වාර්ෂික සමූහන වැඩ සටහනක් සුදානම් කිරීමට අපට කණ්ඩායමක් ඇත. එම වැඩ සටහන සාර්ථක කර ගැනීම පිණිස අපි මාස 11 ක් වැඩ කරන්නෙමු. දිනය සහ ස්ථානය තෝරා ගන්නෙමු. ප‍්‍රවේශ පත‍්‍ර මිළ තීරණය කරන්නෙමු. ආපන ශාලා සහා තාක්‍ෂණික කාර්මිකයන් සොයා ගන්නෙමු. වැඩ සටහන සමීප වන විට පොදු ප‍්‍රශ්න වලට පිළිතුරු දෙන්නෙමු. මග පෙන්වීම් ලබා දෙන්නෙමු. පසුව අපි යෝජනා එකතු කර ගන්නෙමු. සමහරක් යහපත්ය. සමහරක් ඇසීමට අසීරුය. පැමිණෙන අයගේ ප‍්‍රීතියද චෝදනාද අපගේ කණ්ඩායමට ඇසේ. ඍණාත්මක චෝදනා අප කලකිරීමට පත් කරන්නේය. සමහර විට අත්හැර දැමීමටද පරීක්‍ෂාවක් පැමිණේ.

යෙරුසලමේ පවුරු ගොඩ නැගීම පිණිස කණ්ඩායමකට නායකත්වය දෙන අතර තුර නෙහෙමියාට විවේචකයෝ සිටියෝය. ඔවුහු නෙහෙමියාටත් ඔහු සමග වැඩ කරන අයටත් උසුළු විසුළු කළෝය. “හිවලෙක් නැගුණොත් ඌ ඔවුන්ගේ ගල් පවුර කඩා දමනාව ඇත” (නෙහෙමියා 4:3) යි කීවෝය. ඔව්හු විවේචකයන්ට දැක්වූ ප‍්‍රතිචාරය මට ලැබෙන විවේචන විසඳා ගැනීමට මට උපකාර වේ. කලකිරීමට පත් වෙනවා හෝ ඔවුන්ගේ විවේචනවලට එකට එක නොකර ඔහු උපකාර ඉල්ලා දෙවියන්වහන්සේ වෙත හැරුණි. සෘජුව ප‍්‍රතිචාර දක්වනවා වෙනුවට උන්වහන්සේගේ සෙනඟට සළකන ආකාරය ගැන කල්පනා කර ඔවුන් ආරක්‍ෂා කරන්න යැයි ඔහු දෙවියන්වහන්සේට කියන්නේය (4 පදය). දෙවියන්වහන්සේට එම කාරණා භාර දී ඔහු සහ හවුල් සේවකයෝ පවුරේ වැඩ “මුළු සිතින්” (6 පදය) දිගටම කළෝය.

අපගේ වැඩ ගැන විවේචන නිසා වෙනතකට අවධානය යොමු නොකිරීමට අපි නෙහෙමියාගෙන් ඉගෙන ගනිමු. අපට විවේචන හෝ අපහාසය ලැබෙන විට කෝපයෙන් හෝ සිත් රිදීමෙන් අපගේ විවේචකයන්ට ප‍්‍රතිචාර නොදක්වා කල නොකිරෙන පිණිස අපට සම්පූර්ණ සිතක් ඇතුව ඉදිරියට යාමට හැකි වන පිණිස අපව රැක ගන්න යයි දෙවියන්වහන්සේගෙන් යාච්ඤාවෙන් ඉල්ලිය හැකිය.