“ඒ අහිකුණ්ඨක කොල්ලෙක්” යයි කෙනෙකු මිමිණුවේ 1877 දී රොඩ්නි ස්මිත් ක්‍රිස්තුස්වහන්සේ පිළිගැනිමට සභාව ඉදිරියට පැමිණි විටය. නූගත් අහිකුණ්ඨක දෙමාපියන්ගේ පුත්‍රයෙක් වන මෙම යෞවනයා ගැන කව්රුවත් වැඩිපුර සිතුවේ නැත. නමුත් රොඩ්නි එම හඬවල්වලට සවන් දුන්නේ නැත. තමාගේ ජීවිතයට දෙවියන්වහන්සේ අරමුණක් තබා ඇති බව ඔහු දැන සිටියේය. ඒ හෙයින් ඔහු ඉංග්‍රීසි බයිබලයක් සහ ඉංග්‍රීසි ශබ්ද කෝෂයක් මිළදී ගත්තේය. ලිවීමට සහ කියවීමට ඔහු තනිව ඉගෙන ගත්තේය. “යේසුස්වහන්සේ වෙතට මාර්ගය කේම්බ්‍රිජ්, හාවර්ඩ්, යේල් හෝ කවියන් තුළින් නොවේ. එය පරණ තාලයේ කල්වාරි නම් ලත් කන්ද තුළිනි” යි ඔහු කීවේය. සියලු බාධක මධ්‍යයෙහි රොඩ්නි ඉවැන්ජලිස්තවරයෙක් විය. එක්සත් ජනපදයෙහි සහ එංගලන්තයෙහි බොහෝ අයව යේසුස්වහන්සේ වෙත ගෙන ඒමට දෙවියන්වහන්සේ ඔහුව භාවිතා කළ සේක.

පේත්‍රෑස්ද සරළ මනුෂ්‍යයෙක් විය. රබ්බිවරුන්ගේ පාසැල්වල ඔහුට පුහුණුවක් නොවීය (ක්‍රියා 4:13). “මා පස්සේ එන්න” යන වචන තුනෙන් යේසුස්වහන්සේ ඔහුව කැඳවන විට ඔහු ගලීලයේ ධීවරයෙක් විය (මතෙව් 4:19). නමුත් එම පේත්‍රෑස් ඔහුගේ හැදියාව සහ ඔහු අත්දුටු අසමත්වීම් මධ්‍යයේ පවා පසුව පැවසුවේ යේසුස්වහන්සේ අනුගමණය කරන අය “තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද” (1 පේත්‍රෑස් 2:9) වන බවය.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් සියලු සෙනග ඔවුන්ගේ අධ්‍යාපනය, හැදියාව, ස්ත්‍රී පුරුෂ භාවය හෝ ජනවාර්ගිකත්වය කුමක් වුවද දෙවියන්වහන්සේගේ පවුලේ කොටසක් බවට පත්වී උන්වහන්සේ විසින් භාවිතා වීමට ඔවුන්ට හැකිය. යේසුස්වහන්සේ විශ්වාස කරන සියල්ලන්ට දෙවියන්වහන්සේගේ “විශේෂ වස්තුවක්” විය හැකිය.