සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ලේඛක සී.එස්. ලුවිස් පළමුවෙන්ම යේසුස්වහන්සේට සිය ජීවිතය දුන් විට දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම ගැන ඔහු මුලින් විරුද්ධ වුනි. කොටින් කිවහොත් ඔහු එය හැඳින්වූයේ “බාධාවක්” ලෙසිනි. ඔහුගේ අරගලය වූයේ “දෙවියන්වහන්සේම එය ඉල්ලා සිටින්නේය යන යෝජනාව” කෙරෙහිය. නමුත් අවසානයේදී ලුවිස් තේරුම් ගත්තේ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සෙනගට “උන්වහන්සේගේ අභිමුඛයෙන් කථා කරන්නේ නමන්කාර කිරීමේ ක්‍රියාවලිය තුළදී” බවයි. එවිට අපි “දෙවියන් වහන්සේගේ පරිපූර්ණ ප්‍රේමය තුළ” ප්‍රීතිය සොයා ගන්නෙමු. ඒ තමන්ගේ දීප්තිය මගින් දීප්තිය ලබා ගන්නා කණ්නාඩියක් ආකාරයෙනි.

අනාගත වක්තෘ හබක්කුක් මෙම නිගමනයට පැමිණියේ සියවස් ගණනාවකට පෙරය. යුදාහි වැසියන්ට විරුද්ධව පැමිණි නපුරුකම් ගැන දෙවියන්වහන්සේට පැමිණිළි කිරීමෙන් පසු හබක්කුක් තේරුම් ගත්තේ උන්වහන්සේට ප්‍රශංසා කිරීම ප්‍රීතියට හේතු වන බවයි. ඒ දෙවියන්වහන්සේ කරන දේ නිසා නොව උන්වහන්සේ උන්වහන්සේම නිසාවෙනි. එම නිසා තම රටේ හෝ ලෝක අර්බූදයකදී හෝ වේවා දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨව සිටින සේක. අනාගත වක්තෘ ප්‍රකාශ කරන ආකාරයට :

“මක්නිසාද අත්තික්කා ගස දළු නොලෑවත්; මුද්‍රික වැල්වල ඵලදාවක් නොතිබුණත්; ඔලීව ගසේ ඵල හට නොගත්තත්; කෙත්වලින් භෝජන නොලැබුණත්; ගාලෙන් එළු බැටළු රැළ සිඳ දමනු ලැබුවත්; පට්ටිවල ගවයන් නැතුව ගියත්; මම වනාහි ස්වාමින්වහන්සේ කෙරෙහි සන්තෝෂ වන්නෙමි” (හබක්කුක් 3:17-18). ඔහු තවදුරටත් “මාගේ ගැළවීමේ දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වන්නෙමි” කියා එයට එකතු කරන්නේය.

සී.එස්. ලුවිස් තේරුම් ගත්තාක් මෙන් “මුළු ලෝකයම ප්‍රශංසාවෙන් නාද වේ”. ඒ අනුව හබක්කුක්ද නිතරම දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීමට තමන්ව යටත් කළ අතර “සදාකාල ගමනේ යන” තැනන්වහන්සේ තුල බලවත් ප්‍රීතියක් ලබා ගත්තේය (6 පදය).