“අපගේ නගරය අපි දකින ලෙස දකින්න” ඩිට්‍රොයිට් මිචිගන්හි නගර සංවර්ධන කණ්ඩායම තම නගරයේ අනාගතය ගැන දැක්ම එළිදැක්වීමට එම උද්ධෘත පාඨය භාවිතා කළහ. නමුත් එම ව්‍යාපෘතියෙහි යමක් අඩු බව සමාජිකයන් දැනගත් විට හදිසියේම එය නතර විය. අප්‍රිකානු ඇමෙරිකානුවන් නගරයේ ජනගහණයෙන් සහ වැඩ කරන ප්‍රතිශතයෙන් බහුතරයක් වූහ. ඔවුන් දකින ලෙස නගරය දැකිය යුතු යයි සඳහන් නාමපුවරු, පෝස්ටර් සහ බැනර්වල සුදු මුහුණු පෙනෙන්ට තිබුණත් කළු ජාතීන්ගේ ඡායාරූප එහි නොවුනි.

යේසුස්වහන්සේගේ රටවැසියන්ටද අනාගතය ගැන ඔවුන්ගේ දැක්මෙහි ඔවුන් අතපසු කළ දෙයක් විය. ආබ්‍රහම්ගේ දරුවන් ලෙස ඔවුන්ගේ මුල් අවධානය යොමු වුණේ යුදෙව් ජාතීන්ගේ අනාගතය ගැනය. ඔවුන්ට සමරිතානුන්, රෝම භටයන් හෝ වෙනත් කිසිවෙක් ගැන හෝ ඔවුන්ගේ පවුල් මුලයන්, රබ්බිවරුන් සහ නමස්කාරයට සහභාගී නොවූ අය ගැන යේසුස්වහන්සේ දක්වන සැළකිල්ල ගැන තේරුම් ගැනීමට නොහැකි විය.

මාද ඩිට්‍රොයිට් සහ යෙරුසලමේ අන්ධකමට ඇතුලත් වෙමි. මමද මට තේරුම් ගත හැකි ජීවිත අත්දැකීම් ඇති අය දෙස පමණක් බැලීමට පුරුදුවී සිටිමි. නමුත් අපගේ විවිධත්වය මධ්‍යයෙහි උන්වහන්සේගේ ඒකත්වය ගෙන ඒමට දෙවියන්වහන්සේට මාර්ගයක් තිබේ. සිතනවාට වඩා අපි එක සමාන වන්නෙමු.

ලෝකයේ සියලු සෙනගට ආශිර්වාද ගෙන ඒමට දෙවියන්වහන්සේ ආබ්‍රම් නමැති කාන්තාර ගොපල්ලෙකු තෝරා ගත් සේක (උත්පත්ති 12:1-3). යේසුස්වහන්සේ අප නොදන්නා අප ප්‍රේම නොකරන සියලු දෙනාට ප්‍රේම කරන සේක. ඔවුන්ව දන්නා සේක. අපි එකතුව අපගේ නගරත් උන්වහන්සේගේ රාජ්‍යයත් දැකීම පිණිස අපට නමස්කාර කළ හැකි තැනන්වහන්සේගේ දයාව සහ අනුග්‍රහයෙන් ජීවත් වෙමු. ඒ උන්වහන්සේ කරන්නාක් මෙනි.