මගේ අගනා…. එම කථාව ටොල්කින්ගේ ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස් කථාවේ පළමුවෙන් ප්‍රදර්ශනය කෙරුණි. ගොලම් නැමැති වැහැරුණ රූපය සහ ඔහුගේ බලය ඇති “වටිනා මුද්ද” කෑදරකමේ දැඩි ආශාවේ සහ වියරුවේ වත්මන් සංකේතයක් වී ඇත්තේය.

එසේම එය කරදරකාරී සම්බන්ධතාවයෙහි රූපකයකි. මුද්ද සමග ඇති කර ගෙන තිබෙන ප්‍රේම-වෛර සම්බන්ධය පෙන්නුම් කරන්නේ අපගේ සිත්වල ඇති පිපාසයයි. එය එක් දෙයක් කෙරෙහි අවධානය යොමු කළද නැතිනම් තව වැඩිපුර යමක් ගැන ආශා වුවද අවසානයේදී අපගේ “අගනා” දෙය සොයා ගත් විට අපි තෘත්තිමත් වන්නෙමු යි අපි ස්ථිරතාවයෙන් සිටිමු. නමුත් අපව සම්පූර්ණ කරනු ඇතැයි අප සිතූ දෙය සමහර විට පෙරටත් වඩා අපට හිස් බවක් දෙනු ඇත.

ගිතාවලිය 16 හි දාවිත් කියන ලෙස සාමාන්‍ය ජීවත් වීමට වඩා හොඳ ක්‍රමයක් තිබේ. අපගේ සිතෙහි ඇති ආශාවන්, නිෂ්ඵල බලාපොරොත්තු සුන්වූ තෘප්තිය සොයා අපව ගමනක ගෙන යන්නේය (4 පදය). රැකවරණය සොයා දෙවියන්වහන්සේ වෙත හැරීමට අප මතක් කර ගත යුතුය (1 දය). උන්වහන්සේගෙන් තොරව අපට කිසි දෙයක් නැති බව අප මතක් කර ගත යුතු වේ.

“ඒ තැන” සෑහිම සෙවීමෙන් අපගේ දෑස් නවත්වා දෙවියන්වහන්සේගේ අලංකාරය බලන විට (8 පදය) සත්‍ය තෘප්තිය අප රස විඳින බව අපට වැටහෙනු ඇත. දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි තිබෙන්නේ ප්‍රීතිවන ජීවිතයකි. ඒ “ජීවිත ගමනේ” සෑම මොහොතක්ම අදත් සදාකාලයටත් උන්වහන්සේ ගමග ගමන් කිරීමය.