දුරකථන, විද්‍යුත් තැපෑල සහ ජංගම දුරකථන නොතිබූ කාලයේ ඉක්මනින්ම අදහස් හුවමාරු කිරීමේ ක‍්‍රමය වූයේ විදුලි පණිවුඩයි. එහෙත් එසේ එවන ලද්දේ වැදගත් පණිවුඩ පමණි. සමාන්‍යයෙන් එවැනි පණිවුඩ අසුබ එ්වා විය. එහෙයින් ”විදුලි පණිවුඩකාරයා ගෙනෙන්නේ නරක ආරංචියක්”කියා කියමනක් විය.

හෙසකියා යුදයෙහි රජව සිටියදී ඉශ‍්‍රායෙලයේ යුද සමය විය. අෂුර්හී සෙනකෙරිබ් යුදාහි නගර ආක‍්‍රමණය කර අල්ලාගෙන සිටියේය. ඉන්පසු ඔහු හෙසකියාට යටත්වන ලෙස අයහපත් “විදුලි පණිවුඩයක” යැවීය. හෙසකියා එදින නම් කළේ “අද දවස දුකද තරවටුවද අපහාසයද ඇති දවසක” ලෙසය (2 රාජාවලිය 19:3).

සම්ච්චලයෙන් සහ සරදමින් සෙනකෙරිබ් තමාගේ අතීත යුද ව්‍යාපාර ගැන පුරසාරම් දෙඞීය. ඔහු ඉශ‍්‍රායෙල් දෙවියන්වහන්සේ සුළු කළේය. විනාශ කරන්නේ යැයි තර්ජනය කළේය (11-13 පද). එ් බියකරු අවස්ථාවේ “නරක ආරංචි ලිපිය”රැුගෙන හෙසකියා අමුතු දෙයක් කළේය. ”හෙසකියා… ස්වාමින්වහන්සේගේ ගෘහයට ගොස් ස්වාමින්වහන්සේ ඉදිරියෙහි එය විදහා පා…” (14 පදය). ඔහු අවංකව යාච්ඤා කරමින් එම අඳුරු තත්ත්වය පාලනය කළහැකි දෙවියන්වහන්සේගේ බලය ප‍්‍රකාශ කළේය (15-19 පද). දෙවියන්වහන්සේ බලවත් අන්දමින් ක‍්‍රියා කළසේක (35-36 පද).

ඕනෑම වේලාවක නරක ආරංචි අප වෙත ආ හැකිය. එවැනි මොහොතක හෙසකියාගේ ක‍්‍රියාව අනුගමනය කිරීමට හොඳ උදාහරණයකි. දෙවියන්වහන්සේ ඉදිරියෙහි නරක ප‍්‍රවෘත්තිය වගුරුවන්න. උන්වහන්සේ දෙන සහතිකයට ඇහුම්කන් දෙන්න. “නුඹ මට කළ යාච්ඤාව මම ඇසීමි” (20 පදය)