මීට ටික කලකට පෙර මා මාගේ පුත්‍රයාගේ නිවසේ ඉදිකිරීම් කටයුත්තක යෙදී සිටියෙමි. මාගේ නිවසේ සිට එහි යාමට පැය තුනක් ගතවේ. වැඩ නිම කිරීමට මා සිතුවාට වඩා කාලයක් ගතවුණි. හිරු බැස යාමට පෙර අපට අවසන් කළ හැකි වන පිණිස මම යාච්ඤා කළෙමි. නමුත් සෑම සන්ධ්‍යාවකම තවත් වැඩ ඉතිරි විය.

මම මෙම ප්‍රමාදයට හේතුවක් ඇද්දැයි කල්පනා කළෙමි. පසුදා උදෑසන මට පිළිතුරක් ලැබුණි. මගේ දුරකථනය නාද විය. අමුත්තෙකු කථා කළේය. “ඔබගේ දියණිය අනතුරකට භාජනය වුනා. ඉක්මණට එන්න”.

ඇය ජීවත් වූයේ මගේ පුතාගේ නිවස අසලය. මා විනාඩි දහහතරකින් එතැනට ගියෙමි. මම නිවසේ සිටියේ නම් එයට පැය තුනක් ගතවනු ඇත. මම ගිලන් රථය පසුපස රෝහලට ගියෙමි. ශල්‍යකර්මයට පෙර ඇයව සැනසීමි. මම ඇයගේ අත අල්ලාගෙන සිටින අතර මට කල්පනා වූයේ මාගේ ඉදිකිරීම් කටයුත්ත ප්‍රමාද නොවුනා නම් මම එම මොහොතේ එහි නැති බවය.

අපගේ මොහොතවල් දෙවියන්වහන්සේට අයිතිය. එලිෂා තුළින් දෙවියන්වහන්සේ විසින් ස්වකීය පුත්‍රයා මළවුන්ගෙන් නැගිටෙවු ස්ත්‍රියකගේ අත්දැකීම වූයේ එයයි (2 රාජාවලිය 4:18-37). සාගතයක් නිසා ඇය විදේශයකට ගොස් නැවත තම දේශයට වසර ගණනාවකට පසු පැමිණියාය. ඒ රජුගෙන් තම ඉඩම නැවත ඉල්ලා ගැනීමටය. ඒ මොහොතේම රජු අනාගතවක්තෘගේ මෙහෙකාරයාවූ ගෙහාසි සමග සාකච්ඡා කරමින් සිටියේය. ඇයගේ පුත්‍රයාව එලිෂා මළවුන්ගෙන් නැගිටෙවු ආකාරය රජ තුමාට ගෙහාසි විස්තර කරමින් සිටියදීම ඇය ඇතුළට ආවාය (8:5). ඇයට ඇගේ ඉල්ලීම ලැබුණි.

අනික් තත්පරය අපට කුමක් ගෙන එනවාදැයි අප දන්නේ නැත. නමුත් ඕනෑම තත්ත්වයක් හොඳ අතට පෙරළීමට දෙවියන්වහන්සේට පුළුවන. දෙවියන්වහන්සේ සකසා ඇති කාරණාවලට බලාපොරොත්තුවක් ඇතුව ඇතුල්වීමට අපට උන්වහන්සේ අනුග්‍රහය දෙන සේක්වා!