පියුරිටන්වරුන්ගේ යාච්ඤාවක් වන “දර්ශන මිටියාවත” පවසන්නේ පව්කාර මිනිසා සහ ඔහුගේ ශුද්ධ දෙවියන්වහන්සේ අතර ඇති පරතරයයි. මිනිසා දෙවියන්වහන්සේට පවසන්නේ “ඔබවහන්සේ මා දර්ශන මිටියාවතට ගෙන ආසේක… පාප කඳුවලින් වටවී ඔබවහන්සේගේ මහිමය මම දකිමි.” ඔහුගේ වැරදි දැක දැකත් මිනිසාට බලාපොරොත්තුවක් ඇති විය. ඔහු තවදුරටත් කියන්නේ “ගැඹුරු වළවල් වල සිට තරු බැලිය හැකිය. වළවල් ගැඹුරුවන තරමට තාරකාවල දීප්තිය වැඩිය” යනුවෙනි. කවිය අවසන් වන්නේ “මාගේ අන්ධකාරයේදී ඔබගේ ආලෝකය මට සම්බවේවා!… මාගේ මිටියාවතේ දී ඔබගේ මහිමය පෙනේවා” යනුවෙනි.

සාගර පත්ළෙහිදී යෝනාට දෙවියන්වහන්සේගේ මහිමය හමුවිය. ඔහු දෙවියන්වහන්සේට විරුද්ධව කැරළිගසා මත්ස්‍යයාගේ බඩෙහි සිටියේය. තම පාපයෙන් යටවී යෝනා දෙවියන්වහන්සේට මොරගැසුවේ “ඔබ මුහුදු මධ්‍යයෙහි ගැඹුරට මා හෙළුෑසේක. ජලධාරාවද (මාගේ ආත්මය) වටකර තිබුණේය” කියාය (යෝනා 2:3,5). ඔහුගේ වටපිටාව කුමක් වුවද යෝනා කීවේ “මම ස්වාමීන්වහන්සේ සිහි කළෙමි. මාගේ යාච්ඤාව ඔබ වෙතට… පැමිණියේය” කියාය (7 පදය). දෙවියන්වහන්සේ ඔහුගේ යාච්ඤාව අසා ඔහු නිදහස් කරන්නැයි මත්ස්‍යයාට අණ කළසේක.

පාපය දෙවියන්වහන්සේ සහ අප අතර පරතරයක් ඇති කළද අපගේ පහත්ම ලක්ෂයන්හි සිට උන්වහන්සේ දැකීමට අපට පුළුවන. උන්වහන්සේගේ ශුද්ධකම, යහපත්කම සහ අනුග‍්‍රහය බැලිය හැකිය. අප අපගේ පාපයෙන් හැරී දෙවියන්වහන්සේට එය කියා සිටියොත් උන්වහන්සේ අපට සමාව දෙනසේක. මිටියාවතේ සිට දෙවියන්වහන්සේ අපට පිළිතුරු දෙනසේක.