යේසුස්වහන්සේ තුළ බිඳිය නොහැකි
යුද්ධයේදී ලුයී සැම්පෙරිනිගේ හමුදා යානය මුහුදට කඩා වැටී යානයේ සිටි එකොළොස් දෙනෙකුගෙන් අට දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වූහ. ලුයි සහ තවත් දෙදෙනෙක් ජීවිතාරක්‍ෂක යාත්‍රාවලට නැග සිටියහ. ඔව්හු මෝරුන්ගෙන් බේරෙමින් කුණාටු තුළින් ගමන් කරමින් සතුරු ගුවන් යානාවල වෙඩි උණ්ඩ මග හරිමින් සහ අමු මාළු සහ කුරුල්ලන් අල්ලා ආහාරයට ගනිමින් මාස දෙකක් මුහුදේ පාවුණි. අවසානයේදී ඔවුන් දුපතකට ගසා ගෙන ගිය අතර වහාම සිර භාරයට…
ක්‍රිස්තුස්වහන්සේගේ මිහිරි සුවඳ
ඇමෙරිකාවේ ටෙක්සාස්හි ලොමෙටෝ අසළ ජීවත් වූ සත්ව ගොවියෙතු මම දැන සිටියෙමි. ඔහුගේ මුණුපුරන් දෙදෙනා මගේ හොඳම මිතුරෝ වූහ. අපි ඔහු සමග නගරයට යන්නෙමු. ඔහු බඩු භාණ්ඩ මිළදී ගෙන නගරයේ ඔහු දැන සිටි සියල්ලන් සමග කථා බහ කරද්දී අපි ඔහු පසුපස ගියෙමු. ඔහු ඒ අයව නමින් දැන සිටි අතර ඔවුන්ගේ කථාද දැන සිටියේය. ඔහු අතරින් පතර නැවතී රෝගී දරුවෙක් ගැන හෝ…
ඔබේ වැට අහක් කරන්න
ගමේ පූජකතුමාට නිදා ගැනීම අපහසු වුනි. 2 වන ලෝක යුද්ධය උත්සන්න වෙද්දී ඔහු ඇමෙරිකානු සොල්දාදුවන් කණ්ඩායමකට කියා සිටියේ තම දේවස්ථානය පසෙකින් වැටක් ගසා වෙන් කර ඇති සුසාන භූමියේ ඔවුන්ගේ මියගිය සහෝදර භටයන්ව භූමදාන කළ නොහැකි බවයි. දේවස්ථානයේ සාමාජිකයන් පමණක් භූමදාන කිරීමට අවසර තිබුණි. එම නිසා ඒ මනුෂ්‍යයන් තමන්ගේ ප්‍රේමණිය මිත්‍රයාව වැටෙන් පිටත වළලා දැමූහ.
කෙසේ වෙතත් පසුවදා උදෑසන සොල්දාදුවන්ට සොහොන…
අවුලක සිට පණිවුඩය දක්වා
වෘත්තාන්ත බේස්බෝල් ක්‍රීඩකයෙක් වූ ඩැරල් මත්ද්‍රව්‍ය භාවිතයෙන් තම ජීවිතය විනාශය ආසන්නයට ගෙන ගියේය. නුමුත් යේසුස්වහන්සේ ඔහුව නිදහස් කළ අතර ඔහු වසර ගණනාවක් පිරිසිදු ජීවිතයක් ගත කළේය. අද ඔහු ඇබ්බැහිවීම් සමග පොර බදන අන් අයට උදව් කරමින් ඔවුන්ව ඇදහිල්ල වෙත යොමු කරන්නේය. ආපසු හැරී බලමින් ඔහු සහතික කරන්නේ දෙවියන්වහන්සේ තම අවුල පණිවුඩයක් බවට පත් කළ බවයි.
දෙවියන්වහන්සේට කිසිවක් අපහසු නැත. යේසුස්වහන්සේ…
දෙවියන්වහන්සේගේ අඹන ලද උපකරණය
අද දක්වා නිෂ්පාදනය කරන ලද ක්‍රීඩාවලින් උසස්ම වීඩියෝ ක්‍රීඩාව වන නින්ටෙන්ඩෝහි “ද ලෙජන්ඩ් ඔෆ් සෙල්ඩා : ඔකරිනා ඔෆ් ටයිම්” ක්‍රීඩාව ලොව පුරා මිලියන හතකට වඩා අලෙවි වුනි. මැටි වලින් සාදන ලද ඉතා කුඩා පුරාණ අර්තාපල් ගෙඩියක හැඩැති සංගීත භාණ්ඩයක් වන “ඔකරිනාවද” මෙම වීඩියෝ ක්‍රීඩාව තුළින් ජනප්‍රිය කෙරුණි.
ඔකරිනාව සංගීත භාණ්ඩයක් මෙන් පෙනෙන්නේ නැත. කෙසේ වෙතත් එය වාදනය කරන විට එහි…
කඳවුරෙන් පිටත
මම හැදී වැඩුණු ඝාණාවේ ග්‍රාමීය නගරයේ වෙළඳ පොළ දිනය වූයේ සිකුරාදාය. වසර ගණනාවකට පසුව පවා මට තවමත් එක් වෙළෙන්දියක් සිහිපත් වන්නේය. ලාදුරු රෝගය නිසා ඇගේ අතේ ඇඟිලි සහ පාදවල ඇඟිලි ඛාදනය වී තිබුණි. ඇය ඇගේ පැදුර මත වැතිරී ඇගේ නිෂ්පාදන එකින් එක මල්ලෙන් ඉවතට ගත්තාය. සමහරු ඇයව මග හැරියහ. නිතිපතා ඇයගෙන් භාණ්ඩ මිළදී ගන්න මගේ මව අමතක කළේ නැත. මම…
ජීවමාන ලේඛණයක්
සිය සීයාගේ කෘතිය අනුස්මරණය කරමින් පීටර් ක්‍රොෆ්ට් මෙසේ ලිවීය. “කෙනෙක් ඔවුන්ගේ බයිබලය කුමණ අනුවාදයක් වූවත්, එය අතට ගෙන වටහා ගන්නවා පමණක් නොව ජීවමාන ලේඛණයක් ලෙසට දේව වචනය අත්දකිමින් අවුරුදු දහස් ගණනකට පෙර මෙන් අද දවසටත් එය අදාළ සිත්ගන්නා සුළු ලේඛණයක් ලෙස පිළිගැනීම මගේ ගැඹුරුතම ආශාව වන්නේය”. පීටර්ගේ සීයා වූයේ ජේ.බී. පිලිප්ස් නම්වූ තරණ සේවකයාය. ඔහු දෙවන ලෝක සංග්‍රාම සමයේදී පැරණි…
ප්‍රේමයේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්
ඇමෙරිකානු එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයෙහි පිහිටා තිබෙන මල්හියුර් ජාතික වනෝද්‍යානයේ මීපැණි බිම්මල් ලෙස ප්‍රචලිත දිලිරයක් අක්කර 2,200 ක් පුරා ගස් මුල් හරහා පැතිර ගියේ එය මෙතෙක් හමුවූ විශාලතම ජීවියා බවට පත්වෙමිනි. එය අවුරුදු දෙදහකට වඩා වැඩි කාලයක් වනාන්තරය හරහා බෝවී ඇති අතර ගස් මරා දමමින් වැඩුණි. රයිසෝමෝර්ෆ් නමින් හැඳින්වෙන එහි මුල් අඩි දහයක් තරම් ගැඹුරු උමං සාදමින් පස තුළට හාරා…
ප්‍රඥාවේ සිට ප්‍රීතිය දක්වා
දූරකථනය නාද වු අතර මම එය ප්‍රමාදයකින් තොරව ගත්තෙමි. ඇමතුවේ අපගේ දේවස්ථාන පවුලේ පැරණිතම සාමාජිකාව වන අවුරුදු සියයකට ආසන්න වයසැති වෙහෙස මහන්සි වී වැඩ කරන කාන්තාවකි. ඇගේ නවතම කෘතියට අවසාන වගන්ති ලබා දෙමින් එය අවසන් කිරීමට ඇය මගෙන් ලිවීමේ ප්‍රශ්න කිහිපයක් ඇසුවාය. කෙසේ වෙතත් සෑම විටම කරන්නාක් මෙන් මම ඇයගෙන් ප්‍රශ්න අසමින් සිටියෙමි. ජීවිතය ගැන, රැකියාව ගැන, ආදරය ගැන, පවුල…
අංග සම්පූර්ණ තූර්ය වාදක කණ්ඩායමක් මෙන්
මගේ බිරිඳ සෑම විටම දකින්න කැමතිව සිටි රංගන ශිල්පියෙකුට සවන් දීම සඳහා ප්‍රසංග ප්‍රවේශ පත්‍රවලින් මම ඇයව පුදුමයට පත් කළෙමි. දක්‍ෂ ගායකයා කොලරාඩෝ තූර්ය වාදක කණ්ඩායමත් සමග සහභාගී වූ අතර පසුබිම “රෙඩ් රොක්ස්” හී අසමසම ස්ථානයක විය. එය මුහුදු මට්ටමේ සිට අඩි 6,000 කට වඩා උසින් අඩි 300 ක පාෂාණ දෙකක් අතර ඉදිකරන ලද එළිමහන් රඟ මඬලක් වුනි. මෙම සංගීත…