සෑම සරත් සෘතුවේම තීන්ත ගා සිටින කැස්බෑවා ශීත සෘතුව එන බව දනී. ඇය තමා සිටින පොකුණේ පතුලටම කිමිදී මඩෙහි එරී සිටියි. ඇය කටුව තුළට වී නිශ්චල වේ. ඇයගේ හදවතේ ස්පන්දනය නවතින තරමට අඩුවේ. ඇගේ ශරීර ඌෂ්ණත්වය අවම වේ. හුස්ම ගැනීම නවත්වයි. ඇය බලා සිටී. හය මාසයක් ඇය මඩ යට ජීවත් වේ. ඇයගේ ශරීරය කැල්සියම් ඇයගේ රුධිර ප්‍රවාහයට නිකුත් කරයි. ඇයගේ හැඩය ටිකෙන් ටික වෙනස් වේ.

නමුත් හිම දියවන විට ඇය මතු පිටට එන්නීය. නැවත හුස්ම ගනී . ඇයගේ ඇටකටු ප්‍රකෘතිමත් වේ. ඇයගේ කටුව මතු පිටට හිරු රශ්මියේ උණුසුම ඇයට දැනේ.

දෙවියන්වහන්සේ වෙනුවෙන් බලා සිටීම ගීතිකාකරු විස්තර කරන විට මට මේ කැස්බෑවා මතක් වන්නේය. ගිතිකාකරු මඩ වලක සිටී. දෙවියන්වහන්සේ ඔහුට ඇහුම්කන් දෙයි (ගීතවලිය 40:2). දෙවියන්වහන්සේ ඔහුව පිටතට ගනී. පාද තැබීමට තද පොළොවක් දෙයි. “ඔබ මාගේ උපකාරයය. මාගේ මිදුම්කාරයාණෝය” (17 පදය) කියා ඔහු ගායනා කරයි.

යමක් වෙනස්වන තුරු ඔබ සදාකල් ඉන්නවාක් මෙන් ඔබට දැනෙනවා විය හැකිය. ඔබගේ ජීවිතයේ අලුත් දිසාවක් සඳහා, සම්බන්ධතාවයක් නැවත ගොඩ නැගීම සඳහා, නරක පුරුද්දක් කඩා දැමීමට චිත්ත ධෛර්්‍යය සඳහා, අසීරුතාවයකින් ගැළවීම සඳහා ඔබ බලා සිටිනවා විය හැකිය. තීන්ත ගා ඇති කැස්බෑවා සහ ගීතිකාකරු අපට මතක් කරන්නේ උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන ලෙසටය. උන්වහන්සේ අසන සේක. උන්වහන්සේ ගළවා ගන්නා සේක.