කුඩා කාලයේදී තමාගේ බාල නැගණියට සළකන ලද ආකාරය ගැන දීපිකාගේ සිත වසර ගණනාවක් ඉතා ගැඹුරු දොස් කීමකින් බරවී තිබුණි. ඇය තම නැගණියගෙන් සමාව ඉල්ලා ඇගෙන් සමාව ලැබ ගත්තත් සිත දොස් කීම පහවූයේ නැත.

යෙසායා 6:1-5 වාර්තා කරන්නේ යෙසායා දෙවියන්වහන්සේ ගැන දර්ශනයක් දැකීම සහ ඔහුගේ පාපකාරී ස්වභාවය පිළිබඳව දොස් කීමෙන් නිදහස් වීමයි. ඔහුගේ තොල් ගිනිගෙන දැවෙන ගල් අඟුරින් ස්පර්ශ වූ විට “නුඹේ අපරාධය පහ කරන ලද්දේය” (7 පදය) යන සැනසීමේ වදන් ඔහුට ඇසුණි. මාලිගාවේ තිබූ අඟුරු බොහෝ විට මෑතකදී මරණ ලද බැටළුවෙකුගේ රුධිරයෙන් වැසී තිබේ. මෙයින් යේසුස්වහන්සේගේ පූජාව පෙන්නුම් කරන්නේය. දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණන් කුරුසියේ මිය යන විට අපගේ පාප සහ දොස් තැබීම් උන්වහන්සේ මතට මාරු විය (1 පේත්‍රෑස් 2:24).

දඬුවම් ලැබීමට සුදුසු අපරාධයක් හෝ පාපයක් අප කළ විට අප වරදකරුවෝ වන්නෙමු. මේ සමග දොස් තැබීමේ හැඟීමද ඇති වන්නේය. වැරදි දෙයක් කළ විට භක්තිවන්ත කිතුණුවෝ පවා මෙම හැඟීමෙන් පෙළෙති.

දොස් තැබීම අපව පසුතැවිල්ලට යොමු කරන්නේ නම් එය යහපති. නමුත් අපට සමාව ලැබුණු පසුත් දොස් තැබීමේ ගිලිී සිටීම අපගේ නිදහස සොරකම් කරන්නේය. ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ මනහර සත්‍යය නම් දොස් තැබීමේ බරෙන් අප සම්පූර්ණයෙන් නිදහස් වන පිණිස ක්‍රිස්තුස්වහන්සේ අපගේ සිත දොස් කීම ඉවත් කරන බවයි. යේසුස්වහන්සේ නිසා අපි තවදුරටත් දොස් කීමෙන් හෝ ලැජ්ජාවෙන් හෝ පෙළෙන්ට අවශ්‍ය නැති හෙයින් අපි ප්‍රීති වෙමු. අපට සමාව ලැබී තිබේ.