Archives: මැයි 2017

දොස් පැවරීමේ ක‍්‍රීඩාව

මා බොහෝ දේවලට දොස් ලබා ඇති අතර එය සාධාරණය. මාගේ පාපය, පරාජය සහ අදක්ෂතාව, මිතුරන් සහ පවුලේ අයට (සමහර විට අමුත්තන්ට) දුක, කණස්සල්ල සහ කරදර උපදවයි. සමහර විට මාගේ වැරදි නොවන දේවලටද මම දොස් ලබමි. එ්වා නිවැරදි කිරීමට මට බලයක් නැත.

එසේම මම අනිත් පක්ෂයේ සිට ඇත්තෙමි. අන් අයට චෝදනා එල්ල කර ඇත්තෙමි. ඔවුන් යමක් වෙනස් විධියට නොකළේ නම් මම…

කඳුළු නැමති ත්‍යාගය

පැරණි මිතුරෙකුගේ මව මිය ගිය විට මම ඔහු ඇමතීමි. ඇය මාගේ මවගේ සමීප මිතුරියක විය. දැන් දෙදෙනාම ස්වර්ගස්ථ වී ඇත. අප කථා කරමින් සිටින විට අපගේ දෙබස හැඟීම් සහ දුක් කඳුළු අඩංගු චක‍්‍රයට පියවර මැන්නේය. බෙත් දැන් නැත, ඇය අන් අයට සැලකූ ආකාරයද එසේම විනෝදජනක තැනැත්තියක බවද මතක් වන විට සතුටු කඳුළු ගලා ගියේය.

අප බොහෝ දෙනෙකු වරක් හඬමින් සිට අනිත්…

විවෘත මංපෙත්

වැඩි දුර තොරතුරු

වසර 26ක යුද්ධය අවසන්වීමත් සමඟ, ශී‍්‍ර ලංකාවට දැන් සාමය උදාවී ඇත. උතුරු ප‍්‍රදේශයේ මාර්ග විවෘත වී ඇති අතර, දැන් යාපනය වැනි නගරයන්ට පවා දෙවියන්වහන්සේගේ පේ‍්‍රමයේ, සාමයේ හා සංහිඳියාවේ පණිවුඩය අසන්නට හැකිය. ශී‍්‍ර ලාංකීය ජනතාව වෙත දේව වචනය ගෙනයාමට අපත් සමඟ එකතුවන්න.

විවෘත මංපෙත්

වැඩි දුර තොරතුරු

වසර 26ක යුද්ධය අවසන්වීමත් සමඟ, ශී‍්‍ර ලංකාවට දැන් සාමය උදාවී ඇත. උතුරු ප‍්‍රදේශයේ මාර්ග විවෘත වී ඇති අතර, දැන් යාපනය වැනි නගරයන්ට පවා දෙවියන්වහන්සේගේ පේ‍්‍රමයේ, සාමයේ හා සංහිඳියාවේ පණිවුඩය අසන්නට හැකිය. ශී‍්‍ර ලාංකීය ජනතාව වෙත දේව වචනය ගෙනයාමට අපත් සමඟ එකතුවන්න.

අභිරහස් මර්ගයන්

මාගේ පුත‍්‍රයා චීන භාෂා පන්තිවලට යෑම ආරම්භ කළ විට ඔහු තම පළමු පන්තිය නිමවා ගෙදර ගෙන ආ සටහන් වලින් මම මවිත වීමි. දේශීය ඉංගී‍්‍රසි කථා කරන අයෙකු ලෙස එම රූපාක්ෂර වචන වලට සම්බන්ධ වන්නේ කසේදැයි සිතා ගැනීම මට අසීරු විය. එම භාෂාව දැඩි ලෙස මාහට සංකීර්ණ විය. කිසිසේත් අවබෝධ කර ගැනීමට නොහැකි විය.

