නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව අප‍්‍රිකාවේ බොහෝ රටවල දරුවන්ට නම් තබන්නේ දෙමව්පියන්හට විශේෂිතවූ සුප‍්‍රසිද්ධ අමුත්තෙකු, විශේෂ සිද්ධියක් හෝ අවස්ථාවක් අලලාය. රෝගය සුවකළ නොහැකියැයිද දරුවා ජීවත් වේදැයි දන්නේ දෙවියන්වහන්සේ පමණක් යැයිද එක් ළදරුවෙකු ගැන දෙමව්පියන්හට කියන ලද්දේය. ඔව්හු දරුවාට “දෙවිදනී” කියා නම් තැබුවෝය. තව කෙනෙකුට “ඇති” කියා නම් තබන ලදී. ඊට හේතුව ඔහුගේ මවට දරුවන් 13දෙනෙකු සිටීමයි. ඔහු අවසානයා විය. සියලු දෙනාගේම නම් වලට හේතුවක් තිබේ. සමහර අවස්ථා වල ඉන් විශේෂ අර්ථයක්ද දෙනු ලැබේ.

යේසුස්වහන්සේගේ උත්පත්තියට පෙර ස්වාමීන්වහන්සේගේ දේවදූතයා යෝසෙප්ට කීවේ “(මරියා) පුත‍්‍රයෙකු බිහිකරන්නීය; උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න: මක්නිසාද තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාප වලින් ගළවන්නේ උන්වහන්සේය” කියාය (මතෙව් 1:21). යේසුස් යනු “යෝෂුවා”  යන හෙබ්‍රෙව් නමෙහි ග‍්‍රීක වචනයයි. එහි අර්ථය “ස්වාමීන්වහන්සේ ගළවනසේක” යනුයි. එම යුගයේ සහ සමාජයේ බොහෝ දරුවන්ට යේසුස් යන නම තබන්න ඇති. එහෙත් උන්වහන්සේ පිළිගන්නා සැමදෙනා සමාව ලබා පාප බලයෙන් මුදවා සදාකාලයට ජීවත් කරවීම පිණිස මියයෑම සඳහා මොලොවට ආවේ එක් අයෙකි.

නත්තල් කාලයට ගැයෙන මෙම වචන චාර්ල්ස් වෙස්ලි විසින් ලියන ලදී. “බොහෝ කලක් අප බලා සිට යේසුනි, ඔබගේ සෙනඟ නිදහස් කිරීමට ඉපදුනි, අපගේ පාප සහ බියෙන් අප නිදහස් කරනු මැනේ. අපගේ විශ‍්‍රාමය ඔබ තුළවේ.”

අපගේ අඳුර, ආලෝකයටද අපගේ කළකිරීම, බලාපොරොත්තුවටද හරවා අප පාපයෙන් ගැළවීමට යේසුස්වහන්සේ පැමිණිසේක.