසි භාෂාවෙන් නිශ්චිත වචනයක් නැත්තේය. ස්වාමි පුරුෂයා නොමැති බිරිඳ වැන්දඹුවක් වන්නේය. බිරිඳක් නැති ස්වාමි පුරුෂයා කනවැන්දුම් පුරුෂයෙක් ලෙස හඳුන්වනු ලබයි. දෙමව්පියන් අහිමි වූ දරුවෙක් අනාථයෙක් ලෙස හඳුන්වනු ලබන්නේය. දරුවෙක් අහිමි වූ දෙමාපියන් නිර්වචනයක් නොමැති වේදනාවෙන්…

තේරුමක් නැති දේවල් තුළින් ප්‍රීතිය සෙවීම

“මම කම්මැලි දේවල් වලට කැමතියි” යන බ්ලොග් අඩවියේ නිර්මාතෘ ජේම්ස් වෝඞ් විසින් “කම්මැලි සමුළුව” නමින් සමුළුවක් 2010 දී දියත් කළේය. එය ඒකාකාරී, සාමාන්‍ය හා නොසළකා හරින ලද එක් දින සැමරුමකි. අතීතයේදී කිවිසුම් යාම, විකුණුම් යන්ත්‍ර නිපදවන ශබ්දය සහ 1999 තීන්ත මුද්‍රණ යන්ත්‍ර වැනි අර්ථ විරහිත මාතෘකා ගැන කථිකයින් කථා පැවැත්වීය. මාතෘකා නීරස විය හැකි නමුත් කථිකයන්ට උදාසීන විෂයක් ගෙන එය…

වැසි දිනයන්

කෝවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස ටෙනසිහි කුඩා ව්‍යාපාර හදිසියේම වසා දැමූ විට තම සේවකයින් රැකබලා ගන්නේ කෙසේද, කුලිය ගෙවන්නේ කෙසේද සහ අර්බූදයෙන් බේරෙන්නේ කෙසේද යන්න ගැන සාප්පු හිමියෝ කණස්සල්ලට පත්වූහ. ඔවුන්ගේ කණස්සල්ලට ප්‍රතිචාර වශයෙන් නෑෂ්විල් අසළ දේවස්ථානයක දේවගැතිවරයා මෙම ව්‍යපාරික අයිතිකරුවන්ට මුදල් සැපයීමේ මුල පිරීමක් ආරම්භ කළේය.

“වෙනත් අය අමාරු කාලයක් ගත කරන විට අපට වැසි දින අරමුදලක් මත සිටිය…

සැනසිල්ල බෙදා ගැනීම

මගේ දුව හේලී මා බැලීමට පැමිණි විට ඇගේ තුන් හැවිරිදි පුතා වන කැලම් අමුතු ඇඳුමක් ඇඳ සිටිනවා මම දුටුවෙමි. ඒ “ස්ක්‍රැච්මීනොට්” (මාව කසන්න එපා) කියා දැක්වෙන අත් දිගු කමිසයකි. එහි අත් දෙකට මිට්න්ස් හෙවත් බොක්සිං ක්‍රීඩා අත්වැසුම් දෙකක් සවිකර තිබුණි. මගේ මුණුපුරා වන කැලම් නිදන්ගත සමේ රෝගයකින් පෙළෙන අතර කැසීම නිසා ඔහුගේ සම රළු වී තුවාලද ඇති කරයි. මෙම කමිසය…

අන් අයව යේසුස්වහන්සේ වෙතට ළඟා කරවීම

දශකයකට පෙර ඔවුන් යේසුස්වහන්සේගේ නාමය දැන ගෙන සිටියේ නැත. පිලිපීනයේ මින්ඩනාඕ කඳුකරයේ සැඟවී සිටි බන්වාන් වැසියන්ට බාහිර ලෝකය සමග එතරම් සම්බන්ධයක් නොතිබුණි. බඩු භාණ්ඩ සඳහා දින දෙකක ගමනක් ගත විය හැකි අතර රළු භූමි ප්‍රදේශයෙහි දැඩි දුෂ්කර ගමනක් යා යුතු වේ. ලෝකය ඔවුන් ගැන සළකිල්ලක් දැක්වූයේ නැත.

ඉන්පසු හෙලිකොප්ටරයකින් කලාපය තුළට සහ ඉන් පිටතට මිනිසුන්ව එහාට මෙහාට ගෙනෙමින් සේවය කිරීමට…

සීනුව නාද කරන්න

විශ්මිත විකිරණ ප්‍රතිකාර වට තිහකින් පසුව ඩාර්ලා පිළිකාවෙන් නිදහස් බව ප්‍රකාශ කරන ලදී. රෝහල් සම්ප්‍රදායේ කොටසක් ලෙස ඇයගේ ප්‍රතිකාරයේ අවසානය සනිටුහන් කළ “පිළිකාවෙන් තොර සීනුව” නාද කිරීමටද ඇයගේ සම්පූර්ණ සෞඛ්‍යභාවය සැමරීමටද ඇය උනන්දු වූවාය. ඩාර්ලා ඇගේ සැමරුම් නාදයේදී ඉතා උද්යෝගිමත් හා ජවසම්පන්න වූ නිසා සීනුවට ගැට ගසා තිබූ කඹයද කැඩුණි. සියලු දෙනාම ප්‍රීතියෙන් සිනහසුණි.

ඩාර්ලාගේ කථාව මගේ මුහුණට සිනහවක් ගෙන…

සෘතුව මුදවා ගැනීම

සෘතුව මුදවා ගැනීමට ක්‍රමයක් ලීසාට අවශ්‍ය වුනි. ඇය දුටු සරත් සෘතුවේ සැරසිලි බොහෝමයක් බිහිසුණු සහ අශෝභන ආකාරවලින් මරණය සැමරීම සඳහා යොදා ගෙන තිබුණි.

අන්ධකාරයට සුලු ආකාරයකින් හෝ මුහුණ දීමට අධිෂ්ඨාන කර ගෙන සිටි ලීසා විශාල වට්ටක්කා ගෙඩියක් මත නොමැකෙන තීන්ත පෑනකින් තමාට ස්තුතිවන්ත විය හැකි දේවල් ලිවීමට පටන් ගත්තාය. පළමුවෙන් වූයේ “හිරු ආලෝකයයි”. වැඩිකල් නොගොස් ඇගේ ලැයිස්තුවට අමුත්තන්ද එකතු වුනි.…

නව කැඳවීමක්

යොවුන් කල්ලියක නායක කේසි සහ ඔහුගේ අනුගාමිකයන් ගෙවල් සහ මෝටර් රථ තුළට කඩා වැදී වෙළඳ සැල්ද කොල්ල කෑ අතර වෙනත් කල්ලි සමගද සටන් කළහ. අවසානයේදී කේසි අත් අඩංගුවට පත්වී දඬුවම් ලැබූවේය. සිරගෙදරදී ඔහු කැරළි කෝලාහලවලදී ගෙදරදී සෑදු පිහි ලබා දෙන සැපයුම් කරුවෙක් බවට පත් විය.

ටික කලකට පසුව ඔහුව හුදකලා සිර කූඩුවක තබන ලදී. කේසි සිය සිර මැදිරියේ දවල් සිහින…