සෑමදාම කුමක් හෝ හේතුවක් නිසා තමා ඉක්මණින් පාසැල වෙත යා යුතු බව ස්ටීවන් තම දෙමාපියන්ට කීවේය. එය වැදගත් වන්නේ මන්ද කියා ඔහු කිසිවිටෙක තම දෙමාපියන්ට කීවේ නැත. එසේ වුවත් ඔවුන් සෑම උදයකම පෙ.ව. 7.15 වන විට ඔහුව පාසැලට ඇරලූහ.

ඔහු කණිෂ්ඨ වසරේ සිටින කාලයේ එක් ශීත සෘතුවේ දිනයක ඔහුගේ ජීවිතය උදුරාගත් රිය අනතුරකට මුහුණ දුන්නේය. පසුව ඔහුගේ දෙමාපියන්ට ඔහු එතරම් ඉක්මණින් පාසැලට ගිය හේතුව සොයා ගත හැකි වුනි. ඔහුත් තවත් මිතුරන් කිහිප දෙනෙකුත් එකතුව පාසැලට පැමිණෙන සියලු සිසුන්ට සිනහවකින්, අත් වැනීමකින් හෝ වචනයකින් සංග්‍රහ කළෝය. එයින් සෑම සිසුවෙක්ම, වැඩිය ජනප්‍රිය නැති සිසුන් පවා තමන්ට පිළිගැනීමක් ඇතැයි යන හැඟීම ලැබූහ.

යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයෙක් වූ ස්ටීවන්ට තමන් සතු ප්‍රීතිය, එය ඉතා අවශ්‍ය අය සමග බෙදා ගැනීමට උවමනා විය. ඔහුගේ ආදර්ශය අපට මතක් කරන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය බැබළවීමේ යහපත් ක්‍රමයක් නම් කරුණාවන්තකමේ සළකුණු සහ පිළිගැනීමේ ආකල්පය බවය.

මතෙව් 5:14-16 හි යේසුස්වහන්සේ පෙන්නුම් කරන්නේ අප ලෝකයේ ආලෝකය බවත් කන්දක් උඩ සාදන ලද නුවරක් බවත්ය (14 පදය). පුරාණ නගර බොහෝ විට හුණුගල් වලින් ගොඩ නැගුණි. ඒවා හිරු එළියට නිරාවරණය වන විට අලංකාර ලෙස බැබළිණි. ඒ හෙයින් සැඟවී නොසිට නිවසේ සිටින සියල්ලන්ට ආලෝකය පැතිරවීමට අපි තෝරා ගනිමු (15 පදය).

අප අන් අය ඉදිරියෙහි ආලෝකය පතුරුවන විට (16 පදය) ක්‍රිස්තුස්වහන්සේගේ පිළිගන්නාවූ ප්‍රේමය ඔවුන් අත්දකීවා.