මැසචුසේට්ස්හි බොස්ටන් නගරයේ “කඳුළු භාජනය හරහා යෑම” යන සමරු ඵලකයක් ඇත. ඒ 1840 ස් ගණන් වල අයර්ලන්තයේ ඇතිවු අර්තාපල් සාගතයෙන් බේරීමට අත්ලන්තික් සාගරය තරණය කළ අය සිහි කිරීමටය. සෙනග මිලියනයක් පමණ තම ගෙවල් අත්හැර සාගරය තරණය කළෝය. තවත් මිලියනයක් පමණ එම ඛේදවාචකයෙන් මිය ගියෝය. ජෝන් බොයිල් ඕරිලී ඊට “කඳුළු භාජනය” යයි නම් තැබීය. සාගින්න සහ සිත් රිදුම් නිසා මේ ගමන්කරුවෝ අසහන කාලයේදී යම් ප්‍රමාණයක බලාපොරොත්තුවක් සෙවීය.

ගීතාවලිය 55 හි දාවිත් බලාපොරොත්තුව හඹා ගිය ආකාරය ගැන පවසයි. ඔහු මුහුණ දුන් තර්ජන ගැන විස්තර අපි නොදනිතත් ඔහුගේ අත්දැකීමේ බර ඔහුගේ හැඟීම් බිඳීමට ප්‍රමාණවත් විය (4-5 පද). ඔහුගේ ක්‍ෂණික ප්‍රතිචාරය වූයේ යාච්ඤා කිරීමය. “අනේ මට කොබෙයියෙකුගේ මෙන් පියාපත් ඇත්නම්! ඉගිලී ගොස් නිශ්චලව සිටින්නෙමි” (6 පදය) ඔහු කියන්නේය.

දාවිත් මෙන් වේදනාකාරී අත්දැකීම් එන විට ආරක්‍ෂාව සොය පියාඹා යෑමට අපට අවශ්‍ය වේ. ඔහුගේ තත්ත්වය සිතා බලා දාවිත් තීරණය කළේ ඔහුගේ සිත් රිදීම්වලින් පලා දුවනු වෙනුවට දෙවියන්වහන්සේ වෙත දිවීමටය. ඔහු ගායනා කළේ “මම වනාහි දෙවියන්වහන්සේට යාච්ඤා කරන්නෙමි. ස්වාමින්වහන්සේ මා ගළවන සේක” (16 පදය) කියාය.

කරදර පැමිණෙන විට සියලු සැනසීමේ දෙවියන්වහන්සේට ඔබව ඔබගේ අඳුරුම මොහොතවල් සහ ගැඹුරු බියෙන් මුදන්න හැකි බව මතක තබා ගන්න. උන්වහන්සේ ඔබගේ ඇස් වලින් සෑම කඳුළක්ම ඉවත් කිරීමට පොරොන්දු වන සේක (එළිදරව් 21:4). මේ සහතිකයෙන් ශක්තිමත්ව අපට අපගේ කඳුළු තුළින් උන්වහන්සේව විශ්වාස කළ හැකිය.