නීති මාලාවකින් ජීවත්වූ අයෙක් ලෙසට එය මට විශාල පරාජයක් මෙන් දැණුනි. මා කුමක් කරන්නද? මම නින්දට වැටුණෙමි. අපගේ දරුවන් සවසට ගෙදරින් පිටවූ විට ඔවුන්ට නැවත පැමිණිමට මම වෙලාවක් කියා තිබුණි. ඔවුහු හොඳ දරුවෝය. නමුත් මාගේ පුරුද්ද වූයේ ඔවුන් දොර අරින ශබ්දය ඇසෙන තුරු අවදිව සිටීමය. මා එය කළ යුතු නොවීය. නමුත් මම එය තෝරා ගත්තෙමි. එහෙත් එක් රාත්‍රියක මට ඇහැරුණු විට මාගේ දියණිය සිනහමුසු මුහුණින් මට කීවේ “තාත්තේ මම හොඳින්. තාත්තා ගිහින් නිදා ගන්න” කියාය. හොඳම අරමුණු මධ්‍යයෙහි වුවද පියවරු තම යුතුකම් අතරතුර නින්දට වැටෙන්නේය. එය අපව යටහත් කරයි. එසේම එය මනුෂ්‍ය ගුණාංගයකි.

නමුත් එය දෙවියන්වහන්සේට සිදුවන්නේ නැත. උන්වහන්සේ තම දරුවන්ගේ රැකවලා සහ භාරකරු ලෙස ගීතාවලිය 121 ස්ථිර කරයි. ගීතිකාකරු පවසන්නේ අප ආරක්‍ෂා කරන තැනන්වහන්සේට නිදිබරවීමක් නැති බවය (3 පදය). අවධාරණය පිණිස ඔහු එය නැවත 4 වන පදයේ ප්‍රකාශ කරන්නේය. උන්වහන්සේට “නිදිබර වීමක්වත් නිදා ගැනීමක්වත් නැත”.

ඔබට එය සිතා ගැනීමට හෝ පුළුවන්ද? උන්වහන්සේගේ රාජකාරී ස්ථානයේ උන්වහන්සේ නිදි කිරා වැටෙන්නේ නැත. උන්වහන්සේ සැම විට අප දෙස බලා සිටින සේක. පුත්‍රයන්, දුවරුන්, මාමලා, නැන්දලා සහ අම්මලා වගේම තාත්තලාත් ඇතුළත්ය. උන්වහන්සේ මෙය කළ යුතුම නැත. නමුත් උන්වහ්නසේගේ ශ්‍රේෂ්ඨ ප්‍රේමය නිසා උන්වහන්සේ එය තෝරා ගත් සේක. එම පොරොන්දු අනිවාර්යයෙන්ම ගායනා කිරීමට අපට හේතුවකි.