එක් සෙනසුරාදා සවසක පිලිප්පි 2:3-4 න් දැඩි ප‍්‍රශ්න එකිනෙකාගෙන් අසන පිණිස එක් තරුණ කණ්ඩායමක සාමාජිකයන් රැස්වුහ. “පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා. නුඹලා එක් එක්කෙනා තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණත් බලන්න”. සමහර අසීරු ප‍්‍රශ්න නම් අන් අයගේ කාරණා ගැන ඔබ සිහිකරන්නේ කෙතරම් කාලයකට වරක්ද? කෙනෙක් ඔබව යටහත් හෝ අහංකාර යයි කියනවාද? ඒ ඇයි? යනාදියයි.

මා ඇහුම්කන් දී සිටින විට ඔවුන්ගේ අවංක පිළිතුරුවලින් මම දිරිමත් වීමි. අපගේ අඩු පාඩුකම් පිළිගැනීම පහසු බව යෞවනයෝ පිළිගත්හ. නමුත් වෙනස්වීම අමාරුය. වෙනස්වීමට ආශාවීමත් අසීරුය. එක් යෞවනයෙකු කීවේ “ආත්මාර්ථකාමිත්වය මාගේ ලේවල තිබේ” කියාය.

අප ගැන ඇති අවධානය අත්හැර අන් අයට සේවය කිරීමට සිත හදා ගැනීමට හැකි වන්නේ අප තුළ ජීවත්වන යේසුස්වහන්සේගේ ආත්මයෙන් පමණි. දෙවියන්වහන්සේ ඔවුන්ට කළ දෙයත් හැකියාව දී ඇති දේවලුත් ගැන ආවර්ජනය කරන්න යයි පාවුල් පිලිප්පිවරුන්ට කියන්නේ එහෙයිනි. උන්වහන්සේ අනුග‍්‍රහයෙන් යුක්තව ඔවුන් පවුලට ඇතුළත් කර ගෙන තම පේ‍්‍රමයෙන් ඔවුන් සනසා ඔවුන්ට උපකාර කිරීමට ආත්මයාණන් දී ඇත (පිලිප්පි 2:1-2). යටහත්කම හැර වෙන කුමකින් අප ඊට ප‍්‍රතිචාර දක්වමුද?

එසේය. වෙනස්වීමට අපට ඇති හේතුව දෙවියන්වහන්සේය. අප වෙනස් කළ හැක්කේත් උන්වහන්සේටම පමණි. ඊට හේතුව අපි අප ගැන ඇති අවධානය අඩු කර යටහත්කමින් අන් අයට සේවය කරන පිණිස “උන්වහන්සේව ප‍්‍රසන්න කිරීමට ආශාවද බලයද දෙන” (13 පදය) හෙයිනි.