සාර්ථක කිතුනු ව්‍යාපාරිකයෙකු ඔහුගේ කථාව අප සමඟ බෙදාගත්තේය. ඔහු ඇදහිල්ල සමඟ කරන තම අරගල සහ අති විශාල වස්තුව ගැන අවංක විය. “වස්තුව මා බියට පත්කරනවා” ඔහු කීවේය. ඔහු යේසුස්වහන්සේගේ ප‍්‍රකාශය උපුටා දැක්වීය. “ධනවතෙකු දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වීමට වඩා ඉඳිකටු සිදුරෙන් ඔටුවෙකුගේ ගමන පහසුය” (ලූක් 18:25). ඔහු ලූක් 16:19-32 හි පොහොසතා සහ ලාසරුස් ගැන කථා කළේය. එම කථාවේදී නිරයට ගියේ ධනවතාය. “පොහොසත් මෝඩයා” ගේ උපමාවද ඔහු සසල කළේය (12:16-21).

“එහෙත් මා සාලමොන් අධික වස්තුව ගැන දුන් විනිශ්චයෙන් පාඩමක් ඉගෙන ගත්තා, එය ‘නිෂ්ඵලයි’” ව්‍යාපාරිකයා ප‍්‍රකාශ කළේය (දේශනාකාරයා 2:11). ඔහු අධිෂ්ඨාන කළේ දෙවියන්වහන්සේට ඇති තමාගේ භක්තියට, ධනය, බාධාවක් කර නොගැනීමටය. එ් වෙනුවට තම ධනයෙන් අවශ්‍යතා ඇති අයට මෙහෙ කිරීමට ඔහුට අවශ්‍ය විය.

සියවස් ගණනාවක් මුළුල්ලේ සමහර අයට දෙවියන්වහන්සේ ද්‍රව්‍යමය ආශිර්වාද කර ඇත. 2 ලේකම් 17:5හි අපි යෙහෝෂාපාට් ගැන කියවන්නේ “ස්වාමීන්වහන්සේ රාජ්‍යය ඔහුගේ අතේ ස්ථීර කළසේක… වස්තුවද ගෞරවයද ඔහුට බොහෝ සේ තිබුණේය” ඔහු තම බූදලය නිසා උඩඟු නොවීය, අන් අයට පීඩා කළේද නැත. “ඔහුගේ සිතද ස්වාමීන්වහන්සේගේ මාර්ගවල ධෛර්යවත්වී” (6 පදය), “ඔහු තමාගේ පියවූ ආසාගේ මාර්ගයෙහි හැසිරෙමින් එයින් අහක් නොවී”ය (20:32).

ස්වාමීන්වහන්සේ ධනයට විරුද්ධ නැත. උන්වහන්සේ සමහරෙකුට ඉන් ආශිර්වාද කර ඇත. එහෙත් අසාධාරණ ලෙස එය උපයා ගැනීම සහ වැරදි භාවිතයට උන්වහන්සේ අනිවාර්යයෙන් විරුද්ධය. තම සියලු අනුගාමිකයන්ගේ භක්තිය ලැබීමට උන්වහන්සේ වටින්නේය.