උස් ස්ථානවල පසු පාද” යනු කිතුණු ජීවිතය ගැන මනහර දෘෂ්ඨාන්තයකි. එහි පදනම හබක්කුක් 3:19 යි. එම කථාවේ එඬේරෙකු සමග යන “ඉතා බියවූ” චරිතයක් ගැන කියවේ. ඇය භය නිසා තමාව ඔසවා ගෙන යන්න කියා එඬේරාට කියයි.

එඬේරා කරුණාවෙන් පිළිතුරු දෙන්නේ “ඔබට කන්ද නගින්න නොදී ඉහළටම ඔසවා ගෙන යන්න මට පුළුවන්. නමුත් කවදාවත් එවිට ඔබගේ පසු පාද ශක්තිමත් වන්නේ නැහැ! එවිට මා යන තැන්වල ඔබට මාගේ සහයට යන්නට බැරි වෙනවා” කියාය.

කථාවේ ඉතා භියවූ අයගේ ප්‍රශ්න තුළින්, පරණ ගිවිසුමේ අනාගතවක්තෘ හබක්කුක්ගේ ප්‍රශ්න (මා අවංකවේ නම් මාගේ ප්‍රශ්නද) දෝකාරය නංවයි. “ඇයි ඔබ දුක් විඳින්නේ? ඇයි මගේ ගමන අමාරු?”

හබක්කුක් ක‍්‍රි.පූ. සත්වන සියවසේ අගභාගයේ ජීවත් විය. ඒ ඉශ්‍රායෙල්වරු වහල්කමට යාමට පෙරය. හබක්කුක් සිටි සමාජය, සමාජ අසාධාරණය ගණන් ගත්තේ නැත. බබිලෝනියයන්ගෙන් පැමිණෙන ආක්‍රමණයට බියවී උන්නෝය (හබක්කුක් 1:2-11). ඔහු ස්වාමින්වහන්සේගෙන් ඉල්ලුවේ එයට මැදිහත් වී පීඩාව අහක් කිරීමටය (1:13). දෙවියන්වහන්සේ ඔහුට පොරොන්දු වූයේ සාධාරණව ක්‍රියා කරන බවටය. නමුත් උන්වහන්සේගේ වේලාවටය (2:3).

ඇදහිල්ලෙන් හබක්කුක් ස්වාමින්වහන්සේ සෙවීමට තීරණය කර ගත්තේය. වේදනාව අවසන් නොවූවද දෙවියන්වහන්සේ තමන්ගේ ශක්තිය වනු ඇත කියා හබක්කුක් විශ්වාස කළේය.

දුක දරා ගැනීමට ස්වාමින්වහන්සේ අපගේද ශක්තිය වන බව දැන අපට සහනයක් ලබා ගත හැකිය. එසේම ක්‍රිස්තුස්වහන්සේ සමග ඇති අපගේ සහභාගිකම ගැඹුරු කිරීමට අප ගමනේ අසීරු තැන් උන්වහන්සේ යොදා ගන්නා බව අපට විශ්වාස කළ හැකිය.