වසර 4ක් ලතින් භාෂාව ඉගෙනීම මා අධ්‍යාපනය ලැබූ පාසැලේ අනිවාර්ය විය. එම විෂයෙහි වටිනාකම දැන් මට වැටහේ. එහෙත් එකල එය මහ වදයක් විය. අපගේ ගුරුවරිය විශ්වාස කළේ අභ්‍යාසය සහ නැවත නැවත කීමය. “නැවත නැවත කීම ඉගෙනීමේ මව” යැයි ඇය දිනකට කිහිප වරක් කීවාය. “නැවත නැවත කීම පිස්සුවක්” යැයි අපි මිමිණුවෙමු.

දැන් මට තේරුම්ගොස් ඇත්තේ ජීවිතයේ වැඩි කොටසක් නැවත නැවත කිරීමක් බවය. නීරස, ජ්වලිතයක් නැති, අලංකාරයක් නැති, දේවල් අප නැවත නැවත කළ යුතුවේ. ඩෙන්මාර්ක් රටෙහි සොරෙන් කර්ක්ගාර්ඩ් නැමති දර්ශනවාදියා “නැවත නැවත කිරීම, පාන් මෙන් සාමාන්‍ය එසේම අත්‍යවශ්‍ය දෙයක්ය” යනුවෙන් පවසයි.

එහෙත් ඔහු තව දුරටත් කීවේ “ආශිංසනය සමඟ අපට තෘප්තිමත්බව ගෙන එන්නේ පාන්ය” යනුවෙනි. කෙතරම් නීරස වුවද පහත් වුවද කුඩා වුවද සෑම රාජකාරියක්ම ගෙන එය ආශිර්වාද කර උන්වහන්සේගේ පරමාර්ථය ඉන් ඉෂ්ට කර ගන්න යැයි අපි දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිමු. එලෙස ජීවිතයේ නීරස කාරණා රැගෙන අපි එ්වා ශුද්ධ ක‍්‍රියා ලෙස පරිවර්තනය කරගනිමු. ඒවා නොපෙනෙන සදාකාලික ත්‍යාග වලින් පිරී පවත්නේය.

කිවියෙකු වන ජෙරාඩ් මෑන්ලි හොප්කින්ස් කියා ඇත්තේ “යාච්ඤාවෙන් අත් එසවීම දෙවියන්වහන්සේට මහිමය ගෙන දෙන්නේය. එහෙත් උදැල්ලක් අතේ දරා සිටින මිනිසෙකු හෝ කොස්සක් රැගෙන සිටින ස්ත‍්‍රියක්ද දෙවියන්වහන්සේට ගෞරවය දෙන්නේය” කියාය. දෙවියන්වහන්සේ එතරම් ශ්‍රේෂ්ඨය. ඔබ එලෙස අරමුණු කරන්නේ නම් සියල්ල දෙවියන්වහන්සේට ගෞරවය දෙයි.

කරන සියල්ල අපි ක‍්‍රිස්තුස්වහන්සේට කරන්නේ නම් ඉතා සාමාන්‍ය දේවල් වලින් පවා අපට ප‍්‍රීතියක් සහ අර්ථයක් ලැබේ.