සමහර විට දෙවියන්වහන්සේගේ ක‍්‍රියා මාර්ග ගැන සිතන…

තුෂ්නිම්භූතව සිටිමි

මෙම ප‍්‍රහේලිකාව මා තුෂ්නිම්භූත කළේය. දෙවියන්වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ කුමක්ද? යක්ෂයාට වඩා නපුරු කුමක්ද? එය දුගීන් සතුය ධනවත් අයට එය අවශ්‍යය. ඔබ එය කෑවොත් ඔබ මැරෙයි. පැහැදිලි පිළිතුර ගැන නොසිතා මා මනස එහා මෙහා යාමට ඉඩ හැරීමෙන් මට පිළිතුර මඟහැරී ගියේය. එනම් "කිසිදෙයක් නැත" (nothing) යන්නය. මෙම ප‍්‍රහේලිකාව මට මතක් කර දෙන්නේ මුලින්ම ඇසූ විට විසඳීමට ඉතා අසීරුවූ දැනුම පරීක්ෂාවට ලක්කළ…

උන්වහන්සේගේ නමින් සළකුණුවී

1860 ජූලි මස ලන්ඩනයේ ශාන්ත තෝමස් ආරෝග්‍ය ශාලාවේ ප‍්‍රථම හෙද පාසැල ආරම්භ විය. එය වර්තමාන කිංග්ස් කොලේජ් හි කොටසක් ලෙස තිබේ. එහි සිසුන් හඳුන්වනු ලබන්නේ නයිටිංගේල්ස් යනුවෙනි. වත්මන් හෙද ක‍්‍රමය මෙන්ම එම පාසැල ආරම්භ කරන ලද්දේ ෆ්ලොරන්ස් නයිටිංගේල් විසිනි. ක‍්‍රිමියානු යුද්ධය කාලයේදී හෙද සේවාව විප්ලවයකට භාජනය කළේ ඇයයි. හෙද හෙදියන් වීමට බලාපොරොත්තු වන අය තම පුහුණුව අවසන් කළ විට "නයිටිංගේල්පොරොන්දුව"…

කුණාටු සංසිඳුවීම

මිසිසිපි වෙරළ දෙසට කැත්රිනා සුළි කුණාටුව හමන විට විශ‍්‍රාම ගිය සභාපාලකවරයෙකු සහ ඔහුගේ බිරිඳ ආරක්ෂිත ස්ථානයකට ගියෝය. ඔවුන්ගේ දියණිය තමන් සමඟ ඇට්ලන්ටාවට එන්නැයි ඔවුන්ට ඇවිලිටි කළාය. එවිට ඔවුන් බලා ගැනීමට හැකිබව ඇය කීවාය. එහෙත් බැංකු වසා තිබීම නිසා එම යුවලට ඔවුන්ට අවශ්‍ය මුදල් ගැනීමට නොහැකි විය. කුණාටුවෙන් පසු ඔව්හු තම නිවසට ආවෝය. ඔවුන්ට බේරාගැනීමට හැකිවූයේ පාවෙමින් තිබූ ඡායාරූප කිහිපයක් පමණි.…

අපගේ ශක්තිය සහ ගීතය

සංගීත අධ්‍යක්ෂකවරයෙකු සහ සංගීත නිර්මාණකරුවෙකු වන ජෝන් ෆිලිප් සූසා, වසර සියයකට වැඩි කලක් තිස්සේ ලොව වටා සංගීත කණ්ඩායම් වාදනය කරන සංගීතයන් නිර්මාණය කළේය. ඔහු වඩාත් ප‍්‍රසිද්ධ "ආචාර පෙළපාලි රජු" ලෙසය. සංගීත ඉතිහාසඥයෙකු සහ වර්ජීනියා හමුදා සංගීත කණ්ඩායමේ මෙහෙයවන්නා වන ලොරාස් ජෝන් චිසල් කියන පරිදී බීතෝවන් සංධ්වනි සංගීතයට කළ සේවය සූසා ආචාර පෙළපාලි සංගීතයට කළේය. සෙනඟ පෙළඹවීමටද දිරිමත් කිදීමටද ජ්වලිත කිරීමටද…

ලේනුන්ගේ කථාව

මම අපගේ වත්තේ පොළොව මත දැළක් එලා එය උඩ අලංකාර ගල්පතුරු යොදමින් සිටියෙමි. මා වැඩය අවසන් කිරීමට යන විට දැලෙහි ලේනෙකු පැටලී සිටිනවා ටුවෙමි. මම මගේ අත්වැසුම් දමාගෙන සෙමින් දැලෙන් ලේනා නිදහස් කිරීමට උත්සාහ කළෙමි. පොඩි එකා මගේ ක‍්‍රියාව ගැන සතුටු නොවීය. ඌ උගේ පසුපස පාද ගසමින් මා සපා කෑමට උත්සාහ කළේය. "යාළුවා, මම නුඹට රිදවන්නේ නැහැ. කලබල වෙන්න එපා"…