ක්‍රීඩාගාරයේ සිට මාගේ දියණිය පැසිපන්දු ක්‍රීඩා කරනවා මා බලා සිටින විට පුහුණුකරු එක් වචනයක් කියනවා මට ඇසුණි. ඒ “දෙගුණයක්” කියායි. ක්‍ෂණිකව ඔවුන්ගේ උපක්‍රමය වෙනස් විය. එක්කෙනෙකුට එක්කෙනෙක් වශයෙන් එරෙහිව ක්‍රීඩාකළ ඔවුන් දැන් උසම ක්‍රීඩිකාවට එරෙහිව දෙදෙනෙකු බැගින් ක්‍රියාත්මක විය. ඇය පන්දුව දැමීමට කළ උත්සාහයන් මැඩලීමට ඔවුන්ට හැකි විය. පසුව ඔවුන්ගේ ගෝලය වෙත පන්දුව ගෙන යාමටද ඔවුන්ට පුළුවන් විය.

දේශනාකාරයා ලියු සාලමොන් ලෝකයේ වෙහෙස සහ අසහනයන් සමග අරගල කරන විට අපගේ වෙහෙසීමේදී හවුල්කරුවෙකු සිටීම ඵලදායී බව පිළිගනී (4:9 පදය). කෙනෙකු තනියෙන් සිටින විට “පැරදවිය හැකි නමුත් ඔහුට විරුද්ධව සිටින්ට දෙන්නෙකුට පුළුවන් වෙයි” (12 පදය). අප වැටුණු විට අසල සිටින මිතුරෙකුට අපට උපකාර කිරීමට හැකි වේ (10 පදය).

සාලමොන්ගේ වචන අපව දිරිමත් කරන්නේ අපගේ ගමන අන් අය සමග බෙදා ගැනීමටය. ඒ ජීවිත අරගලවලට තනිව මුහුණ නොදීමටය. අපගෙන් සමහරෙකුට අපට නුහුරු නොදන්නා අවදානමකට මුහුණදීමට සුදානම් වීමට සිදුවේ. අන් අය එවැනි සමීපතාවයක් ඉතා ආශා කරයි. ඔව්හු එය බෙදා ගැනීමට මිතුරෝ සොයා යති. සිද්ධිය කුමක් වූවත් අපි උත්සාහය අත් නොහැරිය යුතු වේ.

සාලමොන් සහ පැසිපන්දු පුහුණුකරුවෝ එකඟ වන්නේ පිට්ටනියේ සහ ජීවිතයේ එන්නාවූ අරගල වලට මුහුණ දීමට හොඳම උපක්‍රමය නම් කණ්ඩායමක් සමග සිටීම කියාය. ස්වාමිනී, අපට දිරිය දී සහයෝගය දීමට ඔබවහන්සේ තබා ඇති සෙනග නිසා ඔබවහන්සේට තුති පුදමු.