දැන්මා කුලියට ගෙන සිටින කුඩා කාර්යාලයට මා මුලින් පැමිණි විට එහි පදිංචිව සිටියේ මැස්සන් පමණි. උන්ගෙන් බොහෝමයක් සැම කෙනෙකුම යන ගමන ගොස් තිබිණ. උන්ගේ ශරීර බිමත් ජනෙල් අසලත් තිබිණි. මා එකක් හැර ඒවා සියල්ල ඉවත් කළෙමි. එය මට හොඳින් පෙනෙන තැනක තිබෙන්නට හැරියෙමි.

එම මිය ගිය මැස්සා මට මතක් කළේ සැම දිනක්ම අප හොඳින් ජීවත් විය යුතු බවය. මරණය ජීවිතය ගැන අනර්ඝ මතක් කිරීමකි. එසේම ජීවිතය ත්‍යාගයකි. සාලමොන් කීවේ “ජීවත්වන සියල්ලන්ට බලාපොරොත්තුවක් තිබේ” යනුවෙනි (දේශනාකාරයා 9:4). මොලොව ජීවිතය අප අවට ඇති ලෝකය භුක්තිවිඳීමටද එයට ආභාෂයක් දීමටද අපට අවස්ථාවක් දෙන්නේය. ප‍්‍රීතියෙන් කා බී අපගේ සම්බන්ධතා භුක්ති විඳීමට අපට පුළුවන (7,9 පද).

එසේම අපගේ වැඩ වලින් තෘප්තියක් ලැබීමටද අපට හැකිය. සාලමොන් අවවාද කරන්නේ “නුඹේ අතට සම්බවන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න” කියාය (10 පදය). ජීවිතයේ අපගේ රැකියාව, වෘත්තිය හෝ කර්තව්‍යය කුමක් වුවද අපට වැදගත් දෙයක් කිරීමටත් එය හොඳින් කිරීමටත් හැකිය. අපට සෙනඟ දිරිමත් කර යාච්ඤා කර සැම දිනකම අවංකව පේ‍්‍රමය ප‍්‍රකාශ කළ හැකිය.

දේශනාකාරයා කර්තෘ කියන්නේ “කාලයත් හදිසි කාරණාත්… ඔවුන් සියල්ලන්ට සිද්ධවේ… (කිසිවෙකු) තමාගේ කාලය නොදැන සිටියි (11-12 පද). අපගේ මෙලොව ජීවිත කවදා අවසන් වේදැයි දැන ගැනීමට කිසිසේත් බැරිය. එහෙත් දෙවියන්වහන්සේගේ ශක්තිය සහ යේසුස්වහන්සේගේ සදාකාල ජීවනයේ පොරොන්දුව (යොහන් 6:47) මත යැපී අද දිනට ප‍්‍රීතිය සහ අරමුණක් සොයාගත හැකිය.