එක්සත් ජනපද හමුදා සොල්දාදුවෙකු වන ඩෙස්මන්ඩ් ඩොස් ගේ වීර ක්‍රියාවන් 2016 “හැක්සෝ රිඡ්” චිත්‍රපටියේ දැක්වේ. ඩොස්ගේ විශ්වාසයන් නිසා ඔහු මිනිස් ජීවිත නැතිවී යාමට ඉඩ නොදෙන අතර, හමුදා වෛද්‍යවරයෙකු ලෙස ඔහු ජීවිත ආරක්‍ෂා කරගැනීමට කැපවී සිටියේ තමන්ට ඇති අවධානම පවා නොතකාය . 1945 ඔක්තෝබර් 12 වන දින ඩොස්ගේ පදක්කම් සම්මාන උළෙළේදී කියවන ලද උපුටා දැක්වීම් වලට මෙම වචන ඇතුලත් වී තිබුණි: “නිල නොවන පළමු පන්තියේ ඩොස් ආරක්‍ෂාව සෙවීම ප්‍රතික්‍ෂේප කළ අතර පීඩාවට පත්ව සිටි අය සමඟ ගින්නෙන් විනාශ වූ ප්‍රදේශයේ රැඳී සිට සානුවේ බෑවුම වෙත ඔවුන් එක් එක්කෙනා ඔසවාගෙන ගියේය. කාලතුවක්කු නිලධාරියෙකුට සහය වීම සඳහා ඔහු සතුරාගේ ශෙල් වෙඩි ප්‍රහාර හා කුඩා ආයුධ වෙඩි තැබීම් නොසළකා නිර්භීතව ඉදිරියට ගියේය.”

11වන ගීතාවලියේ දාවිත් රජතුමාගේ රැකවරණය දෙවියන්වහන්සේ තුළ ඇති බවට වූ විශ්වාසය නිසා ඔහුගේ සතුරන්ට මුහුණ දීමට වඩා පලා යෑමේ යෝජනා වලට විරුද්ධ වීමට ඔහුට පුළුවන් විය (2-3 පද). ඔහුගේ ඇදහිල්ලේ ප්‍රකාශයට ඇතුලත් වූයේ සරල වචන හයක් පමණි: “ මම ස්වාමින් සරණ කොට ගනිමි” (ගීතාවලිය 11:1). මෙම ගැඹුරු විශ්වාසය ඔහුගේ හැසිරීම මෙහෙයවනු ඇත.

4-7 පද වල දාවිත්ගේ වචන දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්‍වය වඩා විශාල කළේය. ජීවිතය සමහර විට යුධ පිටියක් මෙන් විය හැකි අතර, සෞඛ්‍ය අභියෝග හෝ මූල්‍ය හෝ සම්බන්ධතා හෝ අධ්‍යාත්මික ආතතීන් අප මත “බෝම්බ” මෙන් වැටෙන අවස්ථාවලද,ී ඒ සතුරු ගින්නකට හසුවීමෙන් අප ආරක්‍ෂා වීම සඳහා විසිරී යා හැකිය. ඉතින්, අප කළ යුත්තේ කුමක්ද? දෙවියන්වහන්සේ විශ්වයේ රජ බව පිළිගන්න (4 පදය); ඉතාමත් නිවැරදිව වින්ශ්චය කිරීමට උන්වහන්සේගේ පුදුමාකාර හැකියාව ගැන ප්‍රීති වන්න (5-6පද); එලෙසම නිවැරදි, අවංක සහ සාධාරණ දේ ගැන උන්වහන්සේගේ ප්‍රමෝදයෙහි රැඳී සිටින්න (7 පදය). අපට රැකවරණය සඳහා දෙවියන්වහන්සේ වෙත වේගයෙන් දිව යා හැකිය!