තම ධෛර්යය ඔප්පු කිරීම සඳහා ශරත් සෘතුවේදී රාත‍්‍රියේ වනාන්තරයට යවන ලද රතු ඉන්දියානු යෞවනයෙකු ගැන ඇමරිකානු ගැමි කථාවක් තිබේ. ඉක්මනින් අහස කළුවර විය. රාත‍්‍රී ශබ්ද වලින් වනාන්තරය ගහන විය. ගස් ඇඹරෙනවා ඇසිණ. බකමූණෙකු කෑගැසීය. නරියෙකුද නාද කළේය. බිය සිතට ආ නමුත් කොලුවා මුළු රාත‍්‍රිය වනයේම සිටියේය. ධෛර්යය පෙන්වීමට අවශ්‍යවූයේ එයයි. පාන්දර වන විට අසල සිටින පුද්ගලයෙකු ඔහුගේ නෙත ගැටිණ. ඒ ඔහුගේ සීයාය. රාත‍්‍රිය පුරා ඔහු තම මුණුපුරා රැකවල් කළේය.

මෝසෙස් කාන්තාරය මධ්‍යයෙහි සිටින විට ඔහු ගිනිගන්නා පඳුරක් දුටුවේය. එහෙත් එය දැවුණේ නැත. එවිට දෙවියන්වහන්සේ පඳුරේ සිට ඔහුට කථා කළසේක. කෲර වහල්කමේ සිටි ඉශ‍්‍රායෙල්වරුන් මිසරයෙන් නිදහස් කිරීමට ඔහුට අණ ලැබිණ. “එහි යන්නට මම කවුදැයි” අසමින් මෝසෙස් අකැමැති විය.

දෙවියන්වහන්සේගේ පිළිතුර සරල විය “මම සැබැවින් නුඹ සමඟ සිටින්නෙමි” “මා ඉශ‍්‍රායෙල් පුත‍්‍රයන් වෙත පැමිණ… නුඹලාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ නුඹලා වෙත මා එවූසේකැයි ඔවුන්ට කී කල්හි: උන්වහන්සේගේ නාමය කිමෙක්දැයි ඔවුන් මාගෙන් අසන විට ඔවුන්ට කුමක් කියන්නෙම්ද?”

දෙවියන්වහන්සේ පිළිතුරු දුන්නේ “මම මමය” ඔවුන්ට කියන්න “මම නුඹලා වෙතට මා එවූසේක” (නික්මයාම 3:11-14). “මම මම වෙමි” යන වැකි කඩ “මම මමම වන්නෙමි” කියාද පරිවර්තනය කළ හැක. එවිට දෙවියන්වහන්සේගේ සදාකාලිකත්වය සහ සර්වපෝෂිත බව ඉන් අනාවරණය වේ.

යේසුස්වහන්සේ විශ්වාස කරන සියල්ලන් සමඟ සිටීමට දෙවියන්වහන්සේ පොරොන්දු වනසේක. රාත‍්‍රිය කෙතරම් අඳුරු වුවද අපගේ අවශ්‍යතාවයට නිසියාකාරව පිළිතුරු දීමට අපගේ නොපෙනෙන දෙවියන්වහන්සේ සූදානමින් සිටිනසේක.