එක්සත් ජනපදයේ වඩාත් හඳුනාගන්නා ස්මාරකය නම් දකුණු කැලිෙෆා්ර්නියාවේ ඇති හොලිවුඞ් ලාංඡනයයි. ලොව වටා සෙනඟ “සින්සෙල් ටවුන්”වෙත එන්නේ තරුවල සිමෙන්ති පාසටහනක් දැකගැනීමටය. සමහර විට ගමන් කරමින් සිටින තරුවක් දැක ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබේ. කඳුපාමුල ඇති ලාංඡනය මෙම අමුත්තන්ට නොපෙනී යන්නේ නැත.

හොලිවුඩයේ එතරම් ප‍්‍රසිද්ධ නැති එහෙත් පහසුවෙන් හඳුනාගත හැකි තවත් ලාංඡනයක් ඇත. එහි සදාකාලික වැදගත්කමක් තිබේ. හොලිවුඞ් වන්දනා ස්මාරකය යැයි එයට කියනු ලැබේ. අඩි 32ක් උසැති එම කුරුසිය නගරයට ඉහළින් පිහිටා ඇත. 1920දී වන්දනාවේ චිත‍්‍රපටි ශාලාව ස්ථාපිත කළ ක‍්‍රිස්ටීන් වෙදරිල් නැමති ධනවත් කාන්තාව සිහිකිරීම පිණිස එම කුරුසිය ගොඩනගා තිබේ. එම ශාලාව “වන්දනාවේ නාටකය” රඟදැක්වීමට භාවිතා විය. එය කි‍්‍රිස්තුස්වහන්සේ පිළිබඳ කථාවකි.

ස්මාරක දෙක පරස්පර විරෝධී වැදගත් කාරණා දෙකක් පෙන්නුම් කරයි. හොඳ සහ නරක චිත‍්‍රපටි ඇවිත් යයි. එ්වායේ විනෝදාත්මක, කලාත්මක, අදාල වීම තාවකාලිකය.

කෙසේ වෙතත්, කුරුසිය අපට මතක් කරන්නේ සදාකාලික ප‍්‍රයෝජනයක් ඇති නාට්‍යයකි. ක‍්‍රිස්තුස්වහන්සේගේ ක‍්‍රියාව යනු පේ‍්‍රමණීය දෙවියන්වහන්සේගේ කතාන්දරයයි. උන්වහන්සේ අප පසුපස අවුත් උන්වහන්සේ දෙන්නාවූ පරිපූර්ණ සමාව පිළිගැනීමට අපට ආරාධනා කරනසේක. යේසුස්වහන්සේගේ මරණය නැමති ශ්‍රේෂ්ඨ නාට්‍යය ඉතිහාසයේ මුල් බැස තිබේ. උන්වහන්සේගේ නැවත නැගිටීම මරණය පරදා අප සියලු දෙනාට සදාකාලික බලපෑමක් කළේය. කුරුසියේ අර්ථය සහ බලය කිසිදා නැතිනොවේ.