විසිවන සියවසේ මුල් භාගයේදී වේල්සයේ පිබිදීම සිදුවු කාලයේ සිටි බයිබල් ගුරුවරයෙකු සහ කර්තෘවරයෙකු වන ජී. කැම්ප්බල් මෝර්ගන් ඔහු නිරීක්‍ෂණය කළ දෙය විස්තර කරන්නේය. දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්ගේ බලය ඉදිරියට යන බව ඔහු විශ්වාස කළේය. ඒ තරංග මෙන් ශුද්ධවූ ගීතිකා නිදහස් කරමිනි. සංගීතයේ බලපෑමෙන් ස්වෙච්ඡා යාච්ඤාද පව් කියා දීමද ක්‍ෂණික ගායනාද ඔහු දුටු බව ඔහු ලියන්නේය. කෙනෙකුගේ හැඟීම් පාලනය කර ගැනීමට නොහැකිව ඔහු වැඩිපුර යාච්ඤා කරන්නේ නම් හෝ නැතිනම් අන් අයට සුදුසු ලෙස කථා කර ගෙන නොයන්නේ නම් හෝ කෙනෙකු මෘදු ගායනාවක් ආරම්භ කරන්නේය. අනිත් අයද ඊට සෙමින් එකතු වේ. ගීතිකාවේ ශබිදය වැඩි වී අනිත් ශබ්ද යටපත් වේ.

මෝර්ගන් විස්තර කරන ගායනයෙන් පිබිදීම බයිබලයේ තිබේ. එහි සංගීතයට විශේෂ ස්ථානයක් ලැබේ. ජයග‍්‍රහණ සැමරීමට (නික්මයාම 15:1-21), නමස්කාරයෙන් මාළිගාව කැප කිරීමට (2 ලේකම් 5:12-14), සහ හමුදා උපක‍්‍රම වල කොටසක් ලෙසද (20:21-22) ගීතිකා භාවිතා කෙරුණි. බයිබලයේ මැද අපට ගීතිකා පොතක් හමුවේ (ගීතාවලිය 1-15)*. පාවුල් අලුත් ගිවිසුමේ එපීසවරුන්ට ලියූ ලිපියේ අප ආත්මයේ ජිවත්වීම පිළිබඳ විස්තරය කියවමු. “…. ගීතිකා වලින්ද කවි වලින්ද ආත්මික ගී වලින්ද එකිනෙකාට කථා කර….” (එපීස 5:19).

ගැටළුවලදී නමස්කාරයේදී අපගේ මුළු ජීවිතයේදී එක් හඬක් සොයා ගැනීමට අපගේ ඇදහිල්ලේ සංගිතයට පුළුවන. පරණ සහ අළුත් රිද්මයන්හි අප නැවත නැවත නැවුම් වන්නෙමු. බලයෙන් හෝ ශක්තියෙන් නොව අපගේ දෙවියන් වහන්සේගේ ආත්මයෙන් සහ ගීතිකා වලිනි.