මා ගත කළ පාළුම නත්තල ගත කළේ උතුරු ඝාණාවේ සකාගු නගරයෙහි මගේ සියාගේ ගෙදරදීය. මට යාන්තම් වයස පහළොවකි. මාගේ දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන් සිටියේ කිලෝමීටර් දහකට එහායිනි. ඊට පෙර වසරවලදී මා ඔවුන් සහ ගමේ මිතුරන් සමග නත්තල ගත කළෙමි. එවිට නත්තල සෑම විටම ශ්‍රේෂ්ඨ විය. එය මතකයන් ඉතිරි කළේය. නමුත් මෙම නත්තල ඉතා නිශ්චලය. පාළුය. නත්තල් දින පාන්දර මම බිම දිගාවී සිටින විට මට දේශීය ගීයක් මතක් විය : “නත්තල පැමිණ තිබේ. දේව පුත්‍රයා ඉපිද ඇත. සෑම කෙනාටම සාමය සහ ප්‍රීතියයි”. මම දුකෙන් එය නැවත නැවත ගායනා කළෙමි.

මාගේ ආච්චි “ඒ මොන සිංදුවක්ද” කියා ඇසුවාය. ඔවුහු නත්තල ගැන හෝ ක්‍රිස්තුස්වහන්සේ ගැන දැන නොසිටියහ. එම නිසා මම නත්තල ගැන ඔවුන් සමග බෙදා ගත්තෙමි. එම අවස්ථාව මාගේ පාළුව මකා දැමීය.

තණ පිට්ටනිවල බැටළුවන් සහ ඉඳ හිට මතුවන වල් සතුන් සමග සිටි එඬේර දාවිත් පාළුව අත්දැක්කේය. එය එකම අවස්ථාව විය නොහැක. “මම තනිව පීඩාවෙන් සිටිමි” (ගීතාවලිය 25:16) ඔහු පසු කාලයකදී ලිවීය. නමුත් තමාව අසරණ කිරීමට එම පාළුවට ඔහු ඉඩ නුදුන්නේය. ඒ වෙනුවට ඔහු ගායනා කළේ “ස්වාමිනි මාගේ බලාපොරොත්තුව ඔබ කෙරෙහිය” (21 පදය) යනුවෙනි

විටින් විට අපිද පාළුවට මුහුණ දෙන්නෙමු. මේ නත්තලේදී ඔබ කොහේ සිටියත් ඔබ පාළුවේ හෝ සහභාගීකමේ සිටියත් ක්‍රිස්තුස්වහන්සේ සමග මේ කාලයේ ප්‍රීති වීමට ඔබට පුළුවන.