දුර්ලභ වර්ගයේ ලියුකේමියා රෝගයෙන් ඔවුන්ගේ අට හැවිරිදි දියණිය වන රීමා පෙළෙන බව දැනගත් විට කාමිල් සහ යෝවෙල්ගේ බලාපොරොත්තු සුණු විසුණු විය. රෝගය නිසා ඇයට මොළයේ ආබාධයක්ද අංශභාගයද සෑදුණි. රීමා සහි නැති තත්ත්වයකට (කෝමා) පත් වූවාය. රෝහල් කාර්ය මණ්ඩලය රීමාගේ දෙමව්පියන්ට උපදෙස් දුන්නේ රීමාගේ අවමංගල්‍යයට සුදනම් වීමටය. ඇයගේ ජීවත්වීම සියයට එකකටත් වඩා අඩු බව ඔව්හු කීවෝය.

කාමිල් සහ යෝවෙල් හාස්කමක් බලාපොරොත්තුවෙන් නිරාහාරයෙන් යාච්ඤා කළෝය. කාමිල් කීවේ “අප යාච්ඤා කරන විට මොන දේ වූවත් අප දෙවියන්වහන්සේ විශ්වාස කළ යුතු බවත් සහ යේසුස්වහන්සේ මෙන් මාගේ මාර්ගය නොව පියාණෙනි ඔබගේ මාර්ගය වේවා කියා යාච්ඤා කළ යුතු බවත්ය”. “නමුත් මට අවශ්‍ය වුයේ ඇය සුව වීමය” යෝවෙල් අවංකව පිළිතුරු දුන්නාය. “ඔව් අපි ඉල්ලන්න ඕනෑ” කාමිල් කීවේය. “නමුත් අසීරූ වේලාවේදී අප උන්වහන්සේට භාරවීම දෙවියන්වහන්සේට ගෞරවය දෙයි. මක්නිසාද යේසුස්වහන්සේ කළේත් එය වන හෙයිනි”.

යේසුස්වහන්සේ කුරුසියට යාමට පෙර උන්වහන්සේ යාච්ඤා කළේ “පියාණෙනි, ඔබ කැමතිසේක් නම්, මේ කුසලාන මාගෙන් පහකළ මැනව. එසේවී නුමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවායි” කියාය (ලූක් 22:42). “මේ කුසලාන” යයි කීමෙන් යේසුස්වහන්සේ කුරුසියට නොයාමට ඉල්ලූ සේක. නමුත් උන්වහන්සේ ප්‍රේමයෙන් පියාණන්ට යටත්වූ සේක.

දෙවියන්වහන්සේට අපගේ ආශා භාරදීම පහසු නැත. අභියෝගාත්මක අවස්ථාවන්හිදී උන්වහන්සේගේ ප්‍රඥාව තේරුම් ගැනීමට අමාරු වනු ඇත. කාමිල් සහ යෝවෙල්ගේ යාච්ඤාවලට පුදුමාකාර විධියට පිළිතුරු ලැබුණි. රීමා අද සෞඛ්‍ය සම්පන්න හුරු බුහුටි වයස 15 ක දැරියකි.

යේසුස්වහන්සේ සෑම අරගලයක්ම තේරුම් ගන්නා සේක. අප වෙනුවෙන් උන්වහන්සේගේ යාච්ඤාවට පිළිතුරු නොලැබුණද සෑම අවශ්‍යතාවයකදීම දෙවියන්වහන්සේව විශ්වාස කරන්න.