නිසියාකාරව පාඩම් කටයුතු කර ගෙන යාමට වසර කිහිපයක් අරගල කිරීමෙන් පසු ඇංජිව සුපිරි ප්‍රාථමික පාසැලෙන් ඉවත් කර ගෙන “සාමාන්‍ය” පාසැලකට ඇතුළත් කරන ලදී . ඒ සිංගප්පුරුවේ අධික තරඟකාරී අධ්‍යාපන වටපිටාව මධ්‍යයෙහිය. “හොඳ” පාසැලක ඉගෙනීමෙන් කෙනෙකුගේ අනාගත අවස්ථා වැඩිවන හෙයින් බොහෝ අය මෙය පරාජයක් යයි සිතනු ඇත.

ඇංජිගේ දෙමාපියන් කලකිරුණේය. ඇංජිටද සිතුණේ ඇය පහතට වැටුණු බවය. නමුත් ඇයගේ අලුත් පාසැලට එකතු වී වැඩිකල් යන්නට ප්‍රථම සාමාන්‍ය සිසුන් සමග සිටීමේ වටිනාකම ඇයට වැටහුණි. “අම්මේ මම අයිති මෙතැනටයි” ඇය කීවාය. “මාව පිළිගන්න ස්ථානය මට හමුවුනා”.

සාකෙවුස් නමැති බදු අයකරන්නාගේ නිවසට තමන්වහන්සේ එන බව යේසුස්වහන්සේ කී විට සාකෙවුස්ට කෙතරම් ප්‍රීතියක් ඇති වූයේදැයි මට මතක් වේ (ලූක් 19:5). තමන්ට වැරදි ඇති බවත් තමන් දෙවියන්වහන්සේගේ අනුග්‍රහය ලැබීමට සුදුසු නැති බවත් දන්නා අය සමග කෑම ගැනීමට යේසුස්වහන්සේ උනන්දු වූ සේක (10 පදය). අපව සොයා, අප ඉන්නා ආකාරයට අපට ප්‍රේම කර තම මරණය සහ නැවත නැගිටීම තුළින් උන්වහන්සේ අපට සම්පූර්ණත්වයේ පොරොන්දුව දුන් සේක. උන්වහන්සේගේ අනුග්‍රහය තුළින් පමණක් අපට පරිපූර්ණත්වය ලැබේ.

මාගේ ආත්මික ගමන අඛණ්ඩ අරගලයක් බව මට බොහෝ විට දැනී ඇත. එය දෙවියන්වහන්සේගේ ප්‍රමිතියට වඩා බොහෝ පහළින් ඇති බව මම දනිමි. නමුත් අප සැම විට පිළිගැනෙන බව දැන ගැනීම කෙතරම් මනහරද! ඒ යේසුස්වහන්සේ මෙන් වන පිණිස ශුද්ධාත්මයාණන්වහන්සේ සැම විට අපව අඹන හෙයිනි.