අපගේ වයසක සුදු ටෙරියර් බැල්ලිය අපගේ ඇඳ පාමුළ නිදාගනී. වසර 13ක් ඇය නිදාගන්නේ එතැනය. සමාන්‍යයෙන් ඇය ශබ්ද කරන්නේ හෝ සෙලවෙන්නේ නැත. එහෙත් ළඟදී සිට ඇය මධ්‍යම රාත‍්‍රියේදී අපට මෘදු ලෙස තට්ටු කර බලයි. අප මුලින් සිතුවේ ඇයට පිටතට යාමට අවශ්‍යය කියාය. එහෙයින් අපි එසේ කළෙමු. එහෙත් පසුව අපට තේරුම් ගියේ අප එහි සිටීද කියා දැනගැනීමට ඇයට අවශ්‍ය බවය. ඇයට දැන් කන් නෑසේ. ඇස්ද පෙනෙන්නේ අඩුවශයෙනි. රාත‍්‍රියේදී නොපෙනේ. අප සෙලවෙන හෝ හුස්ම ගන්නා බවක් ඇයට නොදැනේ. එහෙයින් ඇය ව්‍යාකූලවේ, ඇයට අප ඉන්නා බව දැනගැනීමට අවශ්‍යය. එහෙයින් මම නැවී ඇයගේ හිස අතගාමි. ඇයට අවශ්‍ය එය දැනගැනීමට පමණි. ඇය වරක් හෝ දෙවරක් එහෙ මෙහෙ හැරෙයි. ඉන්පසු නැවත නින්දට යයි.

දෙවියන්වහන්සේගෙන් දාවිත් අසන්නේ “ඔබ ඉදිරියෙන් කොතැනට යන්නෙම්ද?” කියාය (ගීතාවලිය 139:7). දාවිත් එය අතිවිශාල සහනයක් ලෙස සලකයි. දීමුහුදේ ඉතා දුර කෙළවර විසුවත් එහිත්‍දිත් ඔබගේ හස්තය මට මඟ පෙන්වන්නේය” එසේම “අන්ධාකරය ඔබගෙන් කිසිවක් නොසඟවයි” යනුවෙන් ඔහු පවසයි (9-12 පද).

ඔබ අඳුරේ අතරමංව සිටීද? ශෝකවන්නේද භයද සිත වද වෙයිද සැක ඇතිද අධෛර්යවී ඇත්ද? දෙවියන්වහන්සේ ගැන ස්ථීරත්වයක්
නැද්ද? අන්ධකාරය උන්වහන්සේට අඳුරු නැත. අපට නොපෙනුනද උන්වහන්සේ අප ළඟය. “කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි. කිසි
අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ” (හෙබ්‍රෙව් 13:5). උන්වහන්සේගේ හස්තය වෙත ඔබගේ අත් දිගුකරන්න.
උන්වහන්සේ එතැන සිටිනසේක.