මා ප‍්‍රථමයෙන් එ්වා දුටුවේ විශ්ව විද්‍යාලයේ සිටින කාලයේය. ශරත් සෘතුවේ මීදුම ඇති දිනයක නගරයේ ආලෝකයෙන් මම ඈත්ව සිටියෙමි. පිදුරු ලොරියක, ශබ්ද නගන මිතුරන් සමඟින් මම ගමනක යෙදී සිටියෙමි. ක්ෂණයෙන් ආකාශය ආලෝකමත්වී ක්ෂිතිජය හරහා වර්ණ විහිදී ගියේය. මම තුස්නිම්භූත වීමි. එදින සිට අද දක්වා එම දර්ශනයෙන් මා විස්මපත් වන්නෙමි. එයට “ඖරෝරා බොරියාලිස්” හෝ උතුරු එළියැයි කියනු ලැබේ. බොහෝ විට ඒවා මා ජීවත්වන ප‍්‍රදේශයට වඩා උතුරින් දැකිය හැකි වන අතර ඉඳහිට පහළ දේශාංශ වලදීද දක්නට ලැබේ. එ්වා එක්වරක් දැක ඇති නිසා තව තවත් දැකීමට මම ආශාවෙමි. වටපිටාව හොඳ වන විට මා මෙන්ම උනන්දුවෙන් සිටින මිතුරන්ට මා කියන්නේ “සමහර විට අද රෑට… ” කියාය.

බයිබලය පුරා ස්වාමීන්වහන්සේගේ පැමිණීම විස්තර කිරීමට මහිමයත් ආලෝකයත් භාවිතා කෙරේ. ඉරත්, සඳුත් අවශ්‍ය නොවන කාලයක් පැමිණෙනවා ඇත (යෙසායා 60:19). දෙවියන්වහන්සේ තම සිංහාසනයේ සිටීම විස්තර කිරීමට යොහන් අපොස්තුළුවරයා ලියා ඇත්තේ “එහි වැඩහුන් තැනන්වහන්සේ පෙනීමෙන් සූර්යකාන්ති සහ ලෝහිතංක මැණික්වලට සමානව සිටිසේක. සිංහාසනය අවට මරකතයට සමානව පෙනෙන දේදුන්නක් තිබුණේය” (එළිදරව් 4:3).

මරකත දේදුන්න, උතුරු ආලෝකය විස්තර කිරීමට අනගි උපමාවකි. එහෙයින් මා සජීවීව හෝ වීඩියෝ තුළින් අහසෙහි අනර්ඝ ආලෝක ප‍්‍රදර්ශන දකින විට මා සිත්නනේ එය පැමිණීමට ඇතිදේ ගැන ඡායාවක් කියාය. අදද අඳුර විනිවිද උන්වහන්සේගේ ආලෝකය නික්මෙන නිසා මම දෙවියන්වහන්සේට ස්තුති කරමි.