වියළි, දූවිල්ලෙන් පිරි, භයංකාර කාන්තාරය යනු ජලය නොමැති ප‍්‍රදේශවේ. එ්වා ජීවිතයට හානිකරය. කාන්තාරයක් මෙන් යන වචනය සෙනඟ නැති ප‍්‍රදේශයක් විස්තර කිරීමට භවිතා කිරීම පුදුමයක් නොවේ. එහි ජීවිතය දුෂ්කරය. එය තෝරාගන්නේ කිහිප දෙනෙකු පමණි. එහෙත් සමහර විට අපට එය මඟහැරිය නොහැකිවේ.

දේව වචනයෙහි, දේව සෙනඟට කාන්තාර ජීවිතය හුරු පුරුදුය. ඉශ‍්‍රායෙලයද ඇතුළුව මැදපෙරදිග බොහෝ ප‍්‍රදේශ කාන්තාරවේ. එහෙත් හරිතවර්ණ ස්ථාන ද එහි නැත්තේම නොවේ. ඒ යොර්දාන් මිටියාවත සහ ගලීල මුහුද අවට පෙදෙසයි. දෙවියන්වහන්සේ තම සෙනඟ හදාවඩා ගැනීමට භාවිත කළේ පාළුකරයයි. උන්වහන්සේගේ සෙනඟ ආරක්ෂාව සහ දෛනික ප‍්‍රතිපාදන පිණිස උන්වහන්සේ මත විශ්වාසය තබන කල්හි උන්වහන්සේගේ යහපත්කම පෙන්වීමට එම ස්ථාන උපකාර විය (යෙසායා 48:17-19).

අද අපි බොහෝ දෙනෙකු වචනාර්ථයෙන් කාන්තාර වල ජීවත් නොවෙමු. එහෙත් අපි බොහෝ විට එවැනි කාන්තාර පෙදෙස්වලින් යන්නෙමු. සමහර විට අපි එවැනි ස්ථාන වලට පත් වෙමු. එ් අපගේ ම තීරණයක් හෝ ක‍්‍රියාවක් නිසා නොවේ. කවුරුන් හෝ අපව අත් හැරිය විට නැතිනම් අපගේ ශරීරවලට රෝග ඇතුල්වූ විට අප කාන්තාර වැනි ස්ථාන වලට යොමු වෙමු. එම ස්ථානවලදී මූලාශ‍්‍ර අවම වී ජීවිතය ගෙනයෑම අසීරුවේ.

එහෙත් කාන්තාරයක් තුළින් යෑමේ අරමුණ නම් වචනාර්ථයෙන් හෝ සංකේතාත්මකව පෝෂණය සඳහා අප දෙවියන්වහන්සේ තුළ යැපීම වේ. බහුලත්වයේ ස්ථානයක සිටියද එය මතක තබා ගත යුතු පාඩමකි.