මාගේ ස්වාමිපුරුෂයාගේ පිළිකාව එළිදරව් කළද වෛද්‍යවරිය කණස්සල්ලෙන් සිටියේ නැත. සිනහසෙමින් ඇය යෝජනාවක් ඉදිරිපත් කළාය. “සෑම දවසක්ම ස්තුතියෙන් අරඹන්න. අඩු තරමින් කාරණා තුනකට”. ඩෑන් එය පිළිගත්තේය. කෘතඥතාවය දෙවියන්වහන්සේගේ යහපත්කම තුළ ධෛර්යය උපදවන බව ඔහු දැන සිටියේය. ඩෑන් සෑම දිනක්ම ප්‍රශංසාවේ වචනවලින් අරඹයි. “රාත්‍රියේ හොඳ නින්දක් දුන් නිසා ඔබවහන්සේට ස්තුතියි. මාගේ පිරිසිදු ඇඳ නිසා, හිරු එළිය නිසා, උදෑසන ආහාරය දුන් නිසා, මට සිනහවක් දුන් නිසා”.

සෑම වචනයක්ම සිතට වදින්නේය. නමුත් එය ඉතා කුඩාද? කුඩා කාරණාවලට අප දෙන ප්‍රශංසාව දෙවියන්වහන්සේට වටිනවාද? ගීතාවලිය 50 හි දාවිත්ගේ ප්‍රධාන සංගීතවේදී අසාප් පැහැදිළි උත්තරයක් දෙයි. “නුඹේ ගෙයින් ගොනෙක්වත් නුඹේ ගාල් වලින් එළුවන්වත් නොගන්නෙමි” (9 පදය). ඉශ්‍රායෙල්වරුන් කලක් කළාවූ සාම්ප්‍රදායික පුජාවන් වෙනුවට දෙවියන්වහන්සේ තම සෙනගගෙන් ඔවුන්ගේ සිත් සහ කෘතඥතාවෙන් යුත් ජීවිත භාර දීම අපෙන් බලාපොරොත්තු වන සේක (14, 23 පද).

මාගේ ස්වාමිපුරුයා අත්දුටු ලෙස මුළු සිතින් දෙන කෘතඥතාවය අපගේ ආත්ම වඩන්නේය. එවිට අප “විපත්ති දවසේදී” ස්වාමින්ට මොර ගසන විට උන්වහන්සේ අප “මුදන” සේක (15 පදය). ඉන් අර්ථවත් වන්නේ ඩෑන් ඔහුගේ දෑ අවුරුදු ප්‍රතිකර්ම තුළ ආත්මිකව සහ ශාරීරිකව සුවපත් වන බවද! නැතිනම් මේ ජීවිතයෙන් පසුවද? අපි නොදනිමු. නමුත් දැනට ඩෑන් දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ උන්වන්සේ කව්ද යන්න කියා : සුවකරන තැනැත්තාණෝ, මුදවන තැනැත්තාණෝ සහ මිත්‍රයා නිසා දෙවියන්වහන්සේට කෘතඥතාව පෙන්වීමට ආශා කරයි. මිතුරෝ ස්තුතියි යන අලංකාර වචනය ඇසීමට සතුටු වෙති.