පැරණි මිතුරෙකුගේ මව මිය ගිය විට මම ඔහු ඇමතීමි. ඇය මාගේ මවගේ සමීප මිතුරියක විය. දැන් දෙදෙනාම ස්වර්ගස්ථ වී ඇත. අප කථා කරමින් සිටින විට අපගේ දෙබස හැඟීම් සහ දුක් කඳුළු අඩංගු චක‍්‍රයට පියවර මැන්නේය. බෙත් දැන් නැත, ඇය අන් අයට සැලකූ ආකාරයද එසේම විනෝදජනක තැනැත්තියක බවද මතක් වන විට සතුටු කඳුළු ගලා ගියේය.

අප බොහෝ දෙනෙකු වරක් හඬමින් සිට අනිත් මොහොතේ සිනහවට මාරුවීම නැමති විස්මය අත්දැක ඇත. දුක සහ ප‍්‍රීතිය නැමති හැඟම් මෙලෙස භෞතික නිදහසක් ගෙන දීම පුදුමාකාර දීමනාවකි.

අප දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇත (උත්පත්ති 1:26). එ් නිසා සැම සංස්කෘතියකම හාස්‍යය නැතුව බැරි කොටසකි. යේසුස් වහන්සේ තුළද හාස්‍යයේ මනහර ස්වභාවයක් තිබූ බව මම විශ්වාස කරමි. එසේම වේදනාවේ දුකද උන්වහන්සේ දැන සිටි බව අපි දනිමු. තම මිත‍්‍ර ලාසරුස් මිය ගිය විට මරියා හඬනවා යේසුස්වහන්සේ දුටුසේක. උන්වහන්සේද “ආත්මයෙන් සුසුම්ලා කැළඹී” ටික වේලාවකට පසු ඇඬූසේක (යොහන් 11:33-35).

කඳුළු සමඟ අපගේ හැඟීම් පිටකිරීමේ හැකියාව විශාල දීමනාවකි. අප සලන සැම කඳුළු බිඳුවක්ම දෙවියන්වහන්සේ සටහන් කරගන්නාසේක. ගීතාවලිය 56:8 පවසන්නේ ”මාගේ කඳුළු ඔබගේ භාජනයෙහි තැබුව මැනව; ඒවා ඔබගේ පොතෙහි ලියන ලද්දේ නොවේද?” කියාය. එහෙත් අපට තිබෙන පොරොන්දුව නම් එක් දිනකදී “යේසුස්වහන්සේ… සියලූ කඳුළු පිස දමන” බවය (එළිදරව් 7:17).