විශ්ව විද්‍යාලයෙන් පිටවූ පසු තාක්‍ෂණික උපදෙස් සමාගමක් මාව බඳවාගත්තේය. එක් පරිඝණක කේතයක්වත් ලිවීමට මම නොදැන සිටියෙමි. එසේම මට තිබුණේ ඉතා අල්ප ව්‍යාපාරික දැනුමකි. බඳවා ගැනිමේ සම්මූඛ පරීක්‍ෂණයේදී මා දැන ගත්තේ සමාගම වැඩ පුහුණුව ගැන එතරම් නොතැකූ බවය. ඒ වෙනුවට ඔවුන්ට අවශ්‍ය වූයේ පුද්ගලික ගුණාංග, ගැටළු නිරාකරණය කර ගැනීමේ හැකියාව, හොඳ විමසීමේ ශක්තිය සහ කණ්ඩායමක් සමග වැඩ කිරීමේ හැකියාවය. සමාගම අනුමාන කළේ සමාගම සොයන ආකාරයේ පුද්ගලයන් හමුවුවහොත් සේවකයන්ට අවශ්‍ය දේවල් පුහුණු කළ හැකි බවය.

නෝවාට නැව සෑදීමට අවශ්‍ය සුදුසුකම් තිබුණේ නැත. ඔහු බෝට්ටු සාදන්නෙකු හෝ වඩුවෙකු නොවීය. නෝවා ගොවියෙකු විය. මඩ ගාගෙන නගුලක් අතට ගත් විට ඔහු තෘප්තියට පැමිණියේය. නමුත් එකල ලොව තිබු නපුර ගැන ක්‍රියා කිරීමට දෙවියන්වහන්සේ තීරණය කළ ක්‍රමයට නෝවා කැපී පෙණුනි. එයට හේතුව නෝවා විශ්වාසවන්තව දෙවියන්වහන්සේ සමග හැසිරුණු නිසාය (උත්පත්ති 6:9). දෙවියන්වහන්සේ නෝවාගේ හදවතේ තිබු ඉගෙනිමට ඇති ආශාව අගය කළ සේක. එසේම අවට තිබු දුෂිත භාවයට එරෙහිව සිට නිවැරදි දේ කිරීමට හැකියාව ඔහුට තිබුණි.

දෙවියන්වහන්සේට සේවයකිරීමේ අවස්ථා අපට පැමිණි විට එම වැඩයට අප නුසුදුසුයයි අපට සිතිය හැකිය. ස්තුතිවන්ත වීමට කරුණක් නම් දෙවියන්වහන්සේ අපගේ නිපුණත්ව කට්ටලයක් ගැන කරදර නොවීමය. උන්වහන්සේ අපගේ චරිතය උන්වහන්සේට ඇති ප්‍රේමය උන්වහන්සේව විශ්වාස කිරීමට කැමැත්ත අගය කරන සේක. ආත්මයාණන්ගේ උපකාරයෙන් අප මෙම ගුණාංග වර්ධනය කරගත් විට උන්වහන්සේ මේ ලෝකයට තබා ඇති කැමැත්ත ඉෂ්ට කර ගැනීමට උන්වහන්සේට අපව විශාල ලෙසද කුඩාවටද භාවිතා කිරීමට හැකිය.