ප්‍රවර්ගය  |  Uncategorized

තව දුරටත් නොසලකා නොසිටින්න

මේ අය කෙසේ මාව සොයා ගන්නේ දැයි මම නොදනිමි. එහෙත් මා හට විශ‍්‍රාම සැලසුම් ඉගැන්වීමට ඔවුන්ගේ වැඩසටහන් වලට එන්න යැයි බොහෝ ආරාධනා ලැබේ. එය ආරම්භ වූයේ විශ‍්‍රාමිකයන්ගේ සංවිධානයකට බැඳෙන්න යැයි මට ආරාධනා ලැබූ දින සිටය. ඒ සියලු මතක් කිරීම් වලින් මට කියන්නේ "ඔබ වයසට යනවා, සූදානම් වන්න." කියාය.

මම එම ආරාධනා සියල්ල නොසලකාහැර ඇත්තෙමි. එහෙත් නදුුරු අනාගතයේදී ඔවුන්ගේ රැස්වීම් වලින් එකකට හෝ…

ඉවත්ව යාමට වේලාව

මගේ පියා ඔහුගේ මහළු වයසේදී කිතුනුවෙකුවූ පසු පරික්ෂාව පරාජය කිරීමට ඔහු යෙදූ සැලස්මෙන් මම විස්මපත් වීමි. සමහර අවස්ථාවල ඔහු කිසිවක් නොකියා එතැනින් ඉවත් විය. උදාහරණයක් ලෙස ඔහුත් අසල්වැසියෙකුත් අතර කථාවක් රණ්ඩුවක් දක්වා දුරදිග යාමට සැරසුණු විට ඔහු රණ්ඩුවීමට ඇති පරික්ෂාව පසෙක තබා මොහොතකට එතැනින් ඉවත්වයයි.

දිනක් ඔහු මිතුරන් කිහිපදෙනෙකු හමුවීමට ගිය විට ඔවුන් රා වර්ගයක් ගෙනාවෝය. මගේ පියා පෙර කාලයේ…

ධනාත්මක පුනපුනාකීම්

නිල් පෑන් භාවිතා නොකරන අමුතු පුරුද්දක් පත‍්‍රකාලාවේදියෙකු සතු විය. දිනක් සහෝදර සේවකයෙකු කඩෙන් යමක් අවශ්‍යදැයි ඔහුගෙන් ඇසුවේය. ඔහු පෑන් ටිකක් ගෙන එන්නැයි කීවේය. "එහෙත් නිල් නොවේ, නිල් පෑන් මට එපා.නිල්
බර වැඩියි. එ් නිසා නිල් හැර ඕනෑම පෑන් 12ක් ගෙනෙන්න!"  ඔහු කීවේය. ඊළඟ දවසේදී මිත‍්‍රයා ඔහුට පෑන් දුන්නේය. එ්වා සියල්ල නිල්පාට විය. ඊට හේතුව ඇසූ විට ඔහු කීවේ "ඔයා නිල්,…

ගැඹුරු පේ‍්‍රමයක් ලැබ

වසර ගණනාවකට පෙර මට බොස්ටන් නගරයෙහි කාර්යාලයක් තිබිණි. එය මුහුණලා තිබුණේ ප‍්‍රසිද්ධ ඇමරිකානු විරුවන් තැන්පත් කර තිබූ ග‍්‍රැනරි සුසාන භූමියයි. එහි ජෝන් හැන්කොක් සහ සැමුවෙල් ඇඩම්ස්ගේ සොහොන් කොත් විය. ඔවුන් නිදහස ප‍්‍රකාශ කිරීමේ පත‍්‍රිකාවට අත්සන් කළ දෙදෙනෙකි. ඊට අඩි කිහිපයකට එහායින් පෝල් රෙව්රේගේ සොහොන් කොතය.

එහෙත් සුසාන භූමියේ කව්රු කොහේ වළලා ඇත්දැයි කිසිවෙක් හරියටම දන්නේ නැත. සොහොන් ගල් බොහෝවර එහා මෙහා කර…

ඉහළ බැලීම

ජාත්‍යන්තර වෛද්‍ය තාක්ෂණික සඟරාවේ ලිපියක සඳහන්වන ආකාරයට ජංගම දුරකථනයක් දෙස ඔබගේ හිස නවාගෙන බලා සිටීම රාත්තල් 60ක බරක් ගෙල මත තබාගෙන සිටීමට සමානය. ලොව පුරා සෙනඟ මිලියන ගණනක් සාමාන්‍යයෙන් පැය 2-4ක් කාලයක් දිනපතා කියවමින් සහ කෙටි පණිවිඩ යවමින් ගත කිරීම සැලකූ විට ගෙලට සහ කොන්දට ඇතිවන සෞඛ්‍ය ගැටළුව අතිවිශාලය.

එසේම ජීවිතයේ කරදර බරින් ආත්මිකව නැවී යාමද සිදුවිය හැකිය. අපට එන…

මාගේ පුද්ගලික අවකාශය

සිංගප්පූරු විශ්ව විද්‍යාලයේ කාර්මික සැලසුම් උපාධිධාරිණියකට වැඩමුළුවකදී සමාන්‍ය දේවල් භාවිතා කරමින් පොදු ප‍්‍රශ්නයකට අලුත් විසඳුමක් සොයාගැනීමේ අභියෝගයක් ලැබිණි. ඇය කෙනෙකු සෙනඟ පිරුණු දුම්රියක හෝ බස් රියක යන විට තමාගේ පුද්ගලික අවකාශය ආරක්ෂා කරගැනීම සඳහා උපකාරවන කබායක් සෑදුවාය. කබායෙහි නැවෙන සුළු දිගැති ප්ලාස්ටික් ඇණ සවිකර තිබිණි එ්වා සාමාන්‍යයෙන් කුරුල්ලන්ගෙන් සහ බළලුන්ගෙන් මල්පැල ආරක්ෂා කිරීමට යොදා ගන්නා ඇණ වර්ගයකි.

තමන්වහන්සේ බැලීමට සහ ඇල්ලීමට…

ඔබ ගැනද බලන්න

මගේ ස්වාමිපුරුෂයා හදවත් සැත්කමකට භාජනය වූ පසු මා මුළු රාත‍්‍රියම ඔහුගේ ඇඳ අද්දර ගත කළෙමි. දහවල් මා කොණ්ඩය කැපීමට වේලාවක් දමා ඇති බව මට මතක් විය. "මම එ්ක අවලංගු කරනවා" මගේ අවුල්වූ හිසකෙස් අතගාමින් මම කීවෙමි. "අම්මේ මුහුණ සොදාගෙන ඒ වැඩේට යන්න" කියා මගේ දියණිය කීවාය.

"නැහැ නැහැ එ්කට කමක් නැහැ, මට මෙහේ ඉන්න ඕනේ" මම කීවෙමි. "මම ඉන්නම්. ඔයාව…

අබිගායිල්ගෙන් මතක් කිරීමක්

නාබල් නම් සමෘද්ධිමත් තක්කඩියෙකු සොයා දාවිත් සහ ඔහුගේ යුද විරුවෝ 400ක් ගම් සිසාරා ඇවිද ගියෝය. දාවිත්ට උපකාර කිරීම ඔහු රළු ලෙස ප‍්‍රතික්ෂේප කර තිබිණි. නාබල් හමුවීමට පෙර ඔහුගේ බිරිඳ අබිගායින් හමු නොවූයේ නම් දාවිත් ඔහුව මරා දමන්නට ඉඩ තිබිණි. ඇය හමුදාවකට අවශ්‍ය ආහාර පටවාගෙන පිටත්වී යුද භටයන් හමුවී විනාශය වැලැක්වීමට ක‍්‍රියා කිරීමට බලාපොරොත්තු වූවාය. ඔහු පළිගතහොත් සැමදා ඔහුගේ සිත දාවිත්ට…

අත්නාරින්න

1952දී ෆොලොරන්ස් චැඞ්වික් කැලිෙෆා්ර්නියා වෙරළේ සිට කැටලීනා දුපත දක්වා සැතපුම් 26ක් පිහිනීමට තැත් කළාය. පැය 15කට පසු අධික මීදුම ඇයගේ පෙනීමට බාධා කළ නිසා ඇය වියවුල් වූවාය. එහෙයින් ඇය ගමන අත්හැරියාය. ඇයගේ ගමනාන්තයට තිබුණේ තව සැතපුමක් පමණක් බව පසුව දැනගත් විට ඇයට දැඩි දුකක් ඇති විය.

මාස දෙකකට පසු නැවත ඇය වෙරළේ සිට කැටලීනා දුපතට පිහිනීම ආරම්භ කළාය. එවරත් මීදුම බාධාවක්…

අමුත්තෝ සහ විදේශිකයෝ

මම මාගේ පාපැදිය නවතා කේම්බි‍්‍රජ් නගරයේ සිතියම දෙස නැවත බැලීමි.පාරවල් සොයා ගැනීම මාගේ නිපුණත්වය නොවීය. මේ ඓතිහාසික ගොඩනැගිලි අතර තිබූ පාරවල් ජාලයේ මා අතරමංවීමට ඉඩ තිබිණි.

මාගේ ඉංග‍්‍රීසි ජාතික ස්වාමිපුරුෂයා සමඟ විවාහවී එංගලන්තයට ඇවිත් වැඩි කාලයක් නොවීය. ජීවිතය අනර්ඝ විය යුතුව තිබිණි. එහෙත් ජීවිතය  ඔහේ පාවෙනවා යැයි මට සිතණි. මා කට වසාගෙන සිටියදී අන් අය සමඟ හොඳින් මිශ‍්‍ර වී සිටියෙමි. එහෙත්…