වසර ගණනාවකට පෙර ලිපිවලට පිළිතුරු යැවීමට මම සති දෙකක් පමණ ගතිමි. මාගේ පාඨකයෝ එ් ගැන සතුටු වූහ. ඉන්පසු ෆැක්ස් යන්ත‍්‍රය පැමිණි අතර දින දෙකකින් පමණ පිළිතුරු ලැබුණේ නම් ඔව්හු සතුටුවූහ. අද විද්‍යුත් තැපෑල, කෙටි
පණිවිඩ සහ ජංගමදුරකථන නිසා එදිනම පිළිතුරක් ඔව්හු බලාපොරොත්තුවේ.

”නිශ්චලවව් මා දෙවියන්වහන්සේ බව දැනගනිව්”යන ගීතාවලිය 46හි මෙම ප‍්‍රසිද්ධ පදයෙන් මම එකසේ වැදගත් ආඥා දෙකක් දකිමි. අප නිශ්චල විය යුතුය. නූතන ජීවිත ක‍්‍රමය එයට විරුද්ධව කුමන්ත‍්‍රණය කරයි. මෙම වැඩ බහුල ඔබ මොබ වන ලෝකයේ නිශ්චලබවේ විනාඩි කිහිපයක්වත් ස්වභාවිකව අපට නොපැමිණේ.

නිශ්චලතාව අපව දෙවන ආඥාවට සුදානම් කරයි. ”මා දෙවියන්වහන්සේ බව දැනගනිව්. ජාතීන් අතරේ උසස් වන්නේමි. පොළොවෙහි උසස් වන්නෙමි.”දෙවියන්වහන්සේ උසස් කිරීමට නොව යටකර දැමීමට පොරකන ලෝකයක් මධ්‍යයෙහි මම කාලය සොයාගෙන මාගේ අභ්‍යන්තර ජීවිතය පෝෂණය කිරීමට උන්වහන්සේට ඉඩ දෙන්නේ කෙසේද?

”යාච්ඤාව යනු ඇති සියලූ දේ තුළ ඇහුම්කන් දීමේ පුරුද්දකි”යනුවෙන් පැටි‍්‍රෂියා හැම්පල් ලියයි. යාච්ඤාව අවධානය යොමු කිඣිමේ පුරුද්දකි. ”නිශ්චලවව්… දැනගනිව්”

යාච්ඤාවේ ප‍්‍රථම පියවර දෙවියන්වහන්සේ, දෙවියන්වහන්සේ බව දැනගැනීමය. එම අවධානය තුළ අන් සියල්ල හරි ස්ථානයට වැටේ. යාච්ඤාව මනුෂ්‍ය දුර්වලකම්, පරාජයන් සහ සීමාවන් අපට අපරිමිත දයාවකින් ප‍්‍රතිචාර දක්වන තැනන්වහන්සේට දැන්වීමට අපට ඉඩ කඩ ලබා දෙයි.