මාත් මගේ ස්වාමි පුරුෂයාත් ඔහුගේ සහෝදරිය අසල ජීවත්වන පිණිස සියැටල් වෙත ගිය විට අප සිටීමට යන්නේ කොහේද? රැකියාව කරන්න යන්නේ කොහේද? කියා නොදැන සිටියෙමු. නගරයේ සභාවක් අපට පදිංචියට ස්ථානයක් සොයා දුන්නේය. එහි බොහෝ කාමර තිබුණි. අපට එක කාමරයක ජීවත්වී අනික් කාමර ජාත්‍යන්තර සිසුන්ට කුලියට දීමට හැකිවුනි. වසර තුනක් අපි විදේශීන් පිළිගන්නා අමුත්තන් වූයෙමු. අපගේ නිවසත් ආහාරත් ලොව වටින් පැමිණි සෙනග සමග බෙදා ගත්තෙමු. අපත් අප නිවසේ සිටි අන් අයත් සෑම සිකුරාදාම පැවැත්වූ බයිබල් පාඩමට දුසිම් ගණන් විදේශ සිසුන් පිළිගත්තෙමු.

නිවසින් බැහැරව සිටීම කෙසේදැයි ඉශ‍්‍රායෙල් සෙනග දනිති. වසර සිය ගණනක් ඉශ‍්‍රායෙල්වරු විදේශීන්ව වහලූන්ව මිසරයේ සිටියෝය. ලෙවී කථාව 19 හි “ඔබගේ මවට සහ පියාට ගෞරව කරන්න” “සොරකම් නොකරන්න” (3 සහ 11 පද)  යන අප දන්නා පද මධ්‍යයෙහි විදේශීන්ට සළකන්න යයි දෙවියන්වහන්සේ අවධාරණය කළ සේක. ඊට හේතුව විදේශීන්ව සිටීමද බියෙන් සිටීමද (33-34 පද) ඉශ‍්‍රායෙල්වරු දැන සිටි නිසාය.

දෙවියන්වහන්සේ අනුගමණය කරන අප සියලූ දෙනා සත්‍ය වහලූන් ලෙස නොසිටියද ලෝකයේ විදේශීන්ව සිටීම ගැන අපි සියලූ දෙනා දනිමු (1 පේත‍්‍රෑස් 2:11). ස්වර්ගීය රාජ්‍යයට ඇති පරම බැඳීම නිසා අපට පිටස්තරයන් ලෙස හැඟීමක් ඇත. අපව කැඳවා ඇත්තේ ආගන්තුක සත්කාරය දෙන සමුහනයක් ලෙසය. එනම් ; දෙවියන් වහන්සේගේ පවුලට පිටස්තරයන්ට ආරාධනා කරන පිටස්තරයන් ලෙසය. සිටැටල් හී අපට ලැබුණු පිිළිගැනීම නිසා අන් අයව පිළිගැනීමට අපි ඉගෙන ගතිමු. දෙවියන්වහන්සේගේ පවුලේ සිටීමේ අරටුව එයයි